Advertise here

සාමාන්‍ය පෙළ විභාගය 2025 (2026) අයදුම්පත් කැඳවීම ඇරඹෙයි

Facebook
Twitter
WhatsApp
Telegram
👁️ 4,900 Views

විභාග දෙපාර්තමේන්තුව විසින් 2025 (2026) අධ්‍යයන පොදු සහතික පත්‍ර (සාමාන්‍ය පෙළ) විභාගය සඳහා අයදුම්පත් කැඳවීම ඊයේ (18) දින සිට ආරම්භ කර ඇති බව නිවේදනය කරනවා.

ඒ අනුව, මෙම විභාගය සඳහා අයදුම්පත් ඉදිරිපත් කිරීම සැප්තැම්බර් 18 වනදා සිට ඔක්තෝබර් 09 වනදා දක්වා මාර්ගගත (Online) ක්‍රමය මඟින් පමණක් සිදු කළ යුතු බවයි විභාග කොමසාරිස් ජනරාල් ඒ.කේ.එස්. ඉන්දිකා කුමාරි ලියනගේ විසින් නිකුත් කරන ලද මාධ්‍ය නිවේදනයේ සඳහන්.

එහිදී, පාසල් අයදුම්කරුවන්, අදාළ අයදුම්පත් තම පාසලේ විදුහල්පතිවරයා මඟින් මාර්ගගතව ඉදිරිපත් කළ යුතුය. අයදුම්පත් ඉදිරිපත් කිරීම සඳහා අවශ්‍ය පරිශීලක නාම (User Name) හා මුරපද (Password) දැනටමත් පාසල් ප්‍රධානීන් වෙත ලබා දී ඇති බවයි එම නිවේදනයේ සඳහන්.

අයදුම්කරුවන් විසින් ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවි වන www.doenets.lk හෝ www.onlineexams.gov.lk/eic වෙත පිවිස අදාළ උපදෙස් හොඳින් කියවා නිවැරදිව අයදුම්පත් ඉදිරිපත් කළ යුතුය.

එලෙසම, ඉදිරිපත් කරන ලද අයදුම්පතේ මුද්‍රිත පිටපතක් ලබා ගෙන, අවශ්‍ය අවස්ථාවකදී ඉදිරිපත් කිරීම සඳහා තමන් භාරයේ සුරක්ෂිතව තබා ගන්නා ලෙස විභාග දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ සඳහන්.

👁️ 4,900 Views

More News..

Advertise here