ගාසා තීරයට ප්‍රබල ප්‍රහාර එල්ල කිරීමට ඊශ්‍රායලයෙන් නියෝග

ගාසා තීරයට වහාම “ප්‍රබල ප්‍රහාර” එල්ල කරන ලෙස ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු ඊයේ (28) හමුදාවට නියෝග කර තිබේ. මෙම තීරණයට හේතුවී ඇත්තේ හමාස් සංවිධානය විසින් සටන් විරාම ගිවිසුම් කොන්දේසි උල්ලංඝනය කර ඇතැයි ඊශ්‍රායලය වාර්තා කිරීමයි. නෙතන්යාහුගේ නියෝගය නිකුත් කිරීමට හේතුවී ඇත්තේ ප්‍රධාන වශයෙන් කරුණු දෙකක්වන අතර එනම් සොල්දාදුවන් වෙත වෙඩි තැබීම සහ ප්‍රාණ ඇපකරු සිරුරු […]

මත්ද්‍රව්‍ය වැටලීම් උතුරේ මෙන්ම දකුණේත් වැඩි කරනවා – මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල

උතුරේ මෙන්ම දකුණේ මත්ද්‍රව්‍ය වැටලීම් වැඩි කරන බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල පවසනවා. කිලිනොච්චිය ප්‍රදේශයේ සිදුකළ සංචාරයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව පැවසුවා. මේ අතර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගේ මධ්‍යස්ථානයක් බවට මෙරට පත්වී ඇද්දැයි සැකයක් පවතින බව රේගු මාධ්‍ය ප්‍රකාශක චන්දන පුංචිහේවා පවසනවා. ඒ, ඊයේ පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදීයි.

නාරහේන්පිට, දාබරේ මාවතේ පිහිටි මහල් නිවාස සංකීර්ණයක ගින්නක්

නාරහේන්පිට, දාබරේ මාවතේ පිහිටි මහල් නිවාස සංකීර්ණයක මේ වනවිට ගින්නක් හටගෙන තිබේ. අදාළ නිවාස සංකීර්ණයේ පස්වන මහලේ මෙම ගින්න හටගෙන ඇති බව වාර්තා වේ. ගින්න මැඬපැවැත්වීම සඳහා ගිනිනිවීමේ රථ තුනක් ද යොමු කර තිබේ.

මොන්තා සුළි කුණාටුව ආන්ද්‍රාවලට ඇතුළු වෙයි

මොන්තා සුළි කුණාටුව ඊයේ (28) මධ්‍යම රාත්‍රියේ ආන්ද්‍රා ප්‍රදේශ් සහ යනාන් වෙරළ තීරයන් හරහා ගමන් කර ගොඩබිමට ඇතුළු වී තිබෙනවා. ඉදිරි පැය 24 තුළ මෙම තත්ත්වය හමුවේ දිවයිනට උතුරු දෙසින් වන ගැඹුරු මුහුදු ප්‍රදේශ ආශ්‍රිතව ධීවර සහ නාවුක කටයුතුවලින් වැළකී සිටින ලෙසයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙන්නේ. කන්කසන්තුරය සිට ත්‍රිකුණාමලය දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු […]

බද්දේගම ප්‍රාදේශීය සභාව් උපසභාපතිවරයාට පහරදුන් පුද්ගලයා රිමාන්ඩ්

බද්දේගම ප්‍රාදේශීය සභාව් උපසභාපතිවරයාට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පුද්ගලයා ලබන 31වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත තිබේ. සැකකරු සැඟව සිට දින 4කට පසුව නීතීඥයෙකු මාර්ගයෙන් පෝද්දල පොලීසියට භාරවී ඇති බව සඳහන්ය. අනතුරුව සැකකරු ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් සමීර දොඩම්ගොඩ මහතා හමුවට ඉදිරිපත්කළ අතර එහිදී ඔහු රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කර තිබේ. පසුගිය 24 වනදා බද්දේගම ප්‍රාදේශීය […]

මහජන ආරක්ෂාව සහ ජාතික ආරක්ෂාව එකට ගමන් කළ යුතුයි – හිටපු ආණ්ඩුකාර ලක්ෂ්මන් යාපා

මහජන ආරක්ෂාව සහ ජාතික ආරක්ෂාව එකට ගමන් කළ යුතු බව හිටපු ආණ්ඩුකාර ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා පැවසීය. ඒ මහතා ඒ බව ප්‍රකාශ කළේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂ මූලස්ථානයේ ඊයේ දින (27) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි. එහිදි අබේවර්ධන මහතා මෙසේද පැවසීය. ආරක්ෂක අමාත්‍යවරයා සඳහන් කරනවා ජාතික ආරක්ෂාව පිළිබඳව ගැටලු‍වක් නැහැ කියලා. ජාතික ආරක්ෂාවයි, මහජන ආරක්ෂාවයි […]

ගණේමුල්ල සංජීව ඝාතන සිද්ධියට අදාළව ආධාර අනුබල දුන් නීතිඥවරියක් අත්අඩංගුවට

ගණේමුල්ල සංජීව ඝාතන සිද්ධියට අදාළව නීතිඥවරියක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන තිබේ. ගණේමුල්ල සංජීව ඝාතනය සඳහා පැමිණි ඉෂාරා සෙව්වන්දිට පිස්තෝලය සැඟවා රැගෙන ඒම සඳහා දණ්ඩ නීති සංග්‍රහයේ පිටපතක් ලබා දී ඇත්තේ මෙම නීතීඥවරිය බව සඳහන්ය. ඊයේ (28) මෙම නීතීඥවරිය රාත්‍රී කඩවත ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ. පසුගිය පෙබරවාරි 19 වන දින නඩු කටයුත්තක් සදහා අලුත්කඩේ […]

ඉන්දුනීසියාව BANDA වෙරළේ ප්‍රබල භූ කම්පනයක්

ඉන්දුනීසියාව ආසන්නයේ BANDA වෙරළේ ප්‍රබල භූ කම්පනයක් හටගෙන තිබේ. එම භූ කම්පනය රික්ටර් මාපකයේ  6.4ක් ලෙස සටහන් වූ බව ජර්මානු භූ විද්‍යා පර්යේෂණ මධ්‍යස්ථානය වාර්තා කර තිබේ. භූ කම්පනය කිලෝමීටර් 137ක් ගැඹුරින් සිදු වූ බව ජර්මානු භූ විද්‍යා පර්යේෂණ මධ්‍යස්ථානය පැවසීය. මෙම භූ කම්පනය හේතුවෙන් සුනාමි අවධානමක් ඇතිව නොමැති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.