අධිවෙිගී මාර්ගවල ධාවනය කරනු ලබන වාහනවල ආසන පටි පැලඳීම ගැන තීරණය

අධිවෙිගී මාර්ගවල ධාවනය කරනු ලබන වාහනවල ගමන් ගන්නා මගීන් විසින් ආසන පටි පැලඳීම අනිවාර්ය කරමින් මෝටර් වාහන පනත යටතේ සාදන ලද නියෝග පාර්ලිමේන්තුවේ අනුමැතියට ඉදිරිපත් කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ. වැඩබලන ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කළ මෙම යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර අත. අධිවේගී මාර්ගවල සිදුවන රථවාහන අනතුරු දිනෙන් […]
හිටපු ජනාධිපති රනිල් එරෙහි නඩුව නැවත කැඳවීම හෙට

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහට එරෙහිව පොදු දේපළ පනත ප්‍රකාරව චෝදනා නගා ඇති පැමිණිල්ල කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේදී හෙට (29) යළි කැදැවීමට නියමිතව තිබෙනවා. කොළඹ කොටුව මහෙස්ත්‍රාත් නිලුපුලී ලංකාපුර මෙනවියගේ නියෝගය පරිදි පසුගිය අගෝස්තු 22 දින රක්ෂිත බන්ධනාගාරගත කෙරුණු අතර ඊට අදාළ නීති කෘත්‍ය අගෝස්තු 26 වනදා නැවත කැඳවනු ලැබීය. එහිදී පැමිණිලි සහ විත්ති පාර්ශ්ව විසින් […]
කෙන්යාවේ ගුවන් යානයක් කඩාවැටී පුද්ගලයන් 11 ජිවිතක්ෂයට

කෙන්යාවේ වෙරළබඩ කලාපයක් වන ක්වාලේ හිදී කුඩා ගුවන් යානයක් අද උදෑසන කඩාවැටීමෙන්, එහි ගමන් කළ පුද්ගලයන් 11 දෙනෙකු මියගොස් ඇතැයි විදෙස් වාර්තා පවසනවා.ගුවන් යානයේ කිසිවකු දිවිගලවාගෙන නැති බව එහි සඳහන්. මෙම අනතුර සිදුව ඇත්තේ ඩියානි ගුවන් පථයේ සිට කිලෝමීටර් 40ක් (සැතපුම් 25ක්) පමණ දුරින් පිහිටි කඳුකර සහ වනාන්තර ප්‍රදේශයකදීයි. ගුවන් යානය ගුවන්ගතවී මිනිත්තු කිහිපයකට පසු […]
වැලිගම සභාපති ඝාතනය කිරීමේ සිද්ධියට අදාළව සැකකරුවන් තිදෙනෙක් රක්ෂිත බන්ධනාගාර කෙරේ

වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපති ලසන්ත වික්‍රමසේකර මහතා වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට අදාළව සැකපිට අත්අඩංගුවට ගත් සැකකරුවන් තිදෙනෙක් එළැඹෙන 30 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ. අද (28) ඔවුන් මාතර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත්කිරීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාරගත කර ඇත. මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත්තේ, වෙඩික්කරුවන්ට යතුරුපැදිය ලබාදුන් පුද්ගලයා, එම යතුරුපැදිය අලුත්වැඩියා කර දුන් තැනැත්තා සහ […]
මෙල්බන් නගරයේ විරෝධතා වල උණුසුම් තත්ත්වයක්

මෙල්බන් නගරයේ මේ දිනවල සතිපතා විරෝධතා සහ ප්‍රචණ්ඩත්වයෙන් සිදුවෙමින් පවතින බව වාර්තා වේ. ගාසා තත්ත්වය සහ සංක්‍රමණ ගැටළු පිළිබඳ කනස්සල්ල පළ කිරීමට ජනතාව රැස් වන අතර, සාමකාමී විරෝධතා ඇතැම්විට ප්‍රචණ්ඩත්වයට හැරෙන බවයි වාර්තා වන්නේ. පොලිසියට එරෙහිව විරෝධතාකරුවන් වීදුරු බෝතල් විසි කිරීම වැනි පහරදීම්ද වාර්තා වෙයි. මේ හේතුවෙන් වික්ටෝරියා පොලිස් නිලධාරීන් කිහිප දෙනෙක් තුවාල ලබා රෝහල්ගත […]
මහින්දානන්ද සහ නලින්ගේ අභියාචනා ජනවාරි මස 20 කැඳවයි

දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ වරදකරු වී සිරදඬුවම් නියම වී සිටින මහින්දානන්ද අලුත්ගමගේ සහ නලින් ප්‍රනාන්දු යන හිටපු අමාත්‍යවරු දෙදෙනා විසින් එම දඬුවමට එරෙහිව ඉදිරිපත් කර තිබෙන අභියාචනා ජනවාරි මස 20 වනදා කැඳවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය නියම කර තිබේ. මෙම අභියාචනා අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන මහතා ප්‍රමුඛ ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ […]
කැරට් 22 රන් මිල රුපියල් ලක්ෂ තුනට වඩා පහළ යයි

පසුගිය සති කිහිපයකට සාපේක්ෂව මෙරට රන් මිල රුපියල් ලක්ෂ තුනට වඩා පහළ ගොස් තිබේ. ඒ අනුව කැරට් 22 රන් පවුමක මිල රු 298,000ක් ලෙස දැක්වුණි. පසුගිය ඔක්තෝබර් මස 17 වන සිකුරාදා කැරට් 22 රන් පවුමක මිල රු. 379,200ක් ලෙස දැක්වුණි. මේ අතර එදින රු. 410,000ක් ලෙස පැවති “කැරට් 24” රන් පවුමක මිල අද වනවිට රු. […]
භාණ්ඩ ප්‍රවාහන දුම්රියක වනඅලියෙකු ගැටී මරුට

ගල්ගමුව සහ අඹන්පොල අතර දී භාණ්ඩ ප්‍රවාහන දුම්රියක වනඅලියෙකු ගැටී ඊයේ (27) රාත්‍රී 8.45ට පමණ අනතුරක් සිදුව තිබේ. ඒ හේතුවෙන් උතුරු මාර්ගයේ දුම්රිය ගමනාගමනයට බාධා ඇතිව ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පැවසීය. මෙම අනතුරින් වනඅලියා ජීවිතක්ෂයට පත්ව ඇත.
දකුණු ආසියානු මලල ක්‍රීඩා තාරගාවලියෙන් අනුශූරතාව හිමිකරගත් ශ්‍රී ලංකා කණ්ඩායම අද යළි දිවයිනට

ඉන්දියාවේ පැවති 04 වන දකුණු ආසියානු මලල ක්‍රීඩා තරගාවලියට එක්වෙමින් එහි අනුශූරතාව හිමිකරගත් ශ්‍රී ලංකා කණ්ඩායම අද (28) අලුයම දිවයිනට පැමිණියේය. ශ්‍රී ලංකා කණ්ඩායම පිළිගැනීම සඳහා ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ මහතාද කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණ සිටියේය. දකුණු ආසියානු මළළ ක්‍රීඩා තරගාවලියට සහභාගී වූ ශ්‍රී ලංකා කණ්ඩායම එහිදි රන් පදක්කම් 16ක් , රිදී පදක්කම් 14ක් […]