පුරාවස්තු කැණීම් කරමින් සිටි 08 දෙනකු අත්අඩංගුවට

පුරාවස්තු සෙවීමේ අරමුණින් කැණීම් කරමින් සිටි සැකකරුවන් 08 දෙනකු කැණීම් උපකරණ හා පූජා භාණ්ඩ ද සමඟ ගලේවෙල සහ බණ්ඩාරදූව ප්‍රදේශවලින් අත්අඩංගුවට ගෙන ඇතැයි පොලීසිය පවසනවා. ඊයේ (14) සවස ගලේවෙල පොලිස් වසමේ මාදිපොල ප්‍රදේශයේදී සැකකරුවන් 07 දෙනකු නිදන් හාරමින් සිටින බවට ගලේවෙල පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමකට ලද තොරතුරකට අනුව මෙම වැටලීම සිදුකර ඇතැයි පොලිස් මූලස්ථානය සඳහන් […]
වනඅලියකු පහරදීමෙන් ආරක්ෂක භටයකු ජීවිතක්ෂයට
පොලිස් වසමේ බේත්කෑව ප්‍රදේශයේදී වනඅලියකු පහරදීමෙන් සිවිල් ආරක්ෂක භටයකු ජීවිතක්ෂයට පත්වූ බව කහටගස්දිගිලිය පොලිසිය පවසනවා. මරණකරු වයස අවුරුදු 45 ක් වූ බේත්කෑව, කහටගස්දිගිලිය ප්‍රදේශයේ පදිංචි අයෙකි. වගා කටයුතු සඳහා කුඹුරු ඉඩමක් සුද්ද කරමින් සිටින අවස්ථාවේදී මෙලෙස වනඅලි ප්‍රහාරයකට ලක්ව ඇති බව විමර්ශනයේදී අනාවරණය වි තිබෙනවා. මෘත ශරීරය අනුරාධපුර රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර […]
ආසියානු කුසලාන විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ අද කාසියේ වාසිය ශ්‍රී ලංකාවට

ආසියානු කුසලාන විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව මූලික වටයේ එක්වන දෙවන තරගය හොංකොං කණ්ඩායම සමගින් අද (15) පැවැත්වෙයි. එම තරගයේ කාසියේ වාසිය දිනාගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්වුණි. ඒ අනුව පළමුවෙන් පන්දුවට පහරදීම සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකයා හොංකොං කණ්ඩායමට ආරාධනා කර තිබේ. ශ්‍රී ලංකාව සහ හොංකොං කණ්ඩායම ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ එකිනෙකා හමුවන පළමු අවස්ථාව මෙය […]
කොරියානු භාෂා ප්‍රවීණතා විභාගය සඳහා ප්‍රවේෂපත්‍ර නිකුත් කෙරේ

දකුණු කොරියාවේ නිෂ්පාදන හා ධීවර ක්ෂේත්‍රවල රැකියා සඳහා 2025 වර්ෂයේ පැවැත්වීමට නියමිත කොරියානු භාෂා ප්‍රවීණතා පරීක්ෂණය සඳහා විභාග ප්‍රවේශපත්‍ර නිකුත් කිරීම අද (15) සිට 17 වන දින මධ්‍යම රාත්‍රිය දක්වා මාර්ගගත ක්‍රමය ඔස්සේ සිදුකිරීමට නියමිතය. ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ නිළ වෙබ් අඩවිය වන www.slbfe.lk යන වෙබ් අඩවිය මඟින් විභාගය සඳහා අවශ්‍ය කරන අයදුම්පත් ලබාගැනීම සඳහා […]
සීගිරි කැඩපත් පවුරට හානි කළ තරුණිය රිමාන්ඩ්

ලෝක උරුමයක් වූ සීගිරි කැඩපත් පවුරට හානි වන ලෙස කුරුටු ගෑ තරුණිය ලබන 26 දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස නියෝග කර තිබේ. අදාළ තරුණිය අද (15) දඹුල්ල දිසා විනිසුරු නිලන්ත විමලරත්න මහතා හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙම නියෝගය කර තිබේ. සීගිරියේ කැටපත් පවුරේ කොණ්ඩ කටුවකින් ඉංග්‍රීසි අකුරු හයක් ලියු බවට සැකකපිට මෙම තරුණිය […]
මාරක රිය අනතුරු දෙකකින් පුද්ගලයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට

