Advertise here

කොළඹ ප්‍රදේශ කිහිපයකට ජල කප්පාදුවක්

Facebook
Twitter
WhatsApp
Telegram
👁️ 1,520 Views

කොළඹ ප්‍රදේශ කිහිපයකට අනිද්දා (18) පැය 09ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසයි.

ඒ අනුව පෙ.ව 10.00 සිට ප.ව 07.00 දක්වා කාලය තුළ මෙලෙස ජල සැපයුම අත්හිටුවන බව වාර්තා වේ.

අඹතලේ ජල පවිත්‍රාගාරයට ජලය ලබා ගන්නා ප්‍රධාන තුළුමුව පොම්පාගාරයට සැපයෙන විදුලිය අත්හිටු වීමට සිදුවන බැවින් අඹතලේ ජල පවිත්‍රාගාරය මඟින් සැපයෙන ජලය අත්හිටු වීමට සිදුව ඇති බව එම මණ්ඩලය සඳහන් කරයි

කොළඹ 01 සිට 15 දක්වා ප්‍රදේශවල මෙලෙස ජල සැපයුම අත්හිටුවනු ඇත.

බත්තරමුල්ල, පැලවත්ත, හෝකන්දර, කොස්වත්ත, තලවතුගොඩ, කෝට්ටේ, රාජගිරිය, මිරිහාන,මාදිවෙල, නුගේගොඩ, නාවල, කොලොන්නාව, IDH, කොටිකාවත්ත, අංගොඩ, වැල්ලම්පිටිය, ඔරුගොඩවත්ත, මහරගම, බොරලැස්ගමුව, දෙහිවල, රත්මලාන, මොරටුව යන ප්‍රදේශවලට ද ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය සඳහන් කළේය.

ජල සැපයුම අත්හිටුවීම හේතුවෙන් ජල පාරිභෝගිකයන්ට සිදුවන අපහසුතාවය පිළිබඳව මණ්ඩලය සිය කණගාටුව පල කරන බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය ඉල්ලා සිටී.

👁️ 1,520 Views

More News..

Advertise here