Advertise here

බලවත්ම සුළි කුණාටුව හොංකොං වෙත ළඟා වෙයි 

Facebook
Twitter
WhatsApp
Telegram
👁️ 2,520 Views

මේ වසරේ ලොව බලවත්ම නිවර්තන සුළි කුණාටුව ලෙස සැලකෙන “රගසා” (Typhoon Ragasa) හොංකොං වෙත ළඟා වීමත් සමඟ නගරයේ ක්‍රියාකාරකම් මුළුමනින්ම පාහේ අඩපණ වී ඇති බව වාර්තා වනවා.

බලධාරීන් විසින් ඉහළම අනතුරු ඇඟවීමේ මට්ටම වන “ටයිෆූන් සිග්නල් 10” නිකුත් කර ඇති අතර, ව්‍යාපාර සහ ප්‍රවාහන සේවා වසා දමන ලෙස ජනතාවට උපදෙස් දී තිබෙනවා.

හොංකොං පදනම් කරගත් ප්‍රධාන ගුවන් සමාගම් හතරට අයත් ගුවන් යානා වලින් 80%ක් පමණ සහ පෞද්ගලික ජෙට් යානා බහුතරයක් කුණාටුවෙන් සිදුවිය හැකි අලාභහානි වළක්වා ගැනීමේ අරමුණින් වෙනත් රටවලට ඉවත් කරගෙන ඇති බවයි ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරන්නේ.

මෙම ගුවන් යානා ජපානය, චීනය, කාම්බෝජය, යුරෝපය, සහ ඕස්ට්‍රේලියාව වැනි රටවල ගුවන් තොටුපළ වෙත යවා තිබීම විශේෂත්වයක්.

මෙම තත්ත්වය හමුවේ, හොංකොං ජාත්‍යන්තර ගුවන් තොටුපළේ සියලුම ගුවන් ගමන් ගොඩබෑම් සහ පිටත්වීම් පැය 36ක කාලයක් සඳහා අත්හිටුවා තිබෙනවා.

👁️ 2,520 Views

More News..

Advertise here