21 දින කොළඹදී පැවැත්වීමට සැලසුම් කර ඇති රැලියට දමිළ ප්‍රගතිශීලී සන්ධානය සහාය නොදැක්වීමට තීරණය කරයි

විපක්ෂයේ පක්ෂ කීපයක් මේ මස 21 දින කොළඹදී පැවැත්වීමට සැලසුම් කර ඇති රැලියට දමිළ ප්‍රගතිශීලී සන්ධානය සහාය නොදැක්වීමට තීරණය කළ බව දමිළ ප්‍රගතිශීලී සන්ධානයේ නියෝජ්‍ය නායක නුවරඑළිය දිස්ත්‍රික් පා.ම. පලනි දිගම්බරම් මහතා පැවැසීය. ඊයේ (16) දින හැටන් නගරයේදී මාධ්‍ය හමුවක් පවත්වමින් දිගම්බරම් මහතා ඒ බැව් පැවැසීය. මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ පලනි දිගම්බරම් මහතා කියා සිටියේ, […]

හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල පවුලේ සාමාජිකයින්ට එරෙහි නඩු තුනක අධි චෝදනා භාරදෙයි

හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල, ඔහුගේ පුත් රමිත රඹුක්වැල්ල, දියණිය ඇතුළු විත්තිකරුවන් හතර දෙනෙකුට එරෙහිව අල්ලස් කොමිසම විසින් ගොනුකර තිබූ නඩු දෙකක් සඳහා අධි චෝදනා භාරදී තිබෙනවා. ඒ, කොළඹ මහාධිකරණ විනිසුරු මොහොමඩ් මිහාල් ඉදිරියේදීයි. කෙහෙළිය රඹුක්වැල්ල, රමිත රඹුක්වැල්ල, දියණිය වන අමාලි නයනිකා රඹුක්වැල්ල සහ ඔවුන්ගේ සේවිකාවක වන නිපුණී ක්‍රිෂ්ණජිනා යන අයට එරෙහිව ගොනුකර තිබූ නඩු දෙකකට […]

අයිස් මත්ද්‍රව්‍ය සමඟ අඹුසැමි යුවළක් අත්අඩංගුවට

අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 25ක් සමඟ අඹුසැමි යුවළක් අත්අඩංගුවට ගෙන තිබේ. අද (17) මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරන බවට පොලීසියට ලද තොරතුරක් මත මොරටුමුල්ල පොලිස් බල ප්‍රදේශයට අයත් කටුබැද්ද ප්‍රදේශයේදී ත්‍රීරෝද රථයක් පරීක්ෂා කිරීමේදී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 15ක් සමග එම ත්‍රීරෝද රථ රියදුරුව අත්අඩංගුවට ගෙන ඇත.  සැකකරුගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම් හමුවේ අනාවරණය කරගත් තොරතුරු අනුව අගුලාන ප්‍රදේශයේ පිහිටි […]

හිටපු නියෝජ්‍ය කථානායක අජිත් රාජපක්ෂ අල්ලස් කොමිසමට

හිටපු නියෝජ්‍ය කථානායකවරයෙකු වූ අජිත් රාජපක්ෂ මහතා අද පෙරවරු 9.00ට පමණ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව වෙත පැමිණ තිබේ. අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් සිදු කරනු ලබන විශේෂ විමර්ශනයකට අදාළව ප්‍රකාශයක් ලබා දීම සඳහා ඔහු මෙසේ පැමිණ ඇති බව වාර්තා වේ.

එගොඩ උයන මුහුදු තීරයේ දිය නෑමට ගිය පුද්ගලයෙකු දියේ ගිලී අතුරුදන්

ඊයේ (16) වැනි දින සවස් කාලයේ එගොඩ උයන පොලිස් වසමේ එගොඩ උයන මුහුදු තීරයේ දිය නෑමට ගිය පුද්ගලයෙකු දියේ ගිලී අතුරුදන්ව ඇති බවට එගොඩ උයන පොලිස් ස්ථානයට ලද තොරතුරක් මත විමර්ශන ආරම්භ කර තිබෙනවා. මෙලෙස අතුරුදන් ව ඇත්තේ, වයස අවුරුදු 17ක් වන කටුකුරුන්ද, මොරටුව ප්‍රදේශයේ පදිංචිකරුවෙක්. අතුරුදන් වූ පුද්ගලයා තවත් මිතුරන් දෙදෙනෙකු සමඟ ඉහත සඳහන් […]

අයවැයේදී විශේෂ අවශ්‍යතා සහිත ප්‍රජාව පිළිබඳව අවධානය යොමුකර නමුත් ඔවුන්ට උගන්වන ගුරුවරුන්ගේ දීමනාව අඩු කරලා – ජෝසප් ස්ටාලින්

විශේෂ අවශ්‍යතා සහිත ප්‍රජාව පිළිබඳව අවධානය යොමුකර ඇතැයි අයවැයේදී ප්‍රකාශ කළද විශේෂ අධ්‍යාපන අවශ්‍යතා සහිත දරුවන්ට පූර්ණකාලීනව ඉගැන්වීම් සිදුකරන ගුරුවරුන්ගේ ධෛර්ය දීමනාව සියයට 10 සිට සියයට 06 දක්වා අඩුකර ඇතැයි ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් මහතා පැවැසීය. විශේෂ අධ්‍යාපන අවශ්‍යතා සහිත දරුවන් වෙනුවෙන් පූර්ණ කාලීනව ඉගැන්වීම් කටයුතු කරන ගුරුවරුන්ගේ ධෛර්යය දීමනාවන් 10% සිට […]