ජනපතිගේ ජපාන නිල සංචාරයේදී ව්‍යාපෘති දෙකක් සඳහා අත්සන් තැබේ

ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ජපාන නිල සංචාරය අතරතුර, ජපාන අග්‍රාමාත්‍ය ෂිගේරු ඉෂිබා සහ ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් ව්‍යාපෘති දෙකක් සම්බන්ධ “අත්සන් හුවමාරු” කිරීම අද (29) පස්වරුවේ සිදුකර තිබෙනවා. ජපානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය නිවේදනය කරනු ලැබුවේ, ජපානය සහ ශ්‍රී ලංකාව අතර ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් ශක්තිමත් කරන මෙම ගිවිසුම් ලෙස, “නිල ආරක්ෂක සහය වැඩසටහන (OSA)” සහ “කිරි ක්ෂේත්‍රයේ […]

රන්දෙණිගල බස් අනතුරකින් 12 දෙනෙකු තුවාල ලබා රෝහලට

ඇගලුම් කර්මාන්ත ශාලාවකට අයත් පෞද්ගලික බස් රථයක් රන්දෙණිගල 36 වන සහ 37 වන කණුව අතර අනතුරට ලක්ව තිබේ. අද (29) රාත්‍රීයේ බස් රථයේ හදිසියේ ඇති වූ කාර්මික දෝෂයක් සමග මෙම අනතුර සිදුව ඇත. බස් රථය මාර්ගයේ තිබු ගල් වැටියක ගැටී අනතුරට ලක්ව ඇති අතර, බසයෙ හි සිටි පුද්ගලයින් 12 දෙනෙකු තුවාල ලබා කැන්දකැටිය රෝහලට ඇතුළත් […]

කඩුගන්නාව රිය අනතුරකින් විශ්වවිද්‍යාල සිසුවා ජීවිතක්ෂයට

කඩුගන්නාව කොළඹ ප්‍රධාන මාර්ගයේ ඌරාපොළ හන්දියේ දී ඊයේ (28) සිදුවූ අනතුරකින් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ විද්‍යා පීඨයේ තුන්වන වසරේ සිසුවෙකු එම ස්ථානයේදීම මරණයට පත්ව තිබෙනවා. මෙලෙස අනතුරින් මියගොස් තිබෙන්නේ අරණායක පදිංචි තිවංක පියතිස්ස (24) නමැති සිසුවෙකි. සිසුවා සිය යතුරුපැදියෙන් පේරාදෙණිය විශ්වවිද්‍යාලයට පැමිණෙමින් සිටිය දී වාහන ප්‍රවාහනය කරන කැරියර් රථයක ගැටීමෙන් මෙම අනතුර සිදුව තිබෙන බව පොලීසිය පවසනවා. […]

පාකිස්තාන කණ්ඩායම සිය ත්‍යාග මුදල ඉන්දීය ප්‍රහාරයවලින් අසරණ වූ පවුල් වෙනුවෙන් පරිත්‍යාග කරයි

ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ අනුශූරතාව වෙනුවෙන් හිමිවූ තරග ගාස්තුව ඉන්දියාව විසින් එල්ල කළ ප්‍රහාරයේ වින්දිතයින්ගේ පවුල් වෙත ලබා දීමට පාකිස්තාන ක්‍රිකට් කණ්ඩායම තීරණය කර තිබේ. අදාළ ප්‍රහාරයෙන් මියගිය කුඩා ළමුන් ඇතුළු සිවිල් වැසියන් වෙනුවෙන් එම මුදල පිරිනමන බව පාකිස්තාන ක්‍රිකට් ආයතනය නිවේදනය කර ඇත. අවසන් මහා තරගයෙන් පසු පැවති මාධ්‍ය හමුවේදී පාකිස්තාන කණ්ඩායමේ නායක සල්මන් […]

අද ජනපති සහ ජපාන අගමැති අතර හමුවක්

ජපාන රජයේ ආරාධනයකට අනුව ජපානයේ නිල සංචාරයක නිරත ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (29) ජපාන අග්‍රාමාත්‍ය කාර්යාලයේදී ජපාන අග්‍රාමාත්‍ය ෂිගෙරු ඉෂිබා මහතා හමුවී සාකච්ඡා පැවැත්වීමට නියමිතය.  මෙහිදී දෙරටේ ආර්ථිකය, ආයෝජන, සංවර්ධන සහයෝගිතාව සහ ආරක්ෂාව ඇතුළු ක්ෂේත්‍ර පිළිබඳ අවධානය යොමු වනු ඇත. 

