Advertise here

තරගය අතරතුර වු අනතුරෙන් පසු පිටියෙන් ඉවත් වුණ විනිසුරු

Facebook
Twitter
WhatsApp
Telegram
👁️ 1,300 Views

පකිස්ථානය සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය අතර ඊයේ (17) පැවති තරගය අතරතුර ශ්‍රී ලංකික විනිසුරු රුචිර පල්ලියගුරුගේ අනතුරකට මුහුණ පා තිබෙනවා.

මෙම අනතුර සිදුවූයේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඉනිමේ හයවැනි පන්දුවාරයේදීයි. එහිදී, පන්දු රකින්නකු පන්දු යවන්නා වෙත යොමු කළ පන්දුවක් නොසිතූ මොහොතක විනිසුරු රුචිර පල්ලියගුරුගේගේ හිස පිටුපස වැදී තිබෙනවා.

මෙම සිදුවීමත් සමඟම පාකිස්ථාන ක්‍රීඩකයන් තරගය නවතා දමා විනිසුරුවරයා වෙත දිව ගොස් ඔහුගේ තත්ත්වය සොයා බැලුවා. මෙහිදී පන්දු යවූ ක්‍රීඩකයා වහාම විනිසුරුවරයාගෙන් සමාව ඉල්ලා සිටියා.

වෛද්‍ය පරීක්ෂාවකින් පසු, පූර්වාරක්ෂක පියවරක් ලෙස රුචිර පල්ලියගුරුගේ පිටියෙන් ඉවත් වුණ අතර ඔහුගේ ස්ථානයට අතිරේක විනිසුරුවරයෙකු පත් කෙරුණා.

👁️ 1,300 Views

More News..

Advertise here