පාර්ලිමේන්තු මන්ත්‍රී ඥානමුත්තු ශ්‍රීනේසන් රිය අනතුරකට ලක්වෙයි

ඉලංකෙයි තමිල් අරසු පක්ෂයේ (ITAK) මඩකලපුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ඥානමුත්තු ශ්‍රීනේසන් මහතා රිය අනතුරකින් තුවාල ලබා ඇත. ඒ අනුව ඔහු මඩකලපු රෝහලට ඇතුළත් කර තිබේ. මන්ත්‍රීවරයා අද (14) අම්පාර ප්‍රදේශයේ පැවති එම පක්ෂයේ පක්ෂ රැස්වීමක් සඳහා සහභාගි වී නැවතත් මඩකළපු බලා පැමිණෙමින් සිටියදී කලවංචිකුඩි ප්‍රදේශයේ දී මෙම අනතුරට මුහුණ දී ඇති බව වාර්තා වේ. අනතුරෙන් තුවාල […]

හිටපු ලෝක බොක්සිං ශූර රිකී හැටන් ජීවිතක්ෂයට

හිටපු ලෝක බොක්සිං ශූර රිකී හැටන් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. මිය යනවිට ඔහුගේ වයස අවුරුදු 46ක් බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. ග්‍රේටර් මැන්චෙස්ටර් හි නිවසේදී මියගොස් සිටියදී ඔහුගේ දේහය සොයාගෙන තිබෙනවා. වෘත්තීය තරග බිමේ තරග 48කට සහභාගි වී ඇති ඔහු ඉන් 45ක්ම ජයග්‍රහණය කර ඇත.එහි සුවිශේෂත්වය වන්නේ එම ජයග්‍රහණ අතරින් තරග 32කම ඔහු නොකවුට් ජයග්‍රහණ වාර්තා […]

ඉන්දියාවේ ඇසෑම් ප්‍රාන්තයේ භූමිකම්පාවක්

ඉන්දියාවේ ඇසෑම් ප්‍රාන්තයේ අද (14) ප.ව. 4.41කට පමණ රික්ටර් මාපකගේ 5.8ක භූමිකම්පාවක් ඇතිව තිබේ. එරට මාධ්‍ය වාර්තා කළේ ගුවහාටි ආසන්නයේ මෙය ඇතිව ඇති බවයි. මෙහි ප්‍රබලත්වය උතුරු බෙංගාලයට මෙන්ම අසල්වැසි භූතානයට ද දැනී ඇත. මෙම භූමිකම්පාව කිලෝමීටර 5ක් පමණ පොළව අභ්‍යන්තරයේ සිදුව ඇති අතර, ඉන් සිදු වූ තුවාල හෝ දේපළ හානි පිළිබඳ තොරතුරු මෙතෙක් වාර්තා […]

මෙක්සිකෝවේ අධිවේගී මාර්ගයේ දරුණු අනතුරක්

මෙක්සිකෝවේ අධිවේගී මාර්ගයේ සිදුවූ අනතුරකින් 15 දෙනෙකු ජීවිතක්ෂ‍යට තිබෙනවා. රථ වාහන කිහිපයක් එකිනෙක ගැටී මෙම අනතුර සිදුව ඇති අතර අනතුරත් සමග ගින්නක් ද හටගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. අනතුරින් තුවාල ලැබූවන් කඩිනමින් රෝහල් ගතකිරිමට කටයුතු කර ඇති බවත් ඇතැම් පුද්ගලයින්ගේ තත්ත්වය බරපතල බවත් විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කළා.

රුසියාව විසින් ඩ්‍රෝන ප්‍රහාර 340 ක ප්‍රමාණයක් ව්‍යාර්ථ කරයි

යුක්‍රේනය විසින් එල්ල කළ ඩ්‍රෝන ප්‍රහාර 340 කට ආසන්න ප්‍රමාණයක් ව්‍යාර්ථ කළ බව රුසියානු ආරක්ෂක අමාත්‍යාංශය ප්‍රකාශ කර තිබෙනවා. රුසියානු ගුවන් හමුදාවට අයත් ප්‍රහාරක ජෙට් යානා හයිපර්සොනික් බැලැස්ටික් මිසයිල යොදා ගනිමින් මෙම ඩ්‍රෝන ප්‍රහාරය ව්‍යාර්ථ කර ඇති අතර, ඊට අදාළ දර්ශන ද මාධ්‍යයට නිකුත් කර තිබෙනවා.

බැකෝ සමන්ගේ තවත් සමීපතමයෙකු අත්අඩංගුවට

රඳවාගෙන ප්‍රශ්න කරමින් සිටින සංවිධානාත්මක අපරාධකරුවෙකු වන බැකෝ සමන්ගේ තවත් සමීපතමයෙකු අද (14) අත්අඩංගුවට ගෙන ඇත. තංගල්ල අපරාධ විමර්ශන කොට්ඨාසයේ නිලධාරීන් විසින් 39 හැවිරිදි සැකකරු සූරියවැවදී මෙලෙස අත්අඩංගුවට ගෙන තිබේ මෙම පුද්ගලයා සූරියවැව පොලීසියට භාරදී ඇති අතර, හම්බන්තොට මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉරිපත්කිරීමට නියමිතව ඇත.

මාරවිල මූදු කටුව වෙරළ තීරයට මළ සිරුරක් ගොඩ ගසයි

මාරවිල මූදු කටුව වෙරළ තීරයට මළ සිරුරක් ගොඩ ගසා ඇති බවට අද පැමිණිල්ලකට අනුව මාරවිල පොලීසිය විමර්ශනයක් ආරම්භ කර තිබේ. පොලීසිය පැවසුවේ, එම මළ සිරුරේ හිස, දෙඅත් සහ කකුල් තිබී නොමැති අතර නිල් පැහැති කොට කලිසමක් සහිත ශරීරයේ එක් කොටසක් පමණක් ඉතිරිව තිබූ බවය. පොලීසිය සැක පළ කරන්නේ අදාළ මළ සිරුර පිරිමි පුද්ගලයෙකුගේ මළ සිරුරක් […]

විස්සයි 20 ක්‍රිකට් තරගාවලියේ ඉන්දියාව සහ පාකිස්තානය අතර තරගය අද

ආසියානු කුසලාන විස්සයි 20 ක්‍රිකට් තරගාවලියේ ඉන්දියාව සහ පාකිස්තානය අතර තරගය අද (14) පැවැත්වීමට නියමිතව තිබේ. ඩුබායි ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේදී පැවැත්වෙන තරගය මෙරට වේලාවෙන් රාත්‍රී 8.00ට පැවැත්වීමට නියමිතය. තරගාවලියේ ඒ කාණ්ඩයෙන් තරග වදින එම කණ්ඩායම් දෙකම මේ වන විට සහභාගී වූ පළමු තරගය ජයගැනීමට සමත්ව තිබේ.