රත්‍රං මිලෙහි සුළු වෙනසක්

ශ්‍රී ලංකාවේ රත්‍රං මිල ඊයේ (03) දිනට සාපේක්ෂව රුපියල් 1,000කින් පහළ ගොස් ඇති බව වෙළෙඳපොළ දත්ත පෙන්නුම් කරයි. ඒ අනුව අද (04) පෙරවරුවේ කොළඹ හෙට්ටිවීදිය රන් වෙළෙඳපොළෙහි “කැරට් 22” රන් පවුමක මිල රු. 293,200ක් දක්වා පහළ ගොස් තිබේ. ඊයේ දිනයේ දී එය දැක්වුණේ රු. 294,000ක් ලෙසයි. මේ අතර ඊයේ දිනයේ දී රු. 318,000ක් ලෙස පැවති […]
ත්‍රිරෝද රථයක් පෙරළී රියැදුරු ලෙස කටයුතු කළ කාන්තාවක් ජීවිතක්ෂයට

බෙලිඅත්ත දික්වැල්ල මාර්ගයේ කුඩාහීල්ල ප්‍රදේශයේදී ත්‍රිරෝද රථයක් පෙරළී යාමෙන් එහි රියැදුරු ලෙස කටයුතු කළ කාන්තාවක් ජීවිතක්ෂයට පත්ව ඇතැයි බෙලිඅත්ත පොලිසිය පවසනවා. මෙම අනතුර ඊයේ (03) සවස සිදුව තිබෙනවා. මෙම අනතුරින් ජීවිතක්ෂයට පත්ව ඇත්තේ 46 හැවිරිදි දොළහේනවත්ත, ගලගම බටහිර, නාකුළුගමුව ලිපිනයේ පදිංචි විජේතුංග ආරච්චිගේ සමන් කුමාරි නමැති විවාහක කාන්තාවක්. ඇය රැගත් ත්‍රීරෝද රථය දික්වැල්ල දෙස සිට […]
දේශීය ආදායම් දෙපාර්තමේන්තුවෙන් ආදායම් බදු ගෙවන්නන්ට විශේෂ දැනුම්දීමක්

2024/2025 තක්සේරු වර්ෂ සඳහා ආදායම් බදු වාර්තා ලබාදීම සම්බන්ධයෙන් දේශීය ආදායම් දෙපාර්තමේන්තුව නිවේනදය නිකුත් කර තිබේ. එම දෙපාර්තමේන්තුව නිවේදනය කරන්නේ, ඉහත සඳහන් තක්සේරු වර්ෂයට අදාළ ආදායම් බදු සඳහා ලියාපදිංචි වී ඇති සියලුම තැනැත්තන් ආදායම් බදු වාර්තා මාර්ගගතව නොවැම්බර් මස 30 වන දින හෝ එදිනට පෙර භාරදීම අනිවාර්ය බවය. නියමිත දිනට ආදායම් බදු වාර්තා භාර නොදෙන […]
චරිත රත්වත්තේට ඇප

දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් සැකපිට අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගත් මුදල් අමාත්‍යංශයේ හිටපු ලේකම්වරයෙකු වන චරිත රත්වත්තේ මහතා ඇපමත මුදා හරින ලෙසට කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ. ඒ අල්ලස් කොමිසමේ නිලධාරීන් හා සැකකරුගේ නීතිඥවරු ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අසංග එස් බෝදරගම මහතා මෙම නියෝගය ලබා දී ඇති බව සඳහන්ය. සැකකරු […]
නේපාලයේ හිමාල කඳුවැටියේ කඳවුරු ආශ්‍රිත කොටස නාය යැමෙන් තුන්දෙනෙකු මරුට

නේපාලයේ හිමාල කඳුවැටියේ යාලුන්ග් රායි කන්ද තරණය කිරීමට පැමිණි පිරිසක් අනතුරකට ලක්ව තිබේ. ඔවුන් රැදී සිටි කඳවුරු ආශ්‍රිත කොටස නාය යෑමකට ලක්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය. ගලවා ගැනීමේ කණ්ඩායම් විසින් මළ සිරුරු දෙකක් සොයාගෙන ඇති අතර, හිමෙන් වැළලී ඇති බවට විශ්වාස කෙරෙන ඉතිරි අය සොයමින් සිටිති. තවත් අට දෙනෙකු බේරාගෙන ඇති අතර […]
උසස් පෙළ විභාගයට උපකාරක පන්ති පැවැත්වීම අද මධ්‍යම රාත්‍රියේ සිට තහනම්

