නිදන් හැරීමට ගිය පුද්ගලයින් 8 දෙනෙකු අත්අඩංගුවට

රිදීමාලියද්ද ඌරාකොටේ කන්ද ප්‍රදේශයේ අද (5) අලුයම නිදන් හෑරු පුද්ගලයින් 8 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. ඉන් දෙදෙනෙකු සේවය හැරගිය ආරක්ෂ අංශ සාමාජිකයන් බව සඳහන්. රිදීමාලියද්ද ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් රිටිගහරාව ග්‍රාම නිලධාරි වසමේ මෙම පිරිස නිදන් හෑරීමේ නිරතව සිටි බව රිදීමාලියද්ද පොලිසිය පවසයි. එම ස්ථානයේ තිබී වතුර මෝටරයක් ඇතුළු කැණීම් සඳහා යොදාගත් උපකරණ තොගයක්ද සොයාගත් […]
නිව්යෝර්ක් නගරයට තේරුණු ළාබාලතම නගරාධිපතිවරයා

අමෙරිකාවේ ඩිමොක්‍රටික් පක්ෂයේ සොහ්රාන් මම්දානි නිව්යෝර්ක් නගරාධිපතිවරණය ජයග්‍රහණය කිරීමට ඉඩ ඇති බවට පුරෝකථනය කර තිබේ. එසේ වුවහොත් මෙම ජයග්‍රහණය නිව්යෝර්ක් නගරයේ දේශපාලන ඉතිහාසයේ සැලකිය යුතු සන්ධිස්ථානයක් සනිටුහන් කරනු ලබයි. අප්‍රිකාවේ උපත ලැබූ 34 හැවිරිදි ඔහු, 1892න් පසු නිව්යෝර්ක් නගරයේ ළාබාලතම නගරාධිපතිවරයා බවට පත්වනු ඇති. එමෙන්ම ඔහු එම නගරයේ ප්‍රථම මුස්ලිම් නගරාධිපතිවරයා මෙන්ම අප්‍රිකාවේ උපත ලැබූ […]
රාජ්‍ය සේවයට අලුතින් බඳවා ගැනීමේ රජයේ ප්‍රතිපත්තිය ගැටලුකාරියි – පාර්ලිමේන්තු මන්ත්‍රී රවි කරුණානායක

රාජ්‍ය සේවයට අලුතින් බඳවා ගැනීමේ රජයේ ප්‍රතිපත්තිය ගැටලුකාරි වී ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී රවි කරුණානායක මහතා ඊයේ (04දා) පැවසීය. කොළඹදී පැවති මාධ්‍ය හමුවේදී තවදුරටත් කතා කළ මන්ත්‍රීවරයා මෙසේ ද කීය. ආණ්ඩුවේ උපදේශක දුමින්ද හුලංගමුව මහතා පවසන්නේ රාජ්‍ය සේවය ලක්‍ෂ අටක සංඛ්‍යාවක පවත්වාගත යුතුයි. එහෙත් රජය දැන් නිවේදනය කරලා තියෙන්නෙ තවත් විශාල පිරිසක් රාජ්‍ය සේවයට අලුතින් බඳවා […]
කල්මඩු ප්‍රදේශයේදී පවුල් ආරවුලක් හේතුවෙන් ස්වාමිපුරුෂයා විසින් බිරිඳව ඝාතනය කරයි

ඊච්චන්කුලම පොලිස් වසමේ කල්මඩු ප්‍රදේශයේදී පවුල් ආරවුලක් හේතුවෙන් ස්වාමිපුරුෂයා විසින් බිරිඳව ඝාතනය කර තිබේ. ඊයේ (04) උදෑසන කාලයේදී මෙම සිදුවීම වාර්තා වූ බව පොලීසිය පවසයි. එලෙස මියගොස් ඇත්තේ, පුම්පුකාර්, කල්මඩු ප්‍රදේශයේ පදිංචිව සිටි 25 හැවිරිදි කාන්තාවකි. ඊයේ උදෑසන කාලයේ කල්මඩු ප්‍රදේශයේ නිවසක කාන්තාවක් හිසෙහි තුවාල සහිතව මියගොස් ඇති බවට ඊච්චන්කුලම පොලිස් ස්ථානයට ලද පණිවිඩයක් ලැබී තිබුණි. ඝාතනය […]
පිලිපීනයේ සුළි කුණාටුවකින් පුද්ගලයින් 58 දෙනෙකු ජිවිතක්ෂයට

