Advertise here

පිටකොටුව මධ්‍යම බස් නැවතුම්පොළේ නවීකරණ කටයුතු අද ජනාධිපති ප්‍රධානත්වයෙන්

Facebook
Twitter
WhatsApp
Telegram
👁️ 460 Views

පිටකොටුව මධ්‍යම බස් නැවතුම්පොළේ නවීකරණ කටයුතු අද (15) පෙරවරුවේ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කිරීමට නියමිතව තිබේ.

1964 වසරේ ඉදිකර ඇති පිටකොටුව මධ්‍යම බස් නැවතුම්පොළ මෙලෙස පූර්ණ ප්‍රතිසංස්කරණයකට ලක්වන්නේ වසර 60කට පසුවීම විශේෂත්වයකි.

මේ සඳහා වැය කිරීමට අපේක්ෂිත මුදල රුපියල් මිලියන 424ක් වේ.

දශක ගණනාවක් තිස්සේ අලුත්වැඩියා හා යාවත්කාලීන කිරීම් සිදු නොකිරීම හේතුවෙන් පිටකොටුව මධ්‍යම බස් රථ නැවතුම්පොළ මේ වන විට ඉතා අබලන් තත්ත්වයකට පත්ව තිබෙනවා.

අදාළ නවීකරණය යටතේ බස් නැවතුම්පොළට නව විවේකාගාර, තොරතුරු සන්නිවේදන ස්ථාන, ආරක්ෂක පද්ධති ඇතුළු අංග රැසක් ස්ථාපිත කිරීමට නියමිතය.

පිටකොටුව මධ්‍යම බස් නැවතුම්පොළේ නවීකරණ කටයුතු ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් සිදු කරයි.

👁️ 460 Views

More News..

Advertise here