ඊශ්‍රායලය ගාසා නගරයට දිගු කලක් තිස්සේ සැලසුම් කර තිබූ ප්‍රධාන ගොඩබිම් ප්‍රහාරයක් දියත් කර තිබේ.
මෙම හමුදා ප්‍රහාරවලට අමතරව ඊයේ (16) රත්‍රියේ දැඩි ගුවන් ප්‍රහාර එල්ල කර ඇති බව විදෙස් වාර්තා සඳහන් කළේය.
ඊශ්‍රායලය ප්‍රහාර හමුවේ පසුගිය පැය 24 තුළ පුද්ගලයින් 59 දෙනෙකු මියගොස් අවම වශයෙන් 386 දෙනෙකු තුවාල ලබා ඇති බව හමාස් සංවිධානය පවසයි.
ඊශ්‍රායලය ගාසා තීරයේ ජන සංහාරයක් සිදුකරන බව එක්සත් ජාතීන්ගේ විමර්ශන කොමිසම ප්‍රකාශ කිරීමත් සමඟ මෙම ප්‍රහාරය සිදුව ඇති බව විදෙස් වාර්තා සඳහන් කළේය.
ඊශ්‍රායල ආරක්ෂක හමුදා ඇස්තමේන්තුවට අනුව ගසා තීරයේ ජනතාව 3,050,000 ක් පමණ මේ වන විටත් ප්‍රදේශයෙන් ඉවත්ව ගොස් ඇති බව වාර්තා වේ.
👁️ 280 Views