බෝම්බ ප්‍රහාරයකින් පාකිස්ථාන සෙබළුන් 07 දෙනෙකු ජිවිතක්ෂයට

ඇෆ්ගන් දේශ සීමාව අසල සිදුවූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් පාකිස්ථාන සෙබළුන් හත් දෙනෙකු මියගොස් 13 දෙනෙකු තුවාල ලබා තිබෙනවා. දෙරට අතර සටන් විරාමයක් ක්‍රියාත්මක වන පසුබිමක මෙම ප්‍රහාරය එල්ල වී ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ. පුපුරණ ද්‍රව්‍ය ඇතුළත් රථයක් දේශ සීමාව අසල පිහිටි හමුදා කඳවුරකට කඩා වැදී තිබූ අතර එහිදී එම ස්ථානයට ඇතුළුවීමට උත්සහ […]
එක්දින කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා – දකුණු අප්‍රිකා තරගයේ කාසියේ වාසිය ශ්‍රී ලංකාවට

අද (17) එක්දින කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ පැවැත්වෙන ශ්‍රී ලංකා – දකුණු අප්‍රිකා තරගයේ කාසියේ වාසිය දිනාගැනීමට චමරි අතපත්තු සමත් වූවාය. ඒ අනුව ඇය පළමුව පන්දුවට පහරදීමට තීරණය කළේය. තරගාවලියේ 18වන තරගය ලෙසින් මෙම තරගය කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ දී පැවැත්වේ.
විමල්ගේ පෙත්සම් දෙකක් ශ්‍රේෂ්ඨාධිකරණය නිෂ්ප්‍රභ කරයි

මෙරට පුරවැසියන් සඳහා ඩිජිටල් හැදුනුම්පත් නිකුත් කිරීමේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා ශ්‍රී ලංකා රජය ඉන්දියාව සමග ඇතිකරගෙන තිබෙන අවබෝධතා ගිවිසුම බලරහිත කිරීමේ තීන්දුවක් ලබා දෙන ලෙස ඉල්ලා හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා ඇතුළු පාර්ශව දෙකක් විසින් ