ලංගම බස් රථ අලුත්වැඩියා කිරීමට සපයන අමතර කොටස්වල ප්‍රමිතිය අන්තිම සවුත්තු යැයි – ඇමැති බිමල් රත්නායක

ලංගම බස් රථ අලුත්වැඩියා කිරීමට සපයන අමතර කොටස්වල ප්‍රමිතිය අන්තිම සවුත්තු යැයි ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා ඇමැති බිමල් රත්නායක මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (11දා) පැවසීය. මන්ත්‍රී තිළිණ සමරකෝන් මහතා විසින් අසන ලද ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ලංගම ඩිපෝ සඳහා අමතර කොටස් මිලදී ගැනීමේ සැබෑ තත්ත්වය පැහැදිලි කළ ඇමැතිවරයා එසේ කියා සිටියේය. වත්මන් රජය පත්වීමට […]
හිටපු අමාත්‍යවරයෙකු වන ප්‍රසන්න රණතුංග මහතා අත්අඩංගුවට

දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් හිටපු අමාත්‍යවරයෙකු වන ප්‍රසන්න රණතුංග මහතාව අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගෙන තිබේ. ඒ අද (12) පෙරවරුවේ ඔහු අල්ලස් කොමිසම හමුවේ පෙනී සිටි අවස්ථාවේදීය.
අයිස් කිලෝග්‍රෑම් 300කට අධික ප්‍රමාණයක් සමග සැකකරුවන් 06 දෙනෙකු අත්අඩංගුවට

අයිස් කිලෝග්‍රෑම් 300කට අධික ප්‍රමාණයක් සමග සැකකරුවන් හය දෙනෙකු කිරින්දේදී අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කරනවා.
වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපති ලෙස සමීර ද සිල්වා

වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපති ලෙස කටයුතු කළ ලසන්ත වික්‍රමසේකරගේ අභාවයෙන් පුරප්පාඩු වූ මන්ත්‍රී ධුරය සඳහා සමගි ජන බලවේගය නියෝජනය කරමින් සමීර ද සිල්වා පත්කර තිබෙනවා. අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කරමිනුයි මන්ත්‍රීවරයාගේ නම සඳහන් කර ඇත්තේ.
හිටපු අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට

හිටපු අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා අද (12) පෙරවරුවේ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට පැමිණ තිබේ. ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා හිටපු අමාත්‍යවරයා මෙලෙස පැමිනි ඇති බව සඳහන් වේ.
තුර්කි හමුදා භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක් කඩාවැටේ

අසර්බයිජානයේ සිට ආපසු එමින් තිබූ තුර්කි C-130 හමුදා භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානය ජෝර්ජියාවේදී කඩා වැටීමට ලක්වූවා. එසේ කඩා වැටීමෙන් එහි සිටි 20 දෙනාම මියගොස් ඇති බවයි විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ. මෙම අනතුර සිදුව ඇත්තේ, ගුවන් යානය තුර්කියට ආපසු එමින් සිටියදී වන අතර, තුර්කි ජනාධිපති ටයිප් එර්ඩෝගන් සිය ශෝකය ප්‍රකාශ කර තිබෙනවා. එමෙන්ම සෙවීමේ සහ මුදාගැනීමේ […]