ලබන වසර (2026) සඳහා විසර්ජන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට

September 27, 2025 ලබන වසර (2026) සඳහා අයවැය යෝජනාවලිය ඉදිරිපත් කිරීමට අදාළ විසර්ජන පනත් කෙටුම්පත කම්කරු ඇමැති මහාචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා විසින් පාර්ලිමේන්තුවට ඊයේ (26දා) ඉදිරිපත් කරන ලදී. 2026 මුදල් වර්ෂය සඳහා වන රජයේ වියදම් ඇතුළත් විසර්ජන පනත් කෙටුම්පත පසුගිය සැප්තැම්බර් මස 18 වැනි දා ප්‍රකාශයට පත් කරනු ලැබීය. ජාතික ජනබලවේග රජය සිය දෙවැනි […]
කොලොම්බියාවේ ජනාධිපතිගේ අමෙරිකානු වීසා බලපත්‍රය අවලංගු කෙරේ

කොලොම්බියාවේ ජනාධිපති ගුස්ටාවෝ පෙට්‍රෝගේ අමෙරිකානු වීසා බලපත්‍රය අවලංගු කිරීමට අමෙරිකා රාජ්‍ය දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා. නිව්යෝර්ක් නුවර පැවති පලස්තීනයට සහය දැක්වීමේ විරෝධතාවකදී ජනාධිපති පෙට්‍රෝ විසින් කරන ලද නොසැලකිලිමත් සහ ප්‍රකෝපකාරී ක්‍රියා හේතුවෙනුයි මෙම තීරණය ගෙන ඇත්තේ. ජනාධිපති පෙට්‍රෝ එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිවාරය සඳහා නිව්යෝර්ක් වෙත ගොස් සිටියදී, එළිමහනේ රැස්ව සිටි විරෝධතාකරුවන් අමතා අදාළ ප්‍රකාශ […]
ඉන්දියා – රුසියා සබඳතා තවත් ශක්තිමත් කර ගැනීමේ සූදානමක්

ඉන්දියා – රුසියා සබඳතා තවත් ශක්තිමත් කර ගැනීමේ සූදානමක් පවතිනවා. ඒ අනුව ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි රුසියා නියෝජ්‍ය අග්‍රාමාත්‍ය දිමිත්‍රි පැට්‍රෂෙව් හමුවී දෙරටේ ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳ සාකච්ඡා කර තිබෙනවා. ඒ රුසියා නියෝජ්‍ය අග්‍රාමාත්‍යවරයාගේ ඉන්දිය සංචාරය අතරතුරදියී. දෙරට අතර කෘෂිකර්මාන්තය, පොහොර සහ ආහාර සැකසීමේ සහයෝගීතාව ශක්තිමත් කිරීමේ ක්‍රම පිළිබඳ මෙම හමුවේදී දීර්ඝ ලෙස සාකච්ඡා කර තිබෙනවා. […]
නායයෑම් අනතුරු ඇඟවීම් තවදුරටත් දීර්ඝ කරයි

දිවයිනේ දිස්ත්‍රික්ක කිහිපයක් සඳහා නිකුත් කර තිබූ නායයෑම් අනතුරු ඇඟවීම් තවදුරටත් දීර්ඝ කර ඇතැයි ජාතික ගොඩනැඟිලි පර්යේෂණ සංවිධානය (NBRO) පවසනවා. ඒ අනුව, කළුතර, මාතර, නුවරඑළිය සහ රත්නපුර යන දිස්ත්‍රික්ක සඳහා නිකුත් කර තිබූ දෙවැනි මට්ටමේ (Level-2) නායයෑම් පූර්ව අනතුරු ඇඟවීම තවදුරටත් දීර්ඝ කර තිබෙනවා. මීට අමතරව, කොළඹ, ගාල්ල, මහනුවර, කෑගල්ල සහ කුරුණෑගල යන දිස්ත්‍රික්ක සඳහා […]
බදු ගෙවන්නන්ට දැනුම්දීමක්

