Advertise here

තිස්සමහාරාමයේ ඇළක තිබී පුද්ගල මළ සිරුරක්

Facebook
Twitter
WhatsApp
Telegram
👁️ 1,680 Views

තිස්සමහාරාම පොලිස් වසමේ සඳුන්ගම ප්‍රගති මාවත ප්‍රදේශයේ ඇළක තිබී පුද්ගල මළ සිරුරක් සොයා ගෙන තිබේ.

ඊයේ (17) සවස් කාලයේ තිස්සමහාරාම පොලිස් ස්ථානයට ලද තොරතුරක් මත විමර්ශන ආරම්භ කර ඇත.

මරණකරු අවුරුදු 45ක තිස්සමහාරාම ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. 

මරණකරු සිය මිතුරකු හා ඇතිවූ පුද්ගලික ආරවුලක් මත මිතුරා විසින් බෝතලයකින් පහරදී දියේ ගිල්වා මෙම ඝාතනය සිදුකර ඇති බවට දැනට සිදු කරන ලද විමර්ශනවලදී අනාවරණය වී ඇත. 

සිද්ධිය සම්බන්ධයෙන් වයස අවුරුදු 24ක් වන සැකකාර මිතුරා අත්අඩංගුවට ගෙන ඇති අතර තිස්සමහාරාම පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.

👁️ 1,680 Views

More News..

Advertise here