කාන්තාවක් තියුණු ආයුධකින් පහර දී ඝාතනය කෙරේ

යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනෙක් විසින් කාන්තාවකට තියුණු ආයුධයකින් පහර දී ඝාතනය කර තිබේ. මෙලෙස මියගොස් ඇත්තේ රජාංගනය ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 49ක් වන දෙදරු මවකි. මීට මාස තුනකට පෙර අදාළ කාන්තාව සිය ස්වාමිපුරුෂයා සමඟ ඇති වූ ආරවුලක් හේතුවෙන් ඔහුගෙන් වෙන්ව තම මහගෙදරට පැමිණ ජීවත්ව සිට ඇති බව වාර්තා වේ. ඇය ඊයේ රාත්‍රියේ දී නිවස […]

උතුරුදිග නයිජීරියාවේ බෝට්ටුවක් පෙරළී පුද්ගලයින් 60 දෙනෙකු මරුට

උතුරුදිග නයිජීරියාවේ ගංගාවක මගී ප්‍රවාහන යාත්‍රාවක් පෙරළී යාමෙන් අනතුරක් සිදුව තිබේ. එරට වාර්තා සඳහන් කළේ අනතුරින් පුද්ගලයින් 60 දෙනෙකු මියගොස් ඇති බවය. යාත්‍රාව ගංගාවේ ගිලී තිබූ ගසක කොටසක ගැටී අනතුර සිදුව තිබූ අතර ඒ වන විටත් යාත්‍රාවේ ධාරිතාව ඉක්මවා සියයකට වැඩි මගීන් පිරිසක් එහි යාත්‍රා කරමින් සිට තිබුණි. අනතුරින් මියගිය පිරිස අතර ළමුන්ද සිටින බව […]

පැය 09ක ජල කප්පාදුවක් කොළඹ ප්‍රදේශ කිහිපයකට

කොළඹ ප්‍රදේශ කිහිපයකට අනිද්දා (06) පැය 09ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසයි. කොළඹ 01 සිට 15 දක්වා ප්‍රදේශවල මෙලෙස ජල සැපයුම අත්හිටුවනු ඇත. එමෙන්ම බත්තරමුල්ල, පැලවත්ත, හෝකන්දර, කොස්වත්ත. තලවතුගොඩ, කෝට්ටේ. රාජගිරිය, මිරිහාන. මාදිවෙල, නුගේ ගොඩ. නාවල, කොළොන්නාව, IDH, කොටිකාවත්ත, අංගොඩ, වැල්ලම්පිටිය, ඔරුගොඩවත්ත, මුල්ලේරියාව, මහරගම. බොරලැස්ගමුව, දෙහිවල, රත්මලාන, මොරටුව […]

ගූගල් සේවාවන් බිඳ වැටීමක්

නැගෙනහිර යුරෝපයේ ගූගල් සේවාවන් බිඳ වැටීමකට ලක්ව තිබේ. ඒ අනුව ගූගල් ආයතනය මගින් සපයන යූ ටියුබ් ඇතුළු සේවාවන් රැසක් මෙලෙස බිද වැටීමට ලක්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා සදහන් කළේය. තුර් කිය, ග්‍රීසිය සහ ජර්මනිය ඇතුළු රටවල් රැසකට මෙම බිඳ වැටීම වර් තා වී ඇති බව සදහන් වේ. මේ වන විට ගූගල් සේවාවන් යලි යථා […]

පෘතුගාලයේ ලිස්බන් අගනුවර දුම්රියක් පීලි පැනීමෙන් 15කට දිවි අහිමිවෙයි

පෘතුගාලයේ ලිස්බන් අගනුවර ප්‍රධාන සංචාරක ආකර්ෂණයක් දිනාගෙන ඇති වසර 140ක් පැරණි ග්ලෝරියා ෆර්නිකියුලර් දුම්රිය පීලි පැනීමෙන් පුද්ගලයින් 15 දෙනෙකු මිය ගොස් ඇත. මෙම අනතුරින් තවත් 18 දෙනෙකු රෝහල් ගත කර ඇති අතර, ඉන් පස් දෙනෙකුගේ තත්ත්වය බරපතළ බව විදෙස් මාධ්‍ය පවසයි. මෙම අනතුර ඊයේ සවස 4.5ට පමණ සිදු වී ඇති අතර මෙම අනතුරින් ජාතිකත්වය තහවුරු කළ නොහැකි […]

