කලවාන ප්‍රදේශයේ වෙඩිතැබීමක්

කලවාන, දෙල්ගොඩ ප්‍රදේශයේ සිදුවූ වෙඩිතැබීමකින් පුද්ගලයින් දෙදෙනෙකු තුවාල ලබා තිබේ. තුවාල ලැබූවන් මේ වනවිට ප්‍රතිකාර සඳහා රත්නපුර රෝහලට ඇතුළත් කර ඇත.
බැකෝ සමන් නමැත්තාගේ බිරිඳට ඇප

රිමාන්ඩ් භාරයේ සිටි බැකෝ සමන් නමැත්තාගේ බිරිඳ වන ශාධිකා ලක්ෂානී නමැත්තිය ඇප මත මුදා හරින ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියම කර තිබේ. සැකකාරියගේ ඇප නියෝගය ප්‍රකාශයට පත් කරමින් කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අසංග එස් බෝදරගම මහතා මෙම නියෝගය නිකුත් කළේය. විෂ මත්ද්‍රව්‍ය පනතේ 54(1 ) වගන්තිය යටතේ සැකකාරිය රිමාන්ඩ් භාරයට පත්කිරීමට තරම් සෑහීමකට පත් විය හැකි […]
හීටරයකින් විදුලි සැර වැදී සිදු වූ අනතුරකින් කාන්තාවක් ජීවිතක්ෂයට

බොක්කාවල පොලිස් වසමේ රඹුකේවෙල ප්‍රදේශයේ ඊයේ (30) රාත්‍රියේ විදුලි සැර වැදී සිදු වූ අනතුරකින් කාන්තාවක් ජීවිතක්ෂයට පත්ව ඇත. විදුලි හීටරයක් ස්පර්ශ වී ඇය මෙලෙස මියගොස් ඇති බව දැනට සිදුකරන ලද විමර්ශනයේදී අනාවරණය වී තිබේ. මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 35ක් වූ රඹුකේවෙල, මහනුවර ප්‍රදේශයේ පදිංචිකාරියක්ය. සිද්ධිය සම්බන්ධයෙන් බොක්කාවල පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.
පද්මේගේ ගෝලයන් 03 දෙනෙකු රු. කෝටි කට අධික අයිස් මත්ද්‍රව්‍ය තොගයක් සමග අත්අඩංගුවට

රුපියල් කෝටි තුනහමාරක පමණ වටිනාකමක් ඇති අයිස් මත්ද්‍රව්‍ය තොගයක් වත්තල පොලිස් වසමේ පල්ලියවත්ත ප්‍රදේශයේදී වැටලීම සම්බන්ධයෙන් තවත් තොරතුරු අනාවරණය වී තිබේ. ඒ අනුව ඊයේ (30) සවස සිදුකළ මෙම වැටලීමේදී අත්අඩංගුවට ගෙන ඇත්තේ සංවිධානාත්මක අපරාධකරුවෙකු සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු බව කියන මේ වනවිට අත්අඩංගුවේ පසුවෙන කෙහෙල්බද්දර පද්මේගේ ගෝලයක් තිදෙනෙකුවය. සැකකරුවන් අවුරුදු 25, 21 සහ 28 යන වයස්වල පසුවෙන […]
ඇන්ඩෘ කුමරුට රජ පවුලෙන් ‘කුමාර’ පදවිය අහිමි වෙයි
මහා බ්‍රිතාන්‍යයේ තුන්වැනි චාල්ස් රජුගේ බාල සහෝදරයා වන ඇන්ඩෘෘ කුමරු යෝර්ක් ආදිපාද තනතුර අත්හැරීම හේතුවෙන් ඔහුගේ ‘කුමරු’ පදවිය අහිමි කිරීමට බකිංහැම් මාලිගය කටයුතු කර ඇත. ඒ ළමා අපචාර චෝදනා ලැබූවෙකු වන මේ වනවිට ජීවතුන් අතර නොමැති අමෙරිකානු ජාතික ජෙෆ්රි එප්ස්ටෙයින් සමග සබඳතා පැවැත් වූ බවට ඇන්ඩෘෘ කුමරුට වසර ගණනාවක සිට චෝදනා එල්ල විම හේතුවෙන්. නිවේදනයක් නිකුත් […]
වෛද්‍ය නිලධාරීන්ගේ වැඩ වර්ජනය දහවල් 12 දක්වා කල් යයි

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අද (31) උදෑසන 8.00ට ආරම්භ කිරීමට නියමිතව තිබූ දීප ව්‍යාප්ත වැඩ වර්ජනය අද (31) දහවල් 12 දක්වා කල් දමා තිබෙනවා. ඒ සෞඛ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස සමඟ සිදුකළ දුරකථන සාකච්ඡාවකින් අනතුරුවයි. ඊයේ රාත්‍රියේ සෞඛ්‍ය අමාත්‍යවරයා , සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා සහ රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමය අතර පැවති විශේෂ සාකච්ඡාවේදි, සෞඛ්‍ය අමාත්‍යංශය විසින් […]