ඊයේ (14) දිනයේදී සිදුවූ මාරක රිය අනතුරු දෙකකින් පුද්ගලයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. ඒ අනුව ඊයේ රාත්‍රි කාලයේදී තිරුක්කෝවිල් පොලිස් වසමේ අක්කරපත්තු පොතුවිල් මාර්ගයේ තම්බිලුවිල් ප්‍රදේශයේදී අක්කරපත්තුව දෙස සිට පොතුවිල් දෙසට ධාවනය වූ මෝටර් රථයක් ප්‍රතිවිරුද්ධ දෙසින් පැමිණි යතුරුපැදියක ගැටී අනතුරක් සිදුව තිබේ. අනතුරින් යතුරුපැදියේ පැදිකරු සහ පසු පැදිකාරිය බරපතළ තුවාල ලබා තිරුක්කෝවිල් රෝහලට ඇතුළත් […]
දිය නෑමට ගිය දරුවෙකු දියේ ගිලීමෙන් ජීවිතක්ෂයට

ගලේවෙල ප්‍රදේශයේ දේවහූව ජලාශයේ දිය නෑමට ගිය පිරිමි දරුවෙකු දියේ ගිලීමෙන් ජීවිතක්ෂයට පත්ව තිබේ. මෙලෙස මිය ගොස් ඇත්තේ වයස අවුරුදු 11ක් වූ දේවහූව, ගලේවෙල ප්‍රදේශයේ පදිංචි දරුවෙකි. මියගිය දරුවා සිය පියා හා ඥාතීන් සමග එම ජලාශයේ දිය නෑමට ගොස් සිටියදී මෙලෙස දියේ ගිලී අතුරුදන්ව තිබේ. පසුව ඥාතීන් හා ප්‍රදේශවාසීන් එක්ව දියේ ගිලුණු දරුවා ගොඩ ගෙන […]
පිටකොටුව මධ්‍යම බස් නැවතුම්පොළේ නවීකරණ කටයුතු අද ජනාධිපති ප්‍රධානත්වයෙන්

පිටකොටුව මධ්‍යම බස් නැවතුම්පොළේ නවීකරණ කටයුතු අද (15) පෙරවරුවේ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කිරීමට නියමිතව තිබේ. 1964 වසරේ ඉදිකර ඇති පිටකොටුව මධ්‍යම බස් නැවතුම්පොළ මෙලෙස පූර්ණ ප්‍රතිසංස්කරණයකට ලක්වන්නේ වසර 60කට පසුවීම විශේෂත්වයකි. මේ සඳහා වැය කිරීමට අපේක්ෂිත මුදල රුපියල් මිලියන 424ක් වේ. දශක ගණනාවක් තිස්සේ අලුත්වැඩියා හා යාවත්කාලීන කිරීම් සිදු නොකිරීම හේතුවෙන් […]
විදුලිබල මණ්ඩල වෘත්තීය ක්‍රියාමාර්ගය තීව්‍ර කිරීමට පියවර

අකුරට වැඩකිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගය අද (15) සිට තීව්‍ර කරන බව විදුලි බල මණ්ඩල සේවක සංගම් පවසයි. ලංකා විදුලි බලමණ්ඩලය කොටස් හතරකට වෙන් කිරීමට එරෙහිව පසුගිය සතියේ මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය ආරම්භ කරනු ලැබීය මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය අදියර තුනක් ලෙස සිදුකිරීමට ලංකා විදුලි බල මණ්ඩලයේ ඉංජිනේරු සංගමය ඇතුළු අනෙකුත් සංගම් තීරණය කර තිබුණේය. ඒ අනුව එහි පළමු […]
ප්‍රදේශ කිහිපයකට වැසි

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව සඳහන් කර ඇත්තේ ඌව පළාතේත් අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවලත් ප.ව. 1.00 න් පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවය. මේ අතර ඉදිරි පැය 24 […]