මධ්‍යම පිලිපීනයට බලපෑ ‘කල්මේගි’ සුළි කුණාටුවකින් පුද්ගලයින් 58 දෙනෙකු මිය ගොස් තිබේ. විදෙස් වාර්තා සඳහන් කළේ මේ හේතුවෙන් ලක්ෂ සංඛ්‍යාත පිරිසක් අවතැන් වී ඇති බවය. කල්මේගි සුළි කුණාටුවත් සමඟ ඇතිවූ වර්ෂාපතන හේතුවෙන් ජල ගැලීම් තත්ත්වයක් වාර්තා වී ඇති බව සඳහන්ය. එහිදී තවත් පුද්ගලයින් 13 දෙනෙකු අතුරුදහන් වී තිබේ.
නොවැම්බර් 07 ඉදිරිපත් කරන අයවැයෙන් සෑම ක්ෂේත්‍රයකින්ම හැකි උපරිම සහන – ඇමැති නලින්ද

නොවැම්බර් 07 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන අයවැයෙන් සෑම ක්ෂේත්‍රයකින්ම හැකි උපරිම සහන ප්‍රමාණයක් ලබාදීමට මුදල් ඇමැතිවරයා ලෙස ජනාධිපතිවරයා කටයුතු කරනු ඇතැයි කැබිනට් ප්‍රකාශක ජනමාධ්‍ය හා සෞඛ්‍ය ඇමැති වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය. එසේම මෙවර අයවැයෙන් බදු වැඩි කිරීමක් සිදුනොවන බව ද, ඊයේ (04දා) නාරාහේන්පිට රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන්ගේ ප්‍රශ්නවලට […]
අමෙරිකාවේ භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක් කඩාවැටේ

අමෙරිකාවේ කෙන්ටකි ප්‍රාන්තයේ ලුයිස්විල් ජාත්‍යන්තර ගුවන්තොටුපොළේදී භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක් කඩාවැටී ගිනිගෙන තිබේ. එම අනතුරින් පුද්ගලයින් තිදෙනෙකු මිය ගොස් 11 දෙනෙකු පමණ තුවාල ලබන්නට ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණි. United Parcel Service මෙහෙයවනු ලබන McDonnell Douglas MD11F නැමැති භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක් මෙලෙස අනතුරට ලක්වී ඇත්තේ. අදාළ ගුවන් යානය ගුවන්ගත වීමේදී අනතුරට පත්වී […]
ඉල් පුර පසළොස්වක පොහොය දිනය අදයි

ඉල් පුර පසළොස්වක පොහොය දිනය අදට (05) යෙදී තිබේ. මෛත්‍රී බෝධිසත්වයන් වහන්සේ විවරණ ලැබීම ඇතුළු බෞද්ධ ඉතිහාසයේ වැදගත් කරුණු රැසක් අද වැනි පොහොය දිනක සිදුවී ඇති බව ශාසන ඉතිහාසයේ සඳහන් ය. ප්‍රථම ධර්මදූත හැටනම ධර්ම ප්‍රචාරණයේහි යෙදවීම, තුන්බෑ ජටිලයන් දමනය කිරීම සඳහා බුදුරජාණන් වහන්සේ උරුවෙල් දනව්වට වැඩම කරවීම අද වැනි පොහොය දිනක සිදුවූ සිදුවීම් අතර […]