සම්පත් මනම්පේරිට අයත් බස් රථයක්, මෝටර් රථයක් සහ කැබ් රථයක්පොලිස් භාරයට

රැදවුම් නියෝග මත පොලිස් භාරයේ සිටින සම්පත් මනම්පේරිට අයත් බව කියන බස් රථයක්, මෝටර් රථයක් සහ කැබ් රථයක් පොලිසිය සිය භාරයට ගෙන තිබේ. බස්නාහිර පළාත් උතුර අපරාධ විමර්ශන කොට්ඨාසයේ නිලධාරීන් විසින් සම්පත් මනම්පේරි යන අයගේ මිද්දෙණිය ප්‍රදේශයේ පිහිටි නිවස පරීක්ෂා කිරීමේ දී අදාළ වාහන සොයා ගෙන ඇති බව සඳහන් වේ. පසුගියදා සම්පත් මනම්පේරි යන අය […]
අයවැය හිඟය රු.බිලියන 1757ක්

මුදල් ඇමැතිවරයා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ඊයේ (07දා) සවස පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ ලබන වසර (2026) සඳහා වන රාජ්‍ය අයවැය ලේඛනයෙන් ලබන වසරේ සමස්ත අයවැය හිඟය රු.බිලියන 1757ක් දක්වා ඉහළ යනු ඇතැයි ඇස්තමේන්තු කර ඇත. මේ වර්ෂය (2025) සඳහා සංශෝධිත අයවැය හිඟය රු.බිලියන 1448ක් වන අතර මේ අනුව ලබන වසරේදී සමස්ත අයවැය හිඟය […]
මහින්දානන්ද-නලින් ඇප ඉල්ලීම් ප්‍රතික්ෂේප වේ

කොළඹ විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණය විසින් බරපතළ වැඩ සහිත වසර 25ක හා වසර 20ක සිරදඬුවම් නියම කර සිටින හිටපු අමාත්‍යවරුන් වන නලින් රුවන්ජිත් ප්‍රනාන්දු හා මහින්දානන්ද අලුත්ගමගේ යන අය විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට ගොනුකර ඇති අභියාචනා පෙත්සම්වලට යටත්ව තමන් එම විත්තිකරුවන් දෙදෙනා වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් කල ඇප ඉල්ලිම් කොළඹ ස්ථිර ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ල විසින් ඊයේ (07දා) ප්‍රතික්ෂේප […]
පාපැදිකින් ගමන්කළ දරුවෙක් ලොරි රථයක ගැටීමෙන් ජිවිතක්ෂයට

ගාල්ල – කොළඹ ප්‍රධාන මාර්ගයේ වෙට්ටුමකඩ හන්දිය අසලදී පාපැදියක ගමන්කළ දරුවෙකු ලොරි රථයක ගැටීමෙන් මියගොස් තිබේ. ගාල්ල දෙස සිට කොළඹ දෙසට ධාවනය වූ ලොරි රථය ඊයේ (07) රාත්‍රියේ ගමන්කිරිමේ දී මෙලෙස මාර්ගය හරහා පාපැදිකින් ගමන්කළ දරුවාගේ ගැටී ඇත. අනතුරින් බරපතළ තුවාල ලැබූ දරුවා කළුතර නාගොඩ රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් තිබේ. මෙලෙස මියගොස් ඇත්තේ වයස […]
හෙරොයින් කිලෝග්‍රෑම් 3කට වැඩි ප්‍රමාණයක් සමග සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට

ගාල්ල, සීනිගම තෙල්වල ප්‍රදේශයේ දී හෙරොයින් කිලෝග්‍රෑම් 3කට වැඩි ප්‍රමාණයක් සමග සැකකරුවන් තිදෙනෙකු අද (8) පෙරවරුවේ අත්අඩංගුවට ගෙන තිබේ. යුද හමුදා බුද්ධි නිලධාරීන්ට ලද තොරතුරක් මත පොලිස් විශේෂ කාර්ය බලකායේ දකුණු පළාත් විශේෂ මෙහෙයුම් ඒකකයේ නිලධාරීන් සමග එක්ව සිදුකරන ලද වැටලීමකදී මෙම පිරිස අත්අඩංගුවට ගැනීමට හැකිව තිබේ.
2026 අයවැය දෙවන වර කියවීමේ විවාදය අද

2026 අයවැය දෙවන වර කියවීමේ විවාදය අද (08) සිට ආරම්භ වෙයි. අයවැය දෙවන වර කියවීමේ ඡන්ද විමසීම නොවැම්බර් 14 වන සිකුරාදා පස්වරු 6ට පැවැත්වීමට නියමිත බව පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුව පැවසුවේය. අයවැය තෙවන වර කියවීම හෙවත් කාරක සභා අවස්ථාවේ විවාදය නොවැම්බර් මස 15 සිට දින 17ක් පැවැත්වීමෙන් පසු අයවැය තෙවන වර කියවීමේ ඡන්ද විමසීම දෙසැම්බර් මස […]