පොලිස් වසමේ බේත්කෑව ප්‍රදේශයේදී වනඅලියකු පහරදීමෙන් සිවිල් ආරක්ෂක භටයකු ජීවිතක්ෂයට පත්වූ බව කහටගස්දිගිලිය පොලිසිය පවසනවා.
මරණකරු වයස අවුරුදු 45 ක් වූ බේත්කෑව, කහටගස්දිගිලිය ප්‍රදේශයේ පදිංචි අයෙකි.
වගා කටයුතු සඳහා කුඹුරු ඉඩමක් සුද්ද කරමින් සිටින අවස්ථාවේදී මෙලෙස වනඅලි ප්‍රහාරයකට ලක්ව ඇති බව විමර්ශනයේදී අනාවරණය වි තිබෙනවා.
මෘත ශරීරය අනුරාධපුර රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර කහටගස්දිගිලිය පොලිස් ස්ථානය විසින් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.
👁️ 480 Views