Advertise here

People’s pinnacle awards – 2025 සම්මාන උළෙලේදී වසරේ හොඳම පුවත්පත ලෙස ලංකාදීප පුවත්පතත්,වසරේ හොඳම ළමා පුවත්පත ලෙස චූටි බබා පුවත්පතත් සම්මානයෙන් පිදුම් ලබයි.

Facebook
Twitter
WhatsApp
Telegram
👁️ 3,000 Views

MUGP Institutions විසින් සංවිධානය කරනු ලබන People’s Pinnacle Awards 2025 ප්‍රධාන සම්මාන උළෙල ජනවාරි 4 වැනිදා කොළඹ ශැන්ග්‍රිලා හෝටලයේදී උත්කර්ෂවත් ලෙස පැවැත්විණි.

මෙම සම්මාන උළෙල මේ වසරේ පැවැත්වූයේ සිව්වන වරටය.

රට පුරා විවිධ ක්ෂේත්‍රවල කැපීපෙනෙන සේවය කළ පුද්ගලයින්, වෘත්තිකයින් සහ ආයතන මෙම උළෙලේදී සම්මානයට පාත්‍ර විය.

People’s Pinnacle Awards 2025 – ප්‍රධාන හා හොඳම සම්මාන කාණ්ඩ 👇

  • වසරේ හොඳම ළමා පුවත්පත – චූටි බබා පුවත්පත
  • වසරේ හොඳම පුවත්පත – ලංකාදීප පුවත්පත
  • වසරේ හොඳම කාන්තා පුවත්පත – සිරිකත පුවත්පත
  • 2025 වසරේ බ්ලොක්බස්ටර් චිත්‍රපටය – මෝඩ තරිඳු
  • 2025 වසරේ හොඳම ටෙලි නාට්‍යය – ද ලේක්
  • 2025 වසරේ ජනප්‍රියම චිත්‍රපට නිළිය – ශනුද්‍රි ප්‍රියසාද්
  • 2025 වසරේ ජනප්‍රියම චිත්‍රපට නළුවා – සූර්යා දයාරුවන්
  • 2025 වසරේ හොඳම චිත්‍රපට නිළිය – තරින්දි ෆර්නැන්ඩෝ
  • 2025 වසරේ හොඳම චිත්‍රපට නළුවා – වාලම්පුරි චිත්‍රපටය වෙනුවෙන් ප්‍රියන්ත සිරිකුමාර
  • 2025 වසරේ හොඳම ටෙලි නාට්‍ය නිළිය – සේමිණි ඉද්දමල්ගොඩ
  • 2025 වසරේ හොඳම ටෙලි නාට්‍ය නලුවා – චමීර ලියනගේ
  • 2025 වසරේ ජනප්‍රිය ටෙලිනාට්‍ය නළුවා (people) – සජිත ඇන්තනි
  • 2025 වසරේ ජනප්‍රිය ටෙලිනාට්‍ය නිළිය (youth) – නෙත්මි රොශෙල්
  • 2025 ජනප්‍රිය ටෙලි නාට්‍ය නළුවා (youth) – චතුරංග කොඩිතුවක්කු
  • 2025 වසරේ ජනප්‍රිය ටෙලිනාට්‍ය නිළිය (people) – මිෂෙල් දිල්හාරා
  • 2025 වසරේ නැගීඑන ටෙලිනාට්‍ය නිළිය –
    සුහන්දි යූ වොසාඩි
  • 2025 වසරේ නැගීඑන ටෙලිනාට්‍ය නලුවා – යශ් වීරසිංහ
  • වසරේ නැගී එන චිත්‍රපට නළුවා – දමිත් විජයතුංග
  • වසරේ නැගී එන චිත්‍රපට නිළිය – නිහාරි පෙරේරා

People’s Pinnacle Awards 2025 උළෙලේදී විශේෂ ඇගයීමට ලක් විය.

👁️ 3,000 Views

More News..

Advertise here