තමන්ගේ ආරක්ෂාව සඳහා මන්ත්‍රීවරුන් 20 දෙනෙකු ගිනිඅවි ඉල්ලති

තමන්ගේ ආරක්ෂාව සඳහා ගිනිඅවි නිකුත් කරන ලෙස මන්ත්‍රීවරුන් 20 දෙනෙකු පමණ ඉල්ලීම් සිදුකර ඇති බව පාර්ලිමේන්තු ආරංචිමාර්ග පවසයි. අදාළ මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තු ප්‍රධානීන්ගෙන් සහ ආරක්ෂක අංශවලින් මෙම ඉල්ලීම සිදුකර ඇති අතර එම ඉල්ලීම් ආරක්ෂක අමාත්‍යාංශය වෙත යොමුකර ඇති බව සඳහන් වේ. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් පසුගියදා පොලිස්පතිවරයාගේ ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්ද පැවැත්විණි. කෙසේවෙතත් පාර්ලිමේන්තුවේ සියලුම මන්ත්‍රීවරුන්ට ගිනිඅවි […]
ෂොපින් බෑග් නොමිලේ ලබාදීම අද සිට තහනම්

අද (01දා) සිට භාණ්ඩ රැගෙන යෑම සඳහා භාවිත කරන බහලුම් මලු (ෂොපින් බෑග්) නොමිලේ ලබාදීම තහනම් කරමින් ගැසට් නිවේදනයක් නිකුත්කර තිබේ. ඒ අනුව ෂොපින් බෑග් ලබා දෙන්නේ නම් ඒ සඳහා මිලක් අය කළ යුතුය. ඊට අදාළ ගැසට් නිවේදනය පසුගිය ඔක්තෝබර් මස 01 වැනිදා නිකුත් කිරීමට පියවර ගත් බව ද පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය සඳහන් කරයි. […]
වැලිගම සභාපති වෙඩික්කරුවන් පැමිණි යතුරුපැදිය කැළෑබද ප්‍රදේශයක

වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපති ලසන්ත වික්‍රමසේකර මහතා ඝාතනය සඳහා වෙඩික්කරුවන් පැමිණි යතුරුපැදිය බුත්තල – කතරගම මාර්ගයේ කැළෑබද ප්‍රදේශයක තිබී සොයාගෙන තිබේ. ඝාතනය සිදුකර ඔවුන් පලාගොස් ඇත්තේ, අදාළ යතුරුපැදියෙන් වන අතර සැකකරුවන් කැකිරාව ප්‍රදේශයට යන අතතුර යතුරුපැදිය කාර්මික දෝෂයකට ලක්ව ඇති බව සඳහන් වෙයි. ඒ අනුව ඔවුන් යතුරුපැදිය කැළෑ ප්‍රදේශයේ දමා පලාගොස් ඇති අතර එම අවස්ථාවේදී […]
“මෙලිසා” සුළි කුණාටුවෙන් ජැමෙයිකාවේ බ්ලැක් රිවර් නගරය දැඩි විනාශයක්

“මෙලිසා” සුළි කුණාටුවෙන් පසු ජැමෙයිකාවේ බ්ලැක් රිවර් නගරය දැඩි අසරණ තත්ත්වයකට පත්ව ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරනවා එම සුළි කුණාටුවෙන් විශාලතම විනාශයක් සිදුවූ කලාපය බවට මෙම වරාය නගරය පත්ව තිබෙනවා. දරුණු සුළං සහ කුණාටු රළ මගින් සියල්ලම පාහේ විනාශ කර දමා ඇති අතර, මාර්ගයන් ද භාවිතයට ගත නොහැකි වී තිබෙනවා. විදුලිය හෝ ගලා යන […]
ගම්පහ උඩුගම්පොල මාර්ගයේ රිය අනතුරකින් පුද්ගලයෙක් ජීවිතක්ෂයට

ගම්පහ පොලිස් වසමේ උඩුගම්පොල මාර්ගයේ කෙහෙල්බද්දර හන්දිය ආසන්නයේදී සිදු වූ රිය අනතුරකින් පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත්ව තිබේ. උඩුගම්පොල දෙස සිට කොටුගොඩ දෙසට ධාවනය වූ කාර් රථයක් රියදුරුට පාලනය කර ගැනීමට නොහැකි වී මාර්ගයේ වම් පස සිටි පදිකයෙකුගේ ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇත. අනතුරින් බරපතළ තුවාල ලැබූ පදිකයා ගම්පහ රෝහලට ඇතුළත් කිරීමේදී මිය ගොස් ඇති බව පොලීසිය […]
ඉන්දීය සාගරයේ ප්‍රබල භූමිකම්පාවක්

ඉන්දීය සාගරයේ රිච්ටර් මාපක 6.0ක ප්‍රබල භූමිකම්පාවක් අද (1) පෙරවරුවේ ඇතිවූ බව අමෙරිකා එක්සත් ජනපද භූ විද්‍යා සමීක්ෂණ ආයතනය (USGS) පවසයි. දකුණු ඉන්දීය සාගරයේ ගිනිකොනදිග කඳු වැටියේ කිලෝමීටර් 10ක් ගැඹුරින් මෙය සිදුව ඇත. මෙම ප්‍රදේශය ජනාකීර්ණ නොවන අතර, කිසිදු සුනාමි අනතුරු ඇඟවීම් හෝ උපදේශන ද නිකුත් කර නොමැත.