Advertise here

දහස් සංඛ්‍යාත පිරිසක් අවතැන්වී කරමින් පිලිපීනයේ මැනිලා අගනුවර ගින්නක්

Facebook
Twitter
WhatsApp
Telegram
👁️ 2,360 Views

දහස් සංඛ්‍යාත පිරිසක් අවතැන්වී කරමින් පිලිපීනයේ මැනිලා අගනුවර ඇති වූ ගින්නකින් පැල්පත් නිවාස 1,100කට වැඩි සංඛ්‍යාවක් විනාශ වී තිබෙනවා.

පැය 10කට ආසන්න කාලයක් සිදුකළ දැවැන්ත මෙහෙයුමකින් අනතුරුව ගින්න නිවාදැමීමට බලධාරීන්ට අද අලු‍යම හැකිවූ බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.

මෙම ගින්නෙන් කිසිදු ජීවිත හානියක් සිදුව නැහැ.

පිලිපීනයේ මැනිලා අගනුවර තදාසන්න කලාපයක පිහිටි පැල්පත් නිවාසයි මෙලෙස ගින්නට හසුව විනාශ වී ඇත්තේ.

එරට වේලාවෙන් ඊයේ රාත්‍රියේ හටගත් ගින්න නිවාදැමීම අසීරු වී තිබුණේ වේගයෙන් පැතිර යාම හේතුවෙන්.

ගිනි නිවන රථ රැසක් යොදවා ගින්න නිවාදැමීමට බලධාරීන්ට හැකි වූ අතර ගින්න හේතුවෙන් අවතැන් වූ පිරිස් මේ වනවිට රජයේ පාසල් සහ රජයේ කාර්යාල වෙත යොමුකර ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.

👁️ 2,360 Views

More News..

Advertise here