2024/2025 තක්සේරු වර්ෂය සඳහා අවසාන ආදායම් බදු ගෙවීම් එළැඹෙන සැප්තැම්බර් 30 හෝ ඊට පෙර සිදුකරන ලෙස දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සියලුම බදු ගෙවන්නන්ට දනුම් දී ඇත. මෙම නියෝගය පුද්ගලයන්ට අමතරව සමාගම්, සංස්ථා, හවුල් ව්‍යපාර සහ අනෙකුත් ලියාපදිංචි ආයතන සඳහා අදාළය. එමෙන්ම ගෙවීම් පත්‍රිකා ලැබෙන තුරු බලා නොසිට නියමිත බදු මුදල මාර්ගගත බදු ගෙවීම් පහසුකම (OTPP) මගින් […]
වෑන් රථයක් ගසක ගැටී බිහිසුණු අනතුරක්

මහියංගන – ගිරාදුරුකෝට්ට ප්‍රධාන මාර්ගයේ සොරබොර වැව 1 කනුව ප්‍රදේශයේදී වන්දනා නඩයක් රැගත් වෑන් රථයක් මාර්ගයෙන් ඉවතට පැන ගසක ගැටී ඊයේ (26) රාත්‍රී 11ට පමණ අනතුරක් සිදුවී තිබේ. අනතුරින් වෑන් රථයේ ගමන් ගත් 11 දෙනකු තුවාල ලබා මහියංගන රෝහලට සහ බදුල්ල රෝහලට ඇතුළත් කර ඇත. බදුල්ල ප්‍රදේශයේ පිරිසක් අනුරාධපුරයට ගොස් යළි පැමිණෙමින් සිටියදී මෙම අනතුර […]
ජනපතිගේ ජපාන නිල සංචාරය අද සිට ඇරඹේ

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ජපානයේ නිල සංචාරය අද (27) ආරම්භ කිරීමට නියමිතය. ජපන් රජය විසින් සිදුකරන ලද ආරාධනයකට අනුව අද සිට ලබන30 වන දින දක්වා ජනාධිපතිවරයා ජපානයේ නිල සංචාරයක නිරත වීමට නියමිත බව විදේශ කටයුතු අමාත්‍යංශය සඳහන් කළේය. මෙම සංචාරය තුළ දී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා, ජපන් අධිරාජ්‍යයා හමුවීමටද නියමිතය. තවද ජපන් අග්‍රාමාත්‍යවරයා […]
ඉන්දු – ශ්‍රී ලංකා තරගයේ සුපිරි පන්දුවාරයේ ජය ඉන්දියාවට

2025 ආසියානු කුසලානයේ සුපිරි සිව්දෙනාගේ වටයේ අවසන් තරගය ලෙසින් ඊයේ (26) පැවති ඉන්දු – ශ්‍රී ලංකා තරගය සුපිරි පන්දුවාරයෙන් ජය ගැනීමට ඉන්දියාව සමත් වුණා. එහිදී මෙවර ආසියානු කුසලානයේ දැවැන්තම පිළිතුරු ඉලක්කය වූ ලකුණු 203ක ඉලක්කය හඹා ගිය ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ කඩුළු 05ක් දැවී ලකුණු 202ක් රැස් කරගැනීමත් සමග දෙපිලේම ලකුණු සංඛ්‍යාව සම […]
තිස්සමහාරාමේ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට

තිස්සමහාරාම මුතියම්මාන ප්‍රදේශයේදී ඊයේ (26) පස්වරු 05ට පමණ වෙඩි තැබීමක් සිදුව තිබේ. වෙඩි තැබීමෙන් අවුරුදු 58ක් වයසැති පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව ඇති අතර බෝර 12 පතුරම් යොදන ගල් කටස් වර්ගයේ ගිනිඅවියක් භාවිත කරමින් මෙම වෙඩි තැබීම සිදුකර ඇතැයි පොලීසිය පවසයි. වෙඩි තැබීමට පැමිණි වෙඩික්කරු යතුරුපැදියකින් පැමිණ වෙඩි තබා පලාගොස් ඇති අතර සැකකරු එම ප්‍රදේශයේම පදිංචිකරුවෙකු බවද […]
අදත් වැසි තත්වයක්

බස්නාහිර, සබරගමුව, වයඹ සහ දකුණු පළාත්වලත් මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් අද (27) දිනයේ විටින්විට වැසි ඇතිවිය හැකිය. අද දිනය සඳහා කාලගුණ අනාවැකිය නිකුත් කරමින් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පෙන්වා දෙන්නේ බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල මි.මී. 50ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැකි බවය. උතුරු-මැද පළාතේත් මාතලේ, මන්නාරම, […]