අමෙරිකාවේ වෙඩි තැබීමකින් ළමුන් දෙදෙනෙකු ජිවිතක්ෂයට

අමෙරිකාවේ ටෙක්සාස්හි වාහන නැවතුම් ස්ථානයක සිදුවු වෙඩි තැබීමකින් ළමුන් දෙදෙනෙකු මියගොස් තිබේ. එම වෙඩිතැබිමෙන් තවත් ළමුන් දෙදෙනෙකු බරපතළ තුවාල ලබා රෝහල් ගත කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත. මියගොස් ඇත්තේ 04 හැවිරිදි සහ 13 හැවිරිදි වියේ පසුවන ළමුන් දෙදෙනෙකු බව සඳහන් වේ. සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් කිහිප දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන් මේ […]

රුසියාවෙන් යුක්රේනයට මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාර

රුසියාව විසින් යුක්රේනයේ ලිවිව් නගරයට මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාර එල්ල කර තිබෙනවා. ඊයේ රාත්‍රියේ සිට අද අළුයම දක්වා එල්ල වූ ප්‍රහාරවලින් යුක්රේනු වැසියන් පස්දෙනෙකු මියගොස් ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. යුක්රේන ජනාධිපති ව්ලැද්මියර් සෙලෙන්ස්කි පවසන්නේ ප්‍රහාරක ඩ්‍රෝන යානා 500 ක් පමණ එල්ල කර ඇති බවයි.

නේපාලයේ අධික වර්ෂාපතනයත් සමග සිදුවු ආපදාවලින් පුද්ගලයින් 11ක් මරුට

නේපාලයේ කත්මන්ඩු නුවරට ඇඳ හැළෙන අධික වර්ෂාපතනයත් සමග සිදුවු ආපදාවලින් පුද්ගලයින් 11 දෙනෙකු මියගොස් තිබේ. අද අලුයම නේපාලයේ ඉලම් දිස්ත්‍රික්කයේ සිදු වූ නායයෑමකින් එකම පවුලේ පුද්ගලයින් 06 දෙනෙකු මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. එමෙන්ම බලපා තිබෙන අධික වර්ෂාපතනය හේතුවෙන් එරට මහා මාර්ග රැසක් වසා දමා ඇති බව සඳහන් වේ.

ප්‍රබල අකුණු පිළිබඳව අවවාදාත්මක නිවේදනයක්

ප්‍රබල අකුණු පිළිබඳව අවවාදාත්මක නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ. එම නිවේදනය අද (05) රාත්‍රී 11 දක්වා වලංගු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි. එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ, උතුරු, උතුරු-මැද, නැගෙනහිර, ඌව සහ වයඹ පළාත්වලත් මාතලේ දිස්ත්‍රික්කයේත් ගිගුරුම් සහිත වැසි සමග ප්‍රබල අකුණු ඇතිවීමේ වැඩි හැකියාවක් පවතින බවය. අකුණු මඟින් සිදුවන අනතුරු […]

ලොරි රථයක් බස් රථ ගැටී සිදුවූ අනතුරකින් තිදෙනෙකු ජීවිතක්ෂයට

නාරම්මල – කුරුණෑගල මාර්ගයේ නාරම්මල නගරය ආසන්නයේදී ලොරි රථයක් ලංගම බස් රථයක ගැටී සිදුවූ අනතුරකින් පුද්ගලයින් තිදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. අද (05) අලුයම මෙම අනතුර සිදුව ඇති බව පොලීසිය පවසයි. කුරුණෑගල දෙස සිට නාරම්මල දෙසට ධාවනය වූ ලොරි රථය රියදුරුට පාලනය කර ගැනීමට නොහැකිව මාර්ගයේ දකුණු පසට ඇදී ගොස් කටුනායක සිට අක්කරෙයිපත්තුව දක්වා ධාවනය වූ ලංගම […]

නාය යාම් අනතුරු ඇඟවූ ප්‍රදේශ තවදුරටත් අවධානයෙන් සිටින ලෙස දැනුම් දෙයි

පවතින අධික වර්ෂාපතනය හමුවේ ඊයේ (04) දිස්ත්‍රික්ක කිහිපයකට අදාළ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස කිහිපයකට පැනවූ නාය යාමේ අනතුරු ඇඟවීම් නිවේදනය අනුව එම ප්‍රදේශ ආශ්‍රිතව ජීවත් වන ජනතාව අවධානයෙන් සිටිය යුතු බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසයි. එම සංවිධානය පැවසුවේ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් ඉදිරි දින කිහිපය තුළද වැසි අපේක්ෂා කළ හැකි බව මේ වන විට දැනුම්දී ඇති […]

මාරක රිය අනතුරකින් සිසුවෙකුට දිවි අහිමි වෙ‍යි

ගම්පහ පොලිස් වසමේ උඩුගම්පොළ වීදියවත්ත මංසන්ධියේදී ඊයේ (04) උදෑසන සිදුවූ රිය අනතුරකින් වයස අවුරුදු පහළොවක පිරිමි ළමයකු ජීවිතක්ෂයට පත්වී තිබේ. වීදියවත්ත දොළාගත පාරේ පදිංචි උඩුගම්පල සෙනරත් පරණවිතාන ජාතික පාසලේ දහවන වසරේ ඉගෙනුම ලැබූ සිසුවෙක් මෙලෙස අනතුරට පත්වී තිබේ. අදාළ සිසුවා පෞද්ගලික උපකාර පන්තියකට සහභාගි වී නැවත පැමිණෙමින් සිටින අතරතුර පිටුපසින් පැමිණි යකඩ පටවා ගත් ලොරි රථයක […]

ඇල්පිටිය, ඕමත්ත ප්‍රදේශයේ නිවසකට වෙඩි ප්‍රහාරයක්

ඇල්පිටිය, ඕමත්ත ප්‍රදේශයේ නිවසකට ඊයේ (05) රාත්‍රී වෙඩි ප්‍රහාරයක් එල්ල වී තිබේ. මෙම වෙඩි තැබීම යතුරුපැදියකින් පැමිණි පුද්ගලයෙකු විසින් සිදුකර ඇති බව පොලිසිය සදහන් කළේය. නිවසේ සිටි කිසිවෙකුට මෙම වෙඩි තැබීමෙන් හානි සිදුව නොමැති අතර නිවසේ ජනේලයක් බිදී ගොස් ඇති බවද වාර්තා වේ. වෙඩි තැබීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර පොලිසිය සැක පළකරන්නේ ප්‍රදේශයේ […]

අදත් තද වැසි

අද (05) සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇතිවීම සඳහා හිතකර වායුගෝලීය තත්ත්වයන් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එමෙන්ම දිවයිනේ බොහෝ පළාත්වල පස්වරු 1.00න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල, මාතර, යාපනය සහ මන්නාරම දිස්ත්‍රික්කවලත් තැනින් තැන උදෑසන කාලයේදී ද වැසි ඇති විය හැකි […]