ආසියානු කුසලානයේ ශ්‍රී ලංකාව හා පාකිස්ථානය අතර තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 133කට සීමා කරන්නට පාකිස්ථාන කණ්ඩායම සමත් වුණා.
තරගයේ කාසියේ වාසිය දිනාගත් පාකිස්ථාන නායකයා පළමුවෙන් පන්දු රැකීමට තීරණය කරා.
ඒ අනුව පන්දුවට පහර දීම සඳහා පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායමට කඩුළු 08ක් දැවී ලබා ගත හැකිවුනේ ලකුණු 133 පමණයි.
ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරම්භක පිතිකරු කුසල් මෙන්ඩිස් තමා මුහුණ දුන් ප්‍රථම පන්දුවෙන්ම කිසිඳු ලකුණක් නොලබා දැවිගියා.
අනෙක් ආරම්භක පිතිකරුවා වූ පැතුම් නිස්සංක පන්දු 07කට ලකුණු 08ක් ලබා සිටියදී නැවත ක්‍රීඩාගාරය වෙත හරවා යවන්නට පාකිස්ථාන පන්දු යවන ක්‍රීඩක Shaheen Afridi සමත් වුණා.
ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් වැඩිම ලකුණු ලාභියා වූ කමිඳු මෙන්ඩිස් ලකුණු 50ක් ලබා සිටියදී දැවීගියා.
පන්දු යැවීමේදී පාකිස්ථාන කණ්ඩායාම වෙනුවෙන් Shaheen Afridi ලකුණු 28කට කඩුළු 3ක් දවා ගත් අතර Haris Rauf කඩුළු 02ක් දවාගත්තා