ඉන්දියාවේ දේශපාලන රැලියක ඇතිවූ තෙරපුමකින් මිය ගිය සංඛ්‍යාව ඉහළට

ඉන්දියාවේ දේශපාලන රැලියක ඇතිවූ තෙරපුමකින් මිය ගිය සංඛ්‍යාව මේ වන විට 39 දක්වා ඉහළ ගොස් තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. මියගොස් ඇති පිරිස අතරට ළමුන් 10ක්, කාන්තාවන් 17, පිරිමි 12ක් ඇතුළු පුද්ගලයින් 39ක් අයත් බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබෙනවා. මෙම අවාසනාවන්ත සිදුවීම වාර්තා වන්නේ, ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයේ කරූර් දිස්ත්‍රික්කයේදී පැවැති රැලියකයි . එහිදී […]

කඩුවෙල පාලම යටින් මළ සිරුරක් හමුවෙයි

කැලණි ගඟේ කඩුවෙල පාලම යට තිබී නරක් වූ නිරුවත් මළ සිරුරක් සොයා ගෙන ඇති බව කඩුවෙල පොලිසිය පවසනවා. අදාළ මළ සිරුරේ ඉනෙහි, ගල් පිරවූ කලිසමක් ගැටගසා තිබූ බව කඩුවෙල පොලීසිය පැවසීය. දින හතරකට පමණ පෙර මෙම පුද්ගලයා මියගොස් ඇති බවට සැකකරන අතර, මළ සිරුර ගොඩට ගන්නා විටත් දැඩි ලෙස නරක් වී ඇත. මළ සිරුරේ යට […]

අවසන් මහා තරගයේ කාසියේ වාසිය ඉන්දියාවට

ආසියානු කුසලාන විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ ඉන්දියාව හා පාකිස්තානය අතර අද (28) පැවැත්වෙන අවසන් මහා තරගයේ කාසියේ වාසිය දිනාගැනීමට ඉන්දියාව සමත් විය. ඒ අනුව ඉන්දීය නායක සූර්යකුමාර් යාදව් පළමුව පන්දුවට පහරදීම සඳහා පාකිස්තානයට ආරාධනා කළේය. ඩුබායි ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ මෙම තරගය පැවැත්වේ. වසර 41ක ආසියානු කුසලාන ඉතිහාසයේ ඉන්දියාව හා පාකිස්තානය අවසන් මහා තරගයකදී හමුවන පළමු අවස්ථාව […]

අනවසර ධීවර කටයුතු සිදුකළ ඉන්දීය ධීවරයින් 12ක් අත්අඩංගුවට

ශ්‍රී ලංකා නාවික හමුදාව, වෙරළාරක්‍ෂක දෙපාර්තමේන්තුව හා එක්ව අද (28) අළුයම් කාලයේ, යාපනය  ඩෙල්ෆ්ට් දූපතට ඔබ්බෙන්  වූ මෙරට මුහුදු සීමාවේ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමක් මඟින්, දේශීය ජල තීරය තුළ අනවසර ධීවර කටයුතු සිදුකළ ඉන්දීය ධීවර යාත්‍රාවක් සමඟ ඉන්දීය ධීවරයින් දොළොස් දෙනෙකු නාවික හමුදා භාරයට ගෙන තිබේ. මෙම මෙහෙයුම මඟින් නාවික හමුදා භාරයට ගත් ඉන්දීය ධීවර […]

ආසියානු කුසලානයේ ශූරතාවය සොයා ඉන්දු – පාකිස්ථාන කණ්ඩායම් තරග බිමේ

ඉන්දියාව සහ පාකිස්ථානය ආසියානු කුසලාන අවසන් තරගයකදී වසර 41කට පසු අද ඩුබායි ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී තරග බිමට පිවිසෙනවා. ඒ අනුව මෙවර ආසියානු කුසලානයේ ශූරතාවයේ අභිමානය සොයා ඉන්දු – පාකිස්ථාන කණ්ඩායම් ඩුබායිහිදී අද රාත්‍රි 8.00ට තරග බිමට පිවිසෙනු ඇති.

