අත්අඩංගුවට ගත් රුහුණු විශ්වවිද්‍යාලයේ සිසුන් 21දෙනා 28 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

අත්අඩංගුවට ගත් රුහුණු විශ්වවිද්‍යාලයේ කෘෂිකර්ම පීඨයේ සිසුන් 21දෙනා මාතර ප්‍රධාන ම⁣හෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමෙන් අනතුරුව මේ මස 28 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ. මාතර ප්‍රධාන මහෙස්ත්‍රාත් චතුර දිසානායක මහතා අද (21) එම නියෝග ලබා දී ඇත. කඹුරුපිටිය, මාපලානේ පිහිටි රුහුණු විශ්වවිද්‍යාලයට අයත් කෘෂිකර්ම පීඨයේ තෙවැනි වසරේ සිසුන් සහ දෙවැනි වසර සිසුන් දෙපිරිසක් අතර ඊයේ […]

හරීන්ට එජාපයේ ප්‍රධාන තනතුරක්

වහාම ක්‍රියාත්මක වන පරිදි නව ප්‍රධාන තනතුරක් ප්‍රදානය කිරීමට එක්සත් ජාතික පක්ෂය තීරණය කර තිබේ. ඒ අනුව දේශපාලන බලමුළු ගැන්වීමේ නියෝජ්‍ය මහලේකම් (Deputy Secretary General of Political Mobilization) ලෙස හිටපු අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පත්කර ඇත. මෙරට සියලු දේශපාලන පක්ෂ ඒකරාශී කර පොදු වැඩ පිළිවෙලකට සම්බන්ධ කරගැනීම හිටපු අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතාට ලබා දුන් තනතුරේ […]

ප්‍රංශයේ ප්‍රදේශ කිහිපයකට ටොනේඩෝවකින් හානී

ප්‍රංශයේ පැරිස් අගනුවරට උතුරින් පිහිටි දිස්ත්‍රික්ක හරහා ඊයේ (20) ඇති වූ ටොනේඩෝවකින් ඉදිකිරීම් දොඹකර තුනක් පෙරළී ගොස් පුද්ගලයෙකු මිය ගොස් තවත් සිව්දෙනෙකු බරපතළ තුවාල ලබා තිබේ. පැරීසියේ සිට කිලෝමීටර් 20 ක් පමණ ඊසාන දෙසින් පිහිටි එර්මොන්ට් ප්‍රදේශයේ හදිසියේ ඇති වූ මෙම කුණාටුවෙන් දිස්ත්‍රික්ක 10 ක් පමණ හානි සිදුවී ඇති බව වාර්තා වේ. මියගොස් ඇත්තේ ගොඩනැගිලි […]

වෙඩි තැබීමකට සම්බන්ධ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට

වෙඩි තබා බිය ගැන්වීමේ අපරාධයකට සම්බන්ධ සැකකරුවන් දෙදෙනෙකු අයිස් මත්ද්‍රව්‍ය සමඟ බස්නාහිර පළාත උතුර අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. මාකවිට හා තම්මිට ප්‍රදේශවලදී ඊයේ (20) දහවල් කාලයේ මෙම සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය පවසයි. සැකකරුවන් අවුරුදු‍ 28 හා 33 වයස්වල පසුවන මාකවිට ප්‍රදේශයේ පදිංචිකරුවන් බව පොලීසිය පවසයි. එක් සැකකරුවෙකු සතුව අයිස් මත්ද්‍රව්‍ය […]

අයහපත් කාලගුණික තත්වය නිසා කොළඹ මාර්ග කිහිපයක රථ වාහන තදබදයක්

අධික වැසි සමග කොළඹ මාර්ග කිහිපයක රථ වාහන තදබදයක් ඇතිව තිබෙන බව පොලිසිය සඳහන් කරනවා. මේ අතර, පවතින අයහපත් කාලගුණයත් සමග ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් දිස්ත්‍රික්ක 11කට නායයෑම් පිළිබඳ පෙර අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙනවා. එම දිස්ත්‍රික්ක වන්නේ බදුල්ල, කලුතර, කොළඹ, ගාල්ල, මහනුවර, කෑගල්ල, කුරුණෑගල, මාතලේ, මාතර, නුවරඑළිය සහ රත්නපුරයයි.

බස්නාහිර පළාතේ පෞද්ගලික බස් රථවල මගීන්ට ප්‍රවේශ පත්‍ර නොදුන් බස් 360කට දඩ

බස්නාහිර පළාතේ පෞද්ගලික බස් රථවල මගීන්ට ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීම සම්බන්ධ වැටලීම්වලදී බස් රථ 2478 ක් පරීක්ෂා කොට ඒ අතරින් 360 දෙනකුට දඩ නිකුත් කර ඇතැයි බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය පවසයි. ඔක්තෝබර් 01 වැනිදා සිට මෙම පරීක්ෂාවන් සිදුකර තිබිණි. මුල් දින 14 තුළ දැනුවත් කිරීම් පමණක් සිදුකළ බව එම අධිකාරියේ සභාපති විශ්‍රාමික කොමදෝරු […]

කිඹුලකු ධිවරයෙක් ඩැහැගනී

හුංගම කළමැටිය කලපුවේ ධීවර රැකියාවේ නිරතවෙමින් සිටි  ධිවරයෙක් කිඹුලකු විසින් ඩැහැගෙන යෑමෙන් අතුරුදහන්ව ඇතැයි වාර්තා වෙනවා. මෙම සිද්ධියට අදාළ ධීවරයාගේ  සිරුර ඊයේ (20) දිනටත් හමු වී නැති බව  හුංගම පොලිසිය පවසනවා. ප්‍රදේශවාසින් විසින් ධීවරයා අතුරුදන්ව ඇති කළමැටි කලපුවේ එම ස්ථානය අවට පාරු යොදාගෙන සෝදිසි සිදු කිරීම  ඊයේ (20) දිනයේත් සිදුකර තිබුණා. මෙලෙස කළමැටි කලපුවේ  අතුරුදන්ව […]

හික්කඩුව මාවතගම ප්‍රදේශයේ නිවසක් ඉලක්ක කර වෙඩිතැබීමක්

හික්කඩුව මාවතගම ප්‍රදේශයේ නිවසක් ඉලක්ක කර වෙඩිතැබීමක් සිදුකර තිබේ. යතුරුපැදියකින් පැමිණි නාදුනන පුද්ගලයින් දෙදෙනෙකු වෙඩිතබා පලාගොස් ඇති බව වාර්තා වෙයි. වෙඩි ප්‍රහාර 4ක් පමණ එල්ලකර තිබෙන අතර වෙඩිතැබීමෙන් ජීවිත හානි කිසිවක් වාර්තාවී නොමැති බවත් නිවසේ බිත්තියට සහ ජනේලයකට වෙඩි ප්‍රහාර වැදී ඇති බවත් පැවසෙයි. සිද්ධිය සම්බන්ධයෙන් හික්කඩුව පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.