මාවනැල්ලේ දී පස් කන්දකට යට වූ තිදෙනාගේම සිරුරු සොයා ගනී

මාවනැල්ලේ දී පස් කන්දකට යට වූ තිදෙනාගේම සිරුරු සොයා ගෙන තිබේ. මාවනැල්ල, අලුත්නුවර, මාණික්කාව ප්‍රදේශයේ තාප්පයක් බඳිමින් සිටි කම්කරුවන් පිරිසක් මතට අද (29) පෙරවරුවේ පස් කන්දක් කඩා වැටී තිබුණි. ඒ අනුව ඔවුන් මුදාගැනීමේ කටයුතු සිදුකළ අතර මේ වන විට ඔවුන් තිදෙනාගේම සිරුරු සොයා ගැනීමට හැකි වී තිබේ.

අමෙරිකාවේ දේවස්ථානයකට එල්ල වූ වෙඩි ප්‍රහාරයකින් 04ක් මරුට

අමෙරිකාවේ මිචිගන් ප්‍රාන්තයේ ක්‍රිස්තු දේවස්ථානයකට එල්ල වූ වෙඩි ප්‍රහාරයකින් සහ පසුව හටගත් ගින්නෙන් පුද්ගලයින් සිව් දෙනෙකු මියගොස් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ. විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ සිද්ධියෙන් තවත් පුද්ගලයින් 8 දෙනෙකු තුවාල ලබා ඇති බවය. වෙඩි තැබීමට පැමිණි සැකකරු 40 හැවිරිදි තෝමස් ජේකබ් නම් අයෙකු වන අතර පොලීසිය සමග සිදුවූ වෙඩි තැබීමකින් සැකකරුද ජීවිතක්ෂයට […]

ලෝක හදවත් දිනය අදයි

ලෝක හදවත් දිනය අදට (29) යෙදී තිබේ. හදවත් රෝග සම්බන්ධයෙන් ලෝකය දැනුවත් කිරිමේ අරමුණින් ලෝක හදවත් දිනය අද සමරනු ලබනවා. ලොව වැඩිම පිරිසකට මරණය ගෙන දෙන රෝගී තත්ත්වයක් ලෙස හදවත් රෝග සැලකිය හැකි අතර ලෝක හදවත් දිනය ප්‍රකාශයට පත් කිරීම මගින් බලාපොරොත්තු වන්නේ ඒ පිළිබද දැනුවත් කර එමගින් සිදුවිය හැකි මරණ අවම කර ගැනීමය. ලෝක […]

2025 ආසියානු කුසලාන ශූරතාව ඉන්දියාවට

2025 ආසියානු කුසලාන ශූරයින් බවට පත් වීමට ඉන්දීය කණ්ඩායම ඊයේ (28) සමත් වුණා. ඒ 2025 ආසියානු කුසලාන අවසන් මහා තරගය ලෙසින් පාකිස්ථානය සමග පැවති තරගයෙන් කඩුළු 05ක ජයක් වාර්තා කරමින් වන අතර, මෙම ජයග්‍රහණයත් සමග ඉන්දියාව ආසියානු කුසලානයක් හිමිකරගත් 09 වැනි අවස්ථාව ලෙස මෙය සටහන් වනු ඇති. අද තරගයේ පිළිතුරු ඉලක්කය ලෙසින් ලකුණු 147ක ඉලක්කයක් […]

ප්‍රදේශ කිහිපයකට වැසි

දිවයිනේ ප්‍රදේශ කිහිපයකට වැසි තත්ත්වයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත්කරමින් පවසනවා. ඒ අනුව බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවන බව‍යි එම නිවේදනයේ සඳහන් වෙන්නේ. වයඹ පළාතේ වැසි ස්වල්පයක් ඇති විය හැකියි.. ඌව පළාතේත් අම්පාර දිස්ත්‍රික්කයේත් ප.ව. 2.00න් පමණ පසුව ස්ථාන ස්වල්පයක වැසි හෝ […]