අයවැයෙන් සිදුකිරීමට යෝජිත කප්පාදු කිරීම්වලට එරෙහිව ප්‍රංශයේ දැවැන්ත විරෝධතාවක් සංවිධානය කර තිබේ.
වෘත්තීය සමිති විසින් සංවිධානය කර ඇති මෙම විරෝධතා සඳහා ගුරුවරුන්, දුම්රිය රියදුරන්, සෞඛ්‍ය කාර්යමණ්ඩල සමාජිකයින් මෙන්ම තරුණ තරුණියන් විශාල පිරිසකගේ ද සහාය හිමිව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
2023 වසරේ විශ්‍රාම වයස් සීමාව සංශෝධනයට එරෙහිව පැවති විරෝධතාවයෙන් අනතුරුව ප්‍රංශය තුළ මෙවැනි දැවැන්ත විරෝධතාවයක් සංවිධානය වූ පළමු අවස්ථාව මෙය වන අතර මේ සඳහා පුද්ගලයින් ලක්ෂ 6ත් 9ත් අතර පිරිසක් සහභාගී වනු ඇතැයි ද අපේක්ෂා කෙරේ.
විරෝධතා හේතුවෙන් ඇතැම් ප්‍රදේශවල දෛනික කටයුතු ද අඩාල වී ඇති බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කර සිටී.
👁️ 740 Views