ඛනිජ ප්‍රවාහන කටයුතු සම්බන්ධයෙන් පනවන ලද නව කොන්දේසිය සංශෝධනය වේ.

පාසල් පැවැත්වෙන දිනයන් හිදී පෙ.ව. 06.30 සිට පෙ.ව. 07.45 දක්වා සහ පෙ.ව. 11.30 සිට ප.ව. 02.30 දක්වා කාලය තුළ ඛනිජ ප්‍රවාහන කටයුතු සිදු කිරීම අත්හිටුවීම සම්බන්ධයෙන් පනවන ලද නව කොන්දේසිය සංශෝධනය කර තිබේ. නිවේදනයක් නිකුත් කරමින් දැනුම් දී ඇත්තේ පනවන ලද නව කොන්දේසිය අනුව ඉදිකිරීම් කර්මාන්තයට ඇතිවන දැඩි බලපෑම මත ඉදිකිරීම් ක්ෂේත්‍රයේ සිටින කර්මාන්තකරුවන් සිදු […]
ධීවරයෙක් මුහුදට වැටී මරුට

මසුන් මැරීම සඳහා බහුදින ධීවර යාත්‍රාවකින් බේරුවල ධීවර වරායෙන් මුහුදු ගොස් සිටී ධීවරයෙක් මුහුදට වැටී මියගොස් තිබෙනවා. බේරුවල පොලිසිය සදහන් කරන්නේ බේරුවල ගල්පොත්ත ප්‍රදේශයේ පදිංචිව සිටී ධනුෂ්ක ලක්මාල් නමැති 21 හැවිරිදි තරුණයෙකු මෙසේ මියගොස් ඇති බවයි. දින 10 කට පෙර ඔවුන් මුහුදු ගොස් සිට ඇති බවත්, දින හතරකට පෙර මුහුද මැද දැල් එලමින් සිටියදී මුහුදට […]
ලෝක මලල ක්‍රීඩා ශූරතාවලියේ අවසන් මහා තරගය සඳහා රුමේෂ් තරංග සුදුසුකම් ලබයි

ලෝක මලල ක්‍රීඩා ශූරතාවලියේ (Tokyo2025) අවසන් මහා තරගය සඳහා ශ්‍රී ලංකාවේ ක්‍රීඩක රුමේෂ් තරංග සුදුසුකම් ලබා තිබෙනවා. 22 හැවිරිදි ඔහුට සිය අවසන් උත්සාහයේදී මීටර් 82.80ක් දුරට හෙල්ල විසි කරමින්, අවසන් සුදුසුකම් ලැබීමේ ස්ථානය වූ 12 වැනි ස්ථානය තහවුරු කර ගැනීමට සමත්කම් වුණා. මේ අතර එම ඉසව්වටම සහභාගී වූ සුමේධ රණසිංහ මීටර් 81.86ක දක්ෂතාවක් දක්වමින් සමස්ත […]
සම්පත් මනම්පේරී අධිකරණයට භාර වෙයි

අත්අඩංගුවට ගැනීමට අවශ්‍යව සිටින සම්පත් මනම්පේරි නමැත්තා වලස්මුල්ල මහෙස්ත්‍රාත් අධිකරණයට අද (17) භාරවී ඇතැයි වාර්තා වේ. මොහු මිද්දෙණිය ප්‍රදේශයේදී අයිස් මත්ද්‍රව්‍ය නිපදවීමට යොදාගන්නා බවට සැක කෙරෙන රසායනික ද්‍රව්‍ය අඩංගු කන්ටේනර් දෙකක් සඟවා තිබියදී සොයාගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීමට අවශ්‍යව සිටි පුද්ගලයෙකි. සම්පත් මනම්පේරි නමැත්තා අධිකරණයට භාරවීමට සූදානම් බව ඔහුගේ නීතිඥවරයා පසුගිය 15 වන දා අභියාචනාධිකරණයට […]
අද කඩවත සිට මීරිගම කොටසේ වැඩ යලි අරඹයි

