සයිප්‍රසයේ ප්‍රබල භූ කම්පනයක්

සයිප්‍රසයේ ප්‍රබල භූ කම්පනයක් සිදු වී තිබෙනවා. සයිප්‍රසයේ වෙරළබඩ නගරයක් වන පැෆොස් සිට කිලෝමීටර් 16ක් පමණ ඊසාන දෙසින් මෙම භූමිකම්පාව සිදු ව තිබෙන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. එරට වේලාවෙන් ඊයේ (12 ) උදෑසන 09.31ට පමණ රික්ටර් මාපකයේ 5.7ක ප්‍රබලත්වයෙන් මෙම භූමිකම්පනය සිදුවී තිබෙනවා. භු කම්පනය උතුරු ඊශ්‍රායලයේ ජනතාවට ද දැනී ඇති බවයි විදෙස් මාධ්‍ය […]

ගෙලිඔය, කරමඩ ප්‍රදේශයේ රිය අනතුරෙන් කාන්තාවක්  මරණයට

පේරාදෙණිය පොලිස් බල ප්‍රදේශයට අයත් ගෙලිඔය, කරමඩ ප්‍රදේශයේ ඊයේ (12) දහවල් සිදු වූ රිය අනතුරෙන් කාන්තාවක්  මරණයට පත්ව තිබේ. මෙම අනතුර ඊයේ ප.ව. 1ට පමණ සිදු වූ අතර, එහිදී මරණයට පත්ව ඇත්තේ කරමඩ ප්‍රදේශයේ පදිංචිකාරියක වන 35 හැවිරිදි එක්දරු මවක්ය. එමෙන්ම මෙම අනතුරෙන් තුවාල ලැබූ ඇගේ දියණිය හා තවත් පුද්ගලයෙකු මේ වනවිට පේරාදෙනිය රෝහලේ ප්‍රතිකාර […]

බස් රථයක් හා ටිපර් රථයක් මුහුණට මුහුණ ගැටී අනතුරක්

අම්බලන්තොට කිවුල ප්‍රදේශයේ දී බස් රථයක් හා ටිපර් රථයක් මුහුණට මුහුණ ගැටී අද (12) පස්වරුවේ අනතුරක් සිදුව තිබේ. අනතුරෙන්ක  42 පිරිසක් තුවාල ලබා ඇති අතර, ඉන් තිදෙනෙකුගේ තත්ත්වය බරපතළ බව වාර්තා වේ.  බරපතළ තුවාල ලැබූ අය අතර ටිපර් රථයේ රියදුරාද සිටින බව සඳහන්. මාතර සිට මහගල්වැව දක්වා ගමන්ගත් පෞද්ගලික බස් රථයක් හා හම්බන්තොට සිට තංගල්ල […]

ඉස්ලාමාබාද් නුවර සිදු වූ මරාගෙන මැරෙන ප්‍රහාරය ගැන පාකිස්තාන අගමැතිගෙන් චෝදනා

ඉස්ලාමාබාද් නුවර සිදු වූ මරාගෙන මැරෙන ප්‍රහාරය ඉන්දියාව විසින් මෙහෙයවන ලද්දක් බවට පාකිස්තාන අගමැති ෂෙබාස් ෂරීෆ් චෝදනා කර තිබේ. පසුගිය අඟහරුවාදා (11දා) සිදු වූ මෙම ප්‍රහාරයෙන් පුද්ගලයෝ 12 දෙනෙක් මරණයට පත් වූහ. ඊයේ (13දා) මාධ්‍ය අමතමින් පාකිස්තාන අගමැතිවරයා ප්‍රකාශ කර තිබුණේ මේ ප්‍රහාරය ඉන්දියානු රාජ්‍ය ත්‍රස්තවාදයේ නරකම උදාහරණය බවත් ඉන්දියාවේ මෙවැනි දුෂ්ට කුමන්ත්‍රණ ලෝකය හෙළා […]