කෙහෙළිය රඹුක්වැල්ලගේ පවුලේ සාමාජිකයින්ට අයත් වත්කම් තහනම් කිරීමට එරෙහි පෙත්සම් නිශ්ප්‍රභ කෙරේ

අල්ලස් කොමිසම විසින් සිදු කරන විමර්ශනයකට අදාළව හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලගේ පවුලේ සාමාජිකයින්ට අයත් වත්කම් තහනම් කිරීමට කොළඹ මහාධිකරණය විසින් දී ඇති නියෝගය බල රහිත කිරීමේ රිට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනු කෙරුණු පෙත්සම් තුනක් නිෂ්ප්‍රභ කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කළා. කෙහෙළිය රඹුක්වැල්ල පවුලේ සාමාජිකයින් විසින් මෙම පෙත්සම් ඉදිරිපත් කර තිබුණා.
මස්කෙළිය ප්‍රදේශයේ නීති විරෝධී ලෙස මැණික් ගැරූ පුද්ගලයෙකු අත්අඩංගුවට

මස්කෙළිය ප්‍රදේශයේ නීති විරෝධී ලෙස මැණික් ගැරූ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ. පොලීසියට ලද තොරතුරක් මත සිදු කළ වැටලීමකදී මෙම සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන් වේ. එහිදී ඔහු සතුව තිබූ මැණික් ගැරීමට භාවිත කළ උපකරණ ද පොලීසිය සිය භාරයට ගෙන ඇත. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ වයස අවුරුදු 62ක් වන මස්කෙළිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වේ. සිද්ධිය සම්බන්ධයෙන් […]
රථවාහන වරදක් සම්බන්ධයෙන් පොලිස් නිලධාරීන්ට බාධා කාන්තාව යළි රිමාන්ඩ්

රථවාහන වරදක් සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කිරීමට යාමේදී පොලිස් නිලධාරීන්ට බාධා කරමින් කළහකාරී ලෙස හැසිරුණු සිද්ධියක් සම්බන්ධව අත්අඩංගුවට ගෙන සිටි කාන්තාව එළැඹෙන 10 වැනිදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ. සැකකාරිය ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු මහේස්ත්‍රාත්වරයා මෙම නියෝගය ලබා දෙනු ලැබීය. මෙලෙස අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර ඇත්තේ 46 හැවිරිදි දෙමටගොඩ ප්‍රදේශයේ කාන්තාවකි. මෝටර් […]
ඇෆ්ගනිස්ථානයේ ප්‍රබල භූමිකම්පාවක් – 07ක් මරුට

ඇෆ්ගනිස්ථානයේ විශාලතම නගරවලින් එකක් වන මසාර්-ඒ-ෂරීෆ් ආසන්නයේ භූමිකම්පාවක් සිදුව තිබෙනවා. අමෙරිකානු භූ විද්‍යා සමීක්ෂණ ආයතනයට අනුව, මෙම භූමිකම්පාව රිච්ටර් මාපකයේ ඒකක 6.3ක් ලෙස සටහන්ව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. මේ හේතුවෙන් හදිසි අනතුරු ඇගවීමක්ද නිකුත් කිරීමට පියවර ගෙන තිබෙනවා. භූ කම්පනයත් සමඟ සිදුවූ හානි සමග මෙතෙක් වාර්තා ලැබී නැහැ.
හොරණ ප්‍රදේශයේ වෙඩිතැබීමකින් එක් අයෙක් ජිවිතක්ෂයට

හොරණ අක්කර 12 සිරිල්ටන් වත්ත ප්‍රදේශයේ ඊයේ (2) රාත්‍රියේ සිදු වූ වෙඩිතැබීමක් එක් අයෙක් මියගොස් තිබේ. පෞද්ගලික ආරවුලක් මත මෙය සිදුකර ඇති බව වාර්තා වේ. බෝර 12 වර්ගයේ ගිනිඅවියකින් වෙඩිතැබීම සිදුකර ඇති බව මූලික විමර්ශනයේ දී අනාවරණය වී තිබේ. සැකකරු ප්‍රදේශයෙන් පළා ගොස් ඇති අතර සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා හොරණ පොලීසිය විශේෂ මෙහෙයුමක්ද දියත් කර […]
ඉන්දියාවේ රාජස්ථාන් ප්‍රාන්තයේ බිහිසුණු බස් රථ අනතුරක්

ඉන්දියාවේ රාජස්ථාන් ප්‍රාන්තයේ බස් රථයක් නවතා තිබූ ට්‍රේලරයක ගැටී සිදු වූ අනතුරකින් අවම වශයෙන් පුද්ගලයින් 18 දෙනෙකු මිය ගොස් තවත් කිහිපදෙනෙකු තුවාල ලබා ඇති බව පොලීසිය පවසයි. ජයිපූර් අගනුවර සිට කිලෝමීටර් 400ක් පමණ දුරින් පිහිටි ෆලෝඩි දිස්ත්‍රික්කයේ මෙම අනතුර සිදුව තිබේ.