වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපති ඝාතනය කිරීමේ සිදුවීම ගැන පොලිස් කණ්ඩායම් 4ක් පරීක්ෂණ අරඹයි

වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපති වෙඩි තබා ඝාතනය කිරීමේ සිදුවීම සම්බන්ධයෙන් දකුණ පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ උපදෙස් මත කණ්ඩායම් 4ක් මේ වනවිට පරීක්ෂණ ආරම්භ කර තිබේ. යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු පිස්තෝල වර්ගයේ ගිනිඅවියකින් වෙඩිතැබීම සිදුකර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය. අද (22) උදෑසන 10.30ට පමණ වැලිගම ප්‍රාදේශිය සභාවේ සභාපති ලසන්ත වික්‍රමසේකර හෙවත් ‘මිදිගම ලසා’ […]
අයහපත් කාලගුණය හේතුවෙන් පුද්ගල මරණ 04ක්

දිවයිනට බලපෑ අයහපත් කාලගුණය හේතුවෙන් දිස්ත්‍රික්ක 12කට අයත් පවුල් 2,609ක පුද්ගලයින් 10,553ක් මේ වනවිට පීඩාවට පත්ව සිටින බව ආපදා කලමණාකරන මධ්‍යස්ථානය පවසයි. අයහපත් කාලගුණය හේතුවෙන් පුද්ගල මරණ 04ක් ද සිදුව තිබේ. නිවාස 387කට අර්ධ හානි සිදුව ඇති අතර නිවාස 02කට පූර්ණ හානි සිදුව ඇත. එමෙන්ම පුද්ගලයින් 30 දෙනෙකු තිඹිරිගස්යාය ප්‍රදේශයේ ආරක්ෂිත ස්ථානයක රඳවා සිටින බව […]
මන්නාරම – මැදවච්චිය ප්‍රධාන මාර්ගයේ බස් රථ අනතුරකින් පුද්ගයෙක් මරුට

මන්නාරම – මැදවච්චිය ප්‍රධාන මාර්ගයේ කිලෝමීර් 35 කණුව සහ කිලෝමීටර් 36 කණුව අතර ප්‍රදේශයේදී සිදුවූ බස් රථ අනතුරකින් පුද්ගයෙක් මිය ගොස් තවත් පුද්ගලයින් 10 දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර තිබේ. අද (22) අලුයම මෙම අනතුර සිදුව ඇති බව පොලීසිය පවසයි. කොළඹ දෙස සිට මන්නාරම දෙසට ධාවනය වෙමින් තිබූ පුද්ගලික බස් රථයක් රියදුරුට රථය පාලනය කර […]
වෙඩි ප්‍රහාරයකට ලක්වු වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපති මරුට

වෙඩි ප්‍රහාරයකට ලක්ව බරපතළ තුවාල ලබා සිටි වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපති, ලසන්ත වික්‍රමසේකර හෙවත් ‘මිදිගම ලසා’ ජීවිතක්ෂයට පත්ව තිබේ. අද (22) උදෑසන ප්‍රාදේශීය සභාවේ සභාපති පුටුව මත දී යතුරුපැදියකින් පැමිණි නාඳුනන වෙඩික්කරුවන් දෙදෙනෙකුගේ වෙඩිතැබීම හමුවේ සභාපතිවරයා බරපතළ තුවාල ලැබීය. පසුව ප්‍රාදේශීය සභා නිලධාරීන් එක්ව සභාපතිවරයාව මාතර මහ රෝහලට ඇතුළත් කිරීමට පියවර ගත්තේය. සභාපතිවරයා හමුවට ලිපියක් […]
උගන්ඩාවේ අධිවේගී මාර්ගයක බස් රථ අනතුරක් – 63 ක් මරුට

උගන්ඩාවේ අධිවේගී මාර්ගයක සිදුවු බස් රථ දෙකක් එකිනෙක ගැටී සිදුවු අනතුරකින් පුද්ගලයින් 63 දෙනෙකු මියගොස් තිබේ. කම්පාලා අගනුවර සිට උතුරු නගරයක් වන ගුලු අතර අධිවේගී මාර්ගයේ රාත්‍රී කාලයේ දී මෙම අනතුර සිදුව තිබුණි. එහිදී බස් රථයක් තවත් බස් රථයක ගැටී අනතුර සිදුව තිබුණේ අනතුර වළක්වා ගැනීමට උත්සාහ කිරීමේදීය. අනතුරින් බස් රථ දෙකෙහි වූ තවත් මගීන් […]
මෝටර් රථයක් ලිස්සා ගොස් කැරපන් ඇළට පෙරළෙයි

