තලාව රිය අනතුර්කින් දෙදෙනෙකුට තුවාල

තලාව සුනාමි හන්දිය අසල යතුරුපැදියක් හා මෝටර් රථයක් ගැටීමෙන් තුවාල ලැබු දෙදෙනෙකු අනුරාධපුර ශික්ෂණ රෝහලට මේ වන විට ඇතුළත් කර තිබේ. යතුරුපැදිකරු බරපතළ තත්ත්වයෙන් දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන අතර මෝටර් රථය පදවාගෙන ආ ගුරුවරිය ද මේ වනවිට තුවාල ලබා රෝහල්ගත කර ඇත. අනුරාධපුර සිට තලාව දක්වා ගමන් ගත් මෝටර් රථයක් එක්වරම පැමිණි මාර්ගයේ අනුරාධපුර […]
තුසිත හල්ලොලුව අධිකරණයට භාරවීමට එයි

අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට වරෙන්තු නිකුත් කර ඇති ජාතික ලොතරැයි මණ්ඩලයේ හිටපු අධ්‍යක්ෂවරයකු වන තුසිත හල්ලොලුව මහතා අධිකරණයට භාරවීමට පැමිණ තිබේ. ඊයේ (13) ඒ මහතාව අධිකරණයට ඉදිරිපත් කරන ලෙස දන්වමින් කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් ළහිරු සිල්වා මහතා මෙලෙස වරෙන්තු නිකුත් කළේය. ඒ නාරාහේන්පිට ප්‍රදේශයේදී තමන් ගමන් ගත් වාහනයකට කිසියම් පිරිසක් වෙඩි තැබූ බවට සඳහන් […]
බංග්ලාදේශය පුරා යළි විරෝධතා ආරම්භ වේ

බංග්ලාදේශය පුරා යළි විරෝධතා ආරම්භ වී තිබෙනවා. ඒ එරටින් පළාගිය හිටපු අගමැතිනි ශෙයික් හෂීනාට එරෙහිව ගොනු කර ඇති අපරාධ චෝදනා සම්බන්ධ නඩුවේ තීන්දුව ලබන 17 වනදා ප්‍රකාශයට පත්කරන බවට එරට ජාත්‍යන්තර අපරාධ විනිශ්චය සභාව කළ දැනුම් දීමත් සමගයි. හිටපු අගමැතිනියගේ අවාමී ලීගය විසින් එම නඩු විභාගයට විරෝධය පළ කර රට පුරා වර්ජන සහ අඟුලු දැමීමක්ද […]
රාගමදී අයිස් මත්ද්‍රව්‍ය ළඟ තබාගෙන සිටි පුද්ගලයෙකු අත්අඩංගුවට

රාගම හිංගම්මාරුව ප්‍රදේශයේදී අයිස් මත්ද්‍රව්‍ය ළඟ තබාගෙන සිටි පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ. රාගම පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමකට ලද තොරතුරක් මත සිදු කළ වැටලීමකදී මෙම සැකකරු අත්අඩංගුවට ගෙන ඇත. එහිදි සැකකරු සතුව තිබී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රැම් 11යි මිලිග්‍රෑම් 250ක් පොලීසිය සිය භාරයට ගෙන ඇත. අත්අඩංගුවට ගත් සැකකරු 33 හැවිරිදි තුඩුවේගෙදර ප්‍රදේශයේ පදිංචිව සිටි අයෙකි. රාගම පොලීසිය […]
අයවැය හරහා සෞඛ්‍ය ක්ෂේත්‍රයට ලබා දී ඇති පහසුකම් සඳහා යොමු කර ඇති අවදානය අඩුයි

අයවැය හරහා සෞඛ්‍ය ක්ෂේත්‍රයට පහසුකම් රැසක් ලබා දිය හැකි බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ප්‍රකාශ කළා. ඊයේ (13) රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සාමාජිකයින් විපක්ෂ නායකවරයා හමුවූ අවස්ථාවේදීයි ඔහු මෙසේ පවසා ඇත්තේ. ඔහු වැඩිදුරටත් පැවසුවේ නිදහස් සෞඛ්‍ය සේවාව තුළ පිටතින් ඖෂධ මිලදී ගැනීම සිදු නොවිය යුතු බවයි. මේ අතර අද (14) දිනයේදී රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය […]
වනඅලි පහරදීමකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට

නවගත්තේගම කුරුකැටියාව ගම්මානයේ දී වනඅලි පහරදීමකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. මෙලෙස මිය ගොස් ඇත්තේ 46 හැවිරිදි දෙදරු පියෙකි. උපකාරක පංති සඳහා සහභාගී වූ සිය වැඩිමහල් දියණිය රැගෙන ඒම සඳහා කුරුකැටියාව ගම්මානයේ සිට මහ උස්වැව ප්‍රදේශයට යතුරුපැදියකින් යමින් සිටිය දී ඔහු මෙම ප්‍රහාරයට ලක්ව ඇති බව වාර්තා වේ. රෝහල් ගත කරන අවස්ථාව වනවිටත් ඔහු මිය ගොස් […]