ප්‍රවීණ රංගන ශිල්පී නලීන් ප්‍රදීප් උඩවෙල මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා.
අද (23) අලුයම අභාවප්‍රාප්තවන විට ඔහුගේ වයස අවුරුදු 56ක්.
මහරගම අපේක්ෂා රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඔහු අභාවප්‍රාප්ත වී ඇති බවයි පවුලේ ආරංචිමාර්ග පැවසුවේ.
නලීන් ප්‍රදීප් උඩවෙල මහතා, වේදිකාව, සිනමාව මෙන්ම ටෙලිනාට්‍ය තුළින් ද සිය රංගන හැකියාවන් ලාංකීය ප්‍රේක්ෂකයාට උරුමකර දුන් ඉතා දක්ෂ කලාකරුවෙකි.
👁️ 2,240 Views