කල් ගිය ඩිජිටල් සේවා බද්ද

2025 අංක 4 දරන එකතු කළ අගය මත බදු (සංශෝධන) පනත මඟින් 2025‑10‑01 දින සිට බලපැවැත්වෙන පරිදි නිර්වාසික තැනැත්තෙකු (Non‑resident) විසින් ඩිජිටල් සේවා සැපයීම එකතු කළ අගය මත බද්දට යටත් කර තිබේ. කෙසේ වුවද, ඩිජිටල් සේවාවන් සඳහා එකතු කළ අගය මත බද්ද අය කිරීමේ දී එයට අනුකූල වීම සඳහා සූදානම් වීමට අමතර කාලයක් ලබා දෙන […]

රිය අනතුරු දෙකකින් පුද්ගලයින් දෙදෙනෙකුට දිවි අහිමි වෙයි

පුත්තලම ප්‍රදේශයේ සහ හුංගම පොලිස් වසමේ සිදුවූ රිය අනතුරු දෙකකින් පුද්ගලයින් දෙදෙනෙකු මිය ගොස් තිබේ. ඊයේ (03) පුත්තලම පොලිස් වසමේ කල්අඩි ප්‍රදේශයේදී පුත්තලම සිට ආණමඩුව දෙසට ධාවනය වූ යතුරුපැදියක් මාර්ගයේ ගමන්කළ පැදිකයකුගේ ගැටී අනතුරක් සිදුව ඇත. අනතුරින් අවුරුදු 80ක කල්අඩි ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු මියගොස් යතුරුපැදිකරුද තුවාල ලබා පුත්තලම රෝහලට ඇතුළත් කර ඇත. මෘත ශරීරය පුත්තලම […]

පාසල්වලට සිසුන් ඇතුළත් කිරීම සඳහා නව චක්‍රලේඛයක් නිකුත් කිරීමට අමාත්‍ය මණ්ඩලය අනුමැතිය

පාසල්වල 5 සහ 6 ශ්‍රේණි හැර 2 ශ්‍රේණියේ සිට 11 ශ්‍රේණිය දක්වා සිසුන් ඇතුළත් කිරීම සඳහා නව චක්‍රලේඛයක් නිකුත් කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ. යෝජිත නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීම සඳහා පන්ති කාමරයක සිටින ශිෂ්‍ය සංඛ්‍යාව අනුමත සීමා තුළ පමණක් පවත්වා ගැනීම අත්‍යවශ්‍ය වේ.  එබැවින්, අධ්‍යාපනය සඳහා රටේ සියලුම දරුවන්ට පවතින අයිතිය තහවුරු කරමින් […]

අද සිට විදුලි සේවකයින් අකුරට වැඩ

අත්තනෝමතික ලෙස ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩපිළිවෙලට විරෝධය පල කරමින් අද (04) මධ්‍යම රාත්‍රී සිට දිවයින පුරා අකුරට වැඩකිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගය නිරත වන බව විදුලි සේවක වෘත්තීය සංගම් පවසයි. ලංකා විදුලිබල මණ්ඩලයේ කාර්මික ශිල්පීන්ගේ සංගමයේ සභාපති කෝසල අබේසිංහ මහතා පැවසුවේ, මෙම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය අදියර කිහිපයක් යටතේ ක්‍රියාත්මක කරන බවය.  සිය ගැටලුවලට විසඳුම් ලබාදීමට […]

වනඅලියෙකු හබරණදී දුම්රිය ගැටී තුවාල ලබයි

ඊයේ (03) රාත්‍රියේ ත්‍රිකුණාමලයේ සිට කොළඹ බලා ධාවනය වූ රාත්‍රී තැපැල් දුම්රියේ හබරණ, පුවක්පිටිය ප්‍රදේශයේදී කෙනෙරක් ගැටී තිබේ. දුම්රියේ ගැටී ඇත්තේ වයස අවුරුදු 20ක් පමණ වන කෙනෙරක් බව වනජීවි නිලධාරියකු සඳහන් කළේය. හබරණ, පළුගස්වැව අතර දුම්රිය මාර්ගයේ 128යි භාග කණුව අසල ප්‍රදේශයේදී මෙම වන අලියා දුම්රිය ගැටී තිබෙනවා දුම්රියේ ගැටුණු වනඅලියාගේ ඉදිරි දකුණු පාදය කැඩී […]