පාකිස්තානයේ පොලිස් පුහුණු මධ්‍යස්ථානයකට ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වෙයි

පාකිස්තානයේ පොලිස් පුහුණු මධ්‍යස්ථානයකට එල්ල වූ මරාගෙන මැරෙන ත්‍රස්ත ප්‍රහාරයකින් පොලිස් නිලධාරීන් 6 දෙනෙකු මියගොස් තිබේ. එහිදී ප්‍රහාරය එල්ල කිරීම සඳහා පැමිණි සටන්කාමීන් තිදෙනෙකු ද පාකිස්තාන ආරක්ෂක අංශවල ප්‍රතිප්‍රහාරවලදී මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. මෙම ත්‍රස්ත ප්‍රහාරය වයඹදිග පාකිස්තානයේ පොලිස් පුහුණු මධ්‍යස්ථානයකට එල්ලවී ඇති අතර දෙපාර්ශවය අතර පැය 5කට ආසන්න කාලයක් වෙඩි හුවමාරුවක් […]

ප්‍රංශ අගමැති යළි තනතුරට පත් කෙරේ

දින කිහිපයකට පෙර ධුරයෙන් ඉල්ලා අස්වූ ප්‍රංශ අගමැති සෙබෙස්තියන් ලෙකොර්නූ යළි එම තනතුරට පත් කිරීමට ජනාධිපති එම්මානුවෙල් මැක්‍රෝන් පියවර ගෙන තිබේ. පත්වීම ලබා මාසයක් ඉක්ම යාමටත් පෙර ගෙවුණු සතියේ මුලදී ලෙකොර්නූ සිය ධුරයෙන් ඉල්ලා අස්වූයේය. ඔහු ගෙවුණු දෙවසර තුළ ඉල්ලා අස්වූ පස්වැනි ප්‍රංශ අගමැතිවරයා වෙයි.

චීන භාණ්ඩ සඳහා ට්‍රම්ප්ගෙන් 100% ක තීරු බද්දක්

ලබන මාසයේ සිට චීනයෙන් ආනයනය කරන භාණ්ඩ සඳහා අතිරේක 100% තීරු බදු පනවන බව ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසනවා. සමාජ මාධ්‍යවල සටහනත් තබමින් ට්‍රම්ප් පැවසුවේ එක්සත් ජනපදය තීරණාත්මක මෘදුකාංග සඳහා ද අපනයන පාලනයන් ද පනවන බවයි. දුර්ලභ ඛනිජ අපනයනය සඳහා වන නීති දැඩි කිරීමට චීනය ගත් තීරණයට ප්‍රතිචාර දක්වමින් ට්‍රම්ප් රජය මෙම තීරණය ගෙන ඇති […]

අගමැතිනි චිනයේ හෙට චීනයේ සංචාරයක

මහජන චීන සමූහාණ්ඩුවේ ආරාධනාවකට අනුව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය හෙට (12දා) සිට 15 දා දක්වා චීනයේ සංචාරයක නිරතවීමට නියමිතය. සිය සංචාරය අතරතුරදී , චීනය සහ එක්සත් ජාතීන්ගේ කාන්තා සමුළුව එක්ව සංවිධානය කරන ‘කාන්තාවන් පිළිබඳ ගෝලීය නායකයින්ගේ රැස්වීම’ අමතා ‘පොදු අනාගතයක්: කාන්තාවන්ගේ සමස්ත සංවර්ධනය සඳහා නව සහ වේගවත් ක්‍රියාවලියක්’ යන තේමාව යටතේ අග්‍රාමාත්‍යවරිය බීජිං හිදී […]

කාන්තා එක්දින ලෝක කුසලානයේ ශ්‍රී ලංකා සහ එංගලන්ත කාන්තා කණ්ඩායම අතර තරගය අද

කාන්තා එක්දින ලෝක කුසලානයේ ශ්‍රී ලංකා කාන්තා ක්‍රීකට් කණ්ඩායම සහභාගී වන තවත් තරගයන් අද (11) පැවැත්වෙනවා.  ඒ එංගලන්ත කාන්තා ක්‍රිකට් කණ්ඩායම සමගයි.  කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රිඩාංගණයේදී තරගය පස්වරු 3ට ආරම්භ වනවා.  ඉන්දියාව සමග පැවති තරගය ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම පරාජයට පත්වූ අතර, ඔස්ට්‍රේලියාව සමග පැවති තරගය වර්ෂාව හේතුවෙන් අත්හැර දැමීමත් සමග කණ්ඩායම් 02කටම එක් ලකුණ […]

නාවික හමුදා භාරයට ගත් ඉන්දීය ධීවරයින් 47 දෙනා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

නීතිවිරෝධිව මෙරට මුහුදු සීමාවට ඇතුළු වී මසුන් අල්ලමින් සිටියදී නාවික හමුදා භාරයට ගත් ඉන්දීය ධීවරයින් 47 දෙනා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.  ඒ අනුව උතුරු පසුගිය 09 වැනිදා මන්නාරම මුහුදු සීමාවේදී නාවික හමුදා භාරයට ගත් ඉන්දීය ධීවරයින් මේ මස 23 වැනිදා දක්වා රිමාන්ඩ් කිරීමටයි නියෝග කෙරුණේ.

අද කාලගුණ තත්වය

අද (11) පස්වරු 1න් පමණ පසුව නැගෙනහිර, ඌව, මධ්‍යම පළාත්වලත් පොළොන්නරුව සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වෙයි. ඌව පළාතේ ඇතැම් ස්ථානවල මි.මී. 50ට වැඩි තරමක තද වැසි ඇති විය හැකිය. දිවයිනේ සෙසු ප්‍රදේශවල පස්වරු 1න් පමණ පසුව ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකිය. බස්නාහිර සහ දකුණු […]