Advertise here

තායිලන්තයේ බැංකොක්හි රෝහලක් ආසන්නයේ ඇතිවූ අඩි 164ක් පමණ ගැඹුරට දැවැන්ත ගිලාබැසීමක්

Facebook
Twitter
WhatsApp
Telegram
👁️ 2,820 Views

තායිලන්තයේ බැංකොක්හි රෝහලක් ආසන්නයේ ඇතිවූ අඩි 164ක් පමණ ගැඹුරට සිදුවූ දැවැන්ත ගිලාබැසීමක් හේතුවෙන් ප්‍රදේශයේ ජලය, විදුලිය, ගමනාගමනය ඇතුළු බොහෝ කටයුතු අඩාල වී තිබෙනවා.

වැජිරා රෝහල ඉදිරිපිට සිදුවූ මෙම ගිලාබැසීම වර්ග මීටර් 900ක් පමණ දක්වා විහිදී ඇති බවයි එරට වාර්තා පැවසුවේ.

බැංකොක් ආණ්ඩුකාර චැඩ්චාට් සිත්තිපුන්ට් පැවසුවේ, නලයක් පුපුරා යාම හේතුවෙන් ජල හා විදුලි රැහැන් ද කපා හැර ඇති බවයි.

අගමැති අනුතින් චාර්න්විරකුල් ප්‍රකාශ කළේ, භූගත දුම්රිය ඉදිකිරීමකින් පස් ලිස්සා යමින් තිබූ බවයි.

මෙමගින් කිසිදු මරණයක් හෝ තුවාලකරුවෙක් වාර්තා වී නොමැති බවද ඔහු සඳහන් කළා.

සිද්ධිය හේතුවෙන්වැජිරා රෝහල නිවේදනය කළේ සිදුවීම අතරතුර රෝගීන් භාර ගැනීම නවතා දමන බවයි.

කෙසේ වෙතත්, ආණ්ඩුකාරවරයාට අනුව, රෝහලට ගැටළු නොමැති නමුත්, පොලිස් ස්ථානයක කටයුතු කරගෙන යාමට ද බාධා එල්ල වී තිබෙනවා.

එම ස්ථානය තවමත්අනතුරුදායක බැවින් මහජනයා ඉවත් කර ඇති බවයි වාර්තාවල දැක්වෙන්නේ.

👁️ 2,820 Views

More News..

Advertise here