උසස් පෙළ විභාගයට (2025) අදාළ උපකාරක පන්ති පැවැත්වීම අද (04දා) මධ්‍යම රාත්‍රියේ සිට තහනම් බව විභාග දෙපාර්තමේන්තුව පවසයි. විභාගය ලබන 10 වැනිදා සිට දෙසැම්බර් 05 දක්වා පැවැත්වෙන බව විභාග කොමසාරිස් ජනරාල් ඒ. කේ. එස්. ඉන්දිකා කුමාරි ලියනගේ මහත්මිය සඳහන් කළාය. විභාගය සඳහා පාසල් අයදුම්කරුවන් 246,521 ක් සහ පෞද්ගලික අයදුම්කරුවන් 94,004 ක් ඇතුළුව සියලු අයදුම්කරුවෝ 340,525ක් […]
අම්පාර ප්‍රදේශයේ දී මුගුරකින් පහර දී පුද්ගලයෙකු ඝාතනය කිරීමක්

අම්පාර, මධ්‍යම කඳවුර ප්‍රදේශයේ දී මුගුරකින් පහර දී පුද්ගලයෙකු ඝාතනය කර තිබේ. පොලීසිය සඳහන් කළේ දෙපාර්ශවයක් අතර ඇතිවූ පැරණි අරවුලක් දුරදිග යාමෙන් පොල්ලකින් හිසට සිදුකළ පහර දීමකින් මෙම ඝාතනය සිදුව ඇති බවය. මියගොස් ඇත්තේ 31 හැවිරිදි වීරගොඩ ප්‍රදේශයේ පදිංචිව සිටි අයෙකු බව සඳහන් වේ. ඝාතනයට සම්බන්ධ පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය පැවසුවේය. සිද්ධිය […]
අම්බලන්ගොඩ දී වෙඩි වැදීමෙන් තුවාල ලැබූ ව්‍යාපාරිකයා ජීවිතක්ෂයට

අම්බලන්ගොඩ නගර සභාව අසල අද (04) උදෑසන සිදුවූ වෙඩි වැදීමෙන් තුවාල ලැබූ ව්‍යාපාරිකයා ජීවිතක්ෂයට පත්ව තිබේ. සුදු පැහැති මෝටර් රථයකින් පැමිණි නාදුනන පුද්ගලයෙකු ටී 56 වර්ගයේ ගිනි අවියකින් වෙඩි ප්‍රහාරය එල්ල කර පලාගොස් ඇති බවයි පොලිසිය පැවසුවේ. වෙඩි වැදීමෙන් තුවාල ලැබු පුද්ගලයා ප්‍රතිකාර සඳහා බලපිටිය මුලික රෝහලට ඇතුළත් කර සිටියදී මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත. සංවිධානාත්මක […]
මත්ද්‍රව්‍ය මුලිනුපුටා දැමීමේ ‘රටම එකට’ මෙහෙයුම යටතේ පෙරේදා 1282ක් අත්අඩංගුවට

මත්ද්‍රව්‍ය මුලිනුපුටා දැමීමේ ‘රටම එකට’ මෙහෙයුම යටතේ පෙරේදා (02දා) වැටලීම් 1274ක් සිදුකළ බව පොලිසිය පවසයි. එම වැටලීම්වලදී සැකකරුවන් 1282ක් පොලිස් අත්අඩංගුවට පත්ව තිබේ. ඒ අනුව හෙරොයින් වැටලීම් 437කින් හෙරොයින් කිලෝ 86යි ග්‍රෑම් 153ක් අයිස් මත්ද්‍රව්‍ය වැටලීම් 448කින් අයිස් කිලෝ 252යි ග්‍රෑම් 129ක් සොයාගත් බවද පොලිසිය කියයි. මීට අමතරව වැටලීම් 327කින් ගංජා කිලෝ 05යි ග්‍රෑම් 391ක් […]