දක්ෂිණ අධිවේගී මාර්ගයේ කිලෝ මිටර් 12 බණ්ඩාරගම බද්දේගොඩ ප්‍රදේශයේදී ධාවනය වූ මෝටර් රථයක් මාර්ගය හරහා ගමන් ගත් තලගොයයෙකුට තිරිංග තද කිරීමත් සමඟම ඊට පිටුපසින් ධාවනය වූ සුඛෝභෝගි මගි බස් රථයක ගැටීමෙන් ඊයේ (21) අනතුරක් සිදුව තිබෙනවා.
මෙලෙස අනතුරකට ලක්ව ඇත්තේ එකම පවුලේ පිරිසක් ගමන් ගත් මෝටර් රියක සිටි කාන්තාවක සහ ඇගේ දරුවන් තිදෙනා.
එම මෝටර් රථය පදවා ඇත්තේ එම කාන්තාව විසින්. මෙම අනතුරින් රියේ සිටි කතගේ සැමියාට තුවාල සිදුවී නැහැ.
අනතුර සිදුකළ බස් රථ රියැදුරු පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
👁️ 1,340 Views