පවතින අයහපත් කාලගුණය හේතුවෙන් පානදුර – කර්මාන්ත පුර මාර්ගයේ දී මෝටර් රථයක් ලිස්සා ගොස් කැරපන් ඇළට පෙරළී අනතුරක් සිදුව තිබේ. අනතුර සිදුවන අවස්ථාවේ එහි දෙදෙනකු ගමන්කර ඇති අතර, කිසිවෙකුටත් හානි සිදුව නොමැත. ප්‍රදේශවාසීන් එක්ව කඹ ආධාරයෙන් මෝටර් රථය ගොඩගනු ලැබීය.
ආනයනික සහල් සඳහා උපරිම සිල්ලර මිලක්

ආනයනික සහල් සඳහා උපරිම සිල්ලර මිලක් නියම කිරීම පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරය පියවර ගෙන තිබේ. එහි සභාපතිවරයාගේ අත්සනින් යුතුව නිකුත් කළ ගැසට් නිවේදනයක් මඟින් මෙම මිල ප්‍රකාශයට පත්කර ඇති බව සඳහන් ය. ඒ අනුව ආනයනික කැකුළු සහල් කිලෝ ග්‍රෑමයක උපරිම සිල්ලර මිල රුපියල් 210ක් ලෙසත්, ආනයනික නාඩු සහල් කිලෝ ග්‍රෑමයක උපරිම සිල්ලර මිල රුපියල් 220 […]
සියලු මන්ත්‍රීවරියන් අද රෝස පැහැති ඇඳුමින් සැරසී පාර්ලිමේන්තුවට

ගෝලීය පියයුරු පිළිකා පිළිබඳව දැනුවත් කිරීමට සියලු මන්ත්‍රීවරියන් අද (22දා) රෝස පැහැති ඇඳුමින් සැරසී පාර්ලිමේන්තුවට පැමිණෙන ලෙස කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා ඊයේ (21දා) ඉල්ලා සිටියේය. පියයුරු පිළිකා පිළිබඳව දැනුවත් කිරීම සංකේතවත් කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදය අද මන්ත්‍රීවරියන්ට පැළඳීම සඳහා ලාංඡනයක් බෙදා හැරීමට කටයුතු සූදානම් කර ඇති අතර සියලු මන්ත්‍රීවරියන්ට මන්ත්‍රී පිවිසුමේදී එම ලාංඡනය ලබා […]
සනායි තකයිචි ජපානයේ පළමු අගමැතිනිය ලෙස තේරී පත්වේ

සනායි තකයිචි ඊයේ (21දා) එරට පළමු අගමැතිනිය ලෙස තේරී පත්වූවාය. ඊයේ ජපාන පාර්ලිමේන්තුවේ පැවැති විශේෂ ඡන්ද විමසීමක දී ඇය මෙලෙස අගමැති ධුරය සඳහා තෝරාපත් කර ගෙන තිබේ. ඡන්ද විමසීමේදී පහළ මන්ත්‍රී මණ්ඩලයේ ආසන 237 ක් දිනාගැනීමට ඇය සමත්ව ඇත. 64 හැවිරිදි ඇය ජපාන පාලක පක්ෂයේ නායකත්වය සඳහා තෝරා ගැනුනේ මීට දෙසතියකට පෙරය. ජපන් නායිකාව වීමට […]
විදුලිබල මණ්ඩලය පෞද්ගලීකරණය කරන්නේ නෑ – රජය සතු සමාගම් 04 ට සියලු සේවකයන් අනුයුක්ත කරනවා – බලශක්ති ඇමැති

නව විදුලිබල (සංශෝධන) පනතේ විධිවිධානවලට අනුකූලව විදුලිබල මණ්ඩලය කිසිසේත් පෞද්ගලීකරණය නොකරන බවත් පිහිටුවන රජය සතු සමාගම් හතරක් සඳහා මණ්ඩලයේ සියලු සේවකයන් අනුයුක්ත කරන බවත් බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (21) පැවසීය. ඒ සඳහා එකඟ නොවන සේවකයන්ට දැනට හඳුන්වා දී ඇති ස්වේච්ඡාවෙන් වන්දි ලබාගැනීමේ (වීආර්එස්) ක්‍රමවේදයට අනුගත විය හැකි බවද අමාත්‍යවරයා පැවසීය. කෙසේ වුවද […]