කඩවත සිට මීරිගම දක්වා කොටසේ, මධ්‍යම අධිවේගී මාර්ග ව්‍යාපෘතියේ වැඩ යලි ආරම්භ කිරීම ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන් අද සිදු කෙරෙනවා. ඒ, කඩවත අන්තර් හුවමාරු පරිශ්‍රයේදීයි. 2016 වසරේ ඉදිකිරීම් ආරම්භ කළ මෙම අධිවේගී මාර්ගයේ දෙවැනි අදියර මේ වනවිට විවෘත කර ඇතත් පළමු අදියරේ ඉදිකිරීම් විවිධ හේතු මත ප්‍රමාද වී තිබුණා.
විදුලි සේවකයින් අද සහ හෙට ලෙඩ නිවාඩු

විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගතකරණයට එරෙහිව විදුලි සේවකයින් අද සහ හෙට ලෙඩ නිවාඩු වාර්තා කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයකට එළැඹීමට නියමිතයි. ඒ ඔවුන් ක්‍රියාත්මක කර ඇති අකුරට වැඩ කිරීමේ වෘත්තිය ක්‍රියාමාර්ගය අතරතුරයි. කෙසේ වෙතත් සිය ඉල්ලීම්වලට රජයෙන් මෙතෙක් යහපත් ප්‍රතිචාරයක් ලැබී නොමැති බවද විදුලි වෘත්තීය සමිති ප්‍රකාශ කළා. විදුලි වෘත්තිය සමිති කියා සිටියේ බිඳ වැටීම් යාවත්කාලීන කිරීම, බිල්පත් ගෙවීම් […]
ඊශ්‍රායලය කලක් තිස්සේ සැලසුම් කළ ප්‍රහාරයක් ගාසා නගරයට

ඊශ්‍රායලය ගාසා නගරයට දිගු කලක් තිස්සේ සැලසුම් කර තිබූ ප්‍රධාන ගොඩබිම් ප්‍රහාරයක් දියත් කර තිබේ. මෙම හමුදා ප්‍රහාරවලට අමතරව ඊයේ (16) රත්‍රියේ දැඩි ගුවන් ප්‍රහාර එල්ල කර ඇති බව විදෙස් වාර්තා සඳහන් කළේය. ඊශ්‍රායලය ප්‍රහාර හමුවේ පසුගිය පැය 24 තුළ පුද්ගලයින් 59 දෙනෙකු මියගොස් අවම වශයෙන් 386 දෙනෙකු තුවාල ලබා ඇති බව හමාස් සංවිධානය පවසයි. […]
රිය අනතුරකින් කුඩා දැරියකට දිවි අහිමි වෙයි

පෑලියගොඩ පොලිස් වසමේ කොළඹ නුවර ප්‍රධාන මාර්ගයේ රෝහණ විහාරය අසලදී කොළඹ දෙස සිට නුවර දෙසට ධාවනය වූ ත්‍රීරෝද රථයක් පදික මාරුව අසල නවතා තිබූ යතුරු පැදියක හා කාර් රථයක ගැටී ඊයේ (16) අනතුරක් සිදුව තිබුණා. මෙම අනතුරින් ත්‍රීරෝද රථයේ ගමන් කළ කාන්තාවකගේ අතෙහි සිටි කුඩා දැරියක් සහ දරුවෙකු බරපතල තුවාල ලබා රිජ්වේ රෝහලට ඇතුළත් කිරීමෙන් […]
2025 ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ මූලික වටයේ 9 වන තරගයෙ ජය බංග්ලාදේශයට

2025 ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ මූලික වටයේ 9 වන තරගයෙන් ඇෆ්ගනිස්ථාන කණ්ඩායම ලකුණු 08කින් පරාජය කර බංග්ලාදේශ කණ්ඩායම ජයගෙන තිබෙනවා. කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදීමට තීරණය කළ බංග්ලාදේශ කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ කඩුලු 5ක් දැවී ලකුණු 154ක් ලබා ගත්තා. බංගලාදේශය වෙනුවෙන් Tanzid Hasan ලකුණු 52 සහ Saif Hassan ලකුණු 30ක් ලබා ගත්තා. සියල්ල දැවී […]
අදත් ඇතැම් ප්‍රදේශවලට වැසි

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ සහ උතුරු පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇතිවේ. කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළේ, සෙසු ප්‍රදේශවල ප.ව. 1.00න් පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවය. දිවයිනේ ඇතැම් ස්ථානවල මි.මී. 50ට වැඩි තරමක තද වැසි ඇති වේ. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද […]