Advertise here

දක්ෂිණ අධිවේගයේ මාරක රිය අනතුරකින් කන්තාවක් මරුට

Facebook
Twitter
WhatsApp
Telegram
👁️ 1,780 Views

දක්ෂිණ අධිවේගී මාර්ගයේ ගැලනිගම සහ කහතුඩුව අතර සිදුවූ අනතුරකින් කාන්තාවක් මියගොස් තවත් 06 දෙනෙකු තුවාල ලබා තිබේ.

පොලීසිය සඳහන් කළේ අද (16) අලුයම් කාලයේ ගාල්ල සිට කොළඹ බලා ධාවනය වූ ලොරි රථයක පිටුපසින් පැමිණි වෑන් රථයක් ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බවය.

මෙම අනතුරින් තුවාල ලැබූ වෑන් රථයේ රියදුරු, පිරිමි පුද්ගලයෙකු හා කාන්තාවන් දෙදෙනෙකු හෝමාගම රෝහලටත්, ළමුන් තිදෙනෙකු කළුබෝවිල රෝහලටත් ඇතුළත් කර ඇති අතර හෝමාගම රෝහලට ඇතුළත් කළ එක් කාන්තාවක් මියගොස් ඇත. 

එලෙස මියගොස් ඇත්තේ, 35 හැවිරිදි කාන්තාවක් බව පොලීසිය සඳහන් කළේය.

මෘත ශරීරය හෝමාගම රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර  මොරගහහේන පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.

👁️ 1,780 Views

More News..

Advertise here