මහින්ද රාජපක්ෂ බලන්න රනිල් වික්‍රමසිංහ කාල්ටන් නිවසට

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අතර හමුවක් අද (28) පෙරවරුවේ තංගල්ල කාල්ටන් නිවසේදී පැවැත්විණි. ඒ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කතරගම සිට කොළඹ බලා පැමිණෙන අතරවාරයේදීය.  එලෙසම තමන් සිරගත කළ අවස්ථාවේදී කළ කාර්යභාරය සම්බන්ධයෙන් රනිල් වික්‍රමසිංහ මහතා මෙහිදී මහින්ද රාජපක්ෂ මහතාට සිය ස්තූතිය පළ කළේය. එමෙන්ම කාල්ටන් නිවසට පැමිණි රනිල් […]

විදේශගත ශ්‍රී ලාංකික ශ්‍රමිකයන්ට විශ්‍රාම වැටුප් ක්‍රමයක්

විදේශගත සියලුම ශ්‍රී ලාංකික ශ්‍රමිකයන්ට ඉදිරි මාස එකහමාර තුළ දායක විශ්‍රාම වැටුප් ක්‍රමයක් සකස් කරන බව විදේශ ඇමැති විජිත හේරත් ඇමරිකාවේදී පැවසුවේය. නිව්යෝර්ක්හිදී ශ්‍රී ලාංකික ප්‍රජාව හමුවූ අවස්ථාවේදී ඇමැතිවරයා පැවැසුවේ මෙය දායක විශ්‍රාම වැටුප් ක්‍රමයක් බවය. මේ දිනවල ඊට අදාළ නීතිමය තත්ත්වයන් සකස් කරමින් තිබෙන බවත් පැවසූ ඇමැතිවරයා දැනට රටේ ආර්ථිකයේ පවතින අර්බුදකාරී තත්ත්වයන් අවසන් […]

රත්ගමදී  මාරක රිය අනතුරක් – කාන්තාවක් ජිවීතක්ෂයට

ගාල්ල කොළඹ ප්‍රධාන මාර්ගයේ රත්ගම හන්දිය ආසන්නයේදී සිදු වූ මාරක අනතුරකින් කාන්තාවක් මියගොස් තිබෙනවා. ගාල්ල දෙස සිට හික්කඩුව දෙසට ධාවනය වූ බස් රථයක් මාර්ගය අයිනේ ගමන් කළ පදික කාන්තාවකගේ ගැටීමෙන් මෙම අනතුර ඊයේ (27) සිදුව ඇති බවයි පොලිසිය පවසන්නේ. එහිදී තුවාල ලබා ගාල්ල රෝහලට ඇතුලත් කිරීමේදී එම කාන්තාව මියගොස් තිබෙන අතර ඇය බූස්ස ප්‍රදේශයේ පදිංචිකාරියක්. […]

තිස්මල්පොලදී දුම්රියේ ගැටී දරුවෙක් ජීවිතක්ෂයට

රඹුක්කන, තිස්මල්පොල දුම්රිය ස්ථානයේදී දුම්රියේ ගැටුණු දරුවෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. බදුල්ල සිට කොළඹ කොටුව දක්වා ධාවනය වූ සීඝ්‍රගාමී දුම්රියක ගැටී පිරිමි දරුවෙකු මෙසේ මිය ගොස් ඇති බවයි රඹුක්කන පොලිසිය පවසන්නේ. මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 14 ක් වූ මැදගම ප්‍රදේශයේ පදිංචි දරුවෙක්. රඹුක්කන සිට කොළඹ කොටුව බලා ධාවනය වූ දුම්රියක තිස්මල්පොල දුම්රිය ස්ථානය දක්වා මියගිය […]

අදත් වැසි වාර කිහිපයක්

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල, මාතර මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් අද (28) දිනයේදී වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව පැවසුවේ ඌව පළාතේත් අම්පාර දිස්ත්‍රික්කයේත් ප.ව. 2.00 න් පමණ පසුව ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවය. මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලත් උතුරු, උතුරු-මැද, වයඹ […]