කළුතර, වස්කඩුව, කෝන්ගස් හන්දිය දුම්රිය හරස් මාර්ගයේදී මෝටර් රථයක් දුම්රියේ ගැටී රථයක් ලක්වීමෙන් එහි ගමන් ගත් දෙදෙනකු තුවාල ලබා තිබෙනවා.
ප්‍රදේශවාසීන් විසින් අනතුරින් තුවාල ලබා මෝටර් රථය තුළ සිරවී සිට ඇති දෙදෙනා පිටතට ගෙන රෝහලකට ඇතුළත් කරන්නට කටයුතු කර තිබුණා.
පොලිසිය සැක කරන්නේ හරස් මාර්ගයේ ක්‍රියාත්මක ස්වයංක්‍රීය දුම්රිය ආරක්ෂක විදුලි පද්ධතිය නොතකා රියදුරු මෝටර් රථය ධාවනය කිරීම අනතුරට හේතු වන්නට ඇති බවයි.
සිද්ධිය සම්බන්ධයෙන් කළුතර උතුර පොලීසිය වැඩිදුර විමර්ශන පවත්වනවා.
👁️ 400 Views