Advertise here

පලස්තීනය රාජ්‍යයක් ලෙස පිළිගන්නා බව ප්‍රංශ ජනපති කියයි

Facebook
Twitter
WhatsApp
Telegram
👁️ 2,040 Views


ප්‍රංශය නිල වශයෙන් පලස්තීනය රාජ්‍යයක් ලෙස පිළිගත්තා.

නිව්යෝර්ක්හි පැවැත්වෙන පලස්තීනය හා ඊශ්‍රායලය සඳහා වන එක්සත් ජාතීන්ගේ දෙදින සමුළුවේදී අදහස් දක්වමින් ජනාධිපති එමානුවෙල් මැක්‍රොන් මේ බව නිවේදනය කළා.

ඔහු පැවසුවේ සාමය සඳහා කාලය දැන් පැමිණ ඇති බවයි.

ගාසාවේ පවතින යුද්ධය සාධාරණීකරණය කිරීමට කිසිවක් නොමැති බව ඔහු කියා සිටියා.

මෙම ගැටුමට ද්වි රාජ්‍ය විසඳුමක් සඳහා වන සැලසුම් කෙරෙහි අවධානය යොමු කරමින් ප්‍රංශය සහ සෞදි අරාබිය එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිවාරයේදී විශේෂ සමුළුවක් පවත්වනු ලබනවා.

එයට ජර්මනිය, ඉතාලිය සහ ඇමරිකාව සහභාගී නොවූ බවයි වාර්තා වන්නේ.

මීට පෙර බ්‍රිතාන්‍යය, කැනඩාව, ඕස්ට්‍රේලියාව සහ පෘතුගාලය පලස්තීනය පිළිගැනීමට ලක්කළා.

ඉන්පසු බෙල්ජියම, ලක්සම්බර්ග්, මෝල්ටාව, ඇන්ඩෝරා සහ සැන් මරිනෝ ද පලස්තීනය රාජ්‍යයක් පිළිගැනීමට නියමිතයි.

👁️ 2,040 Views

More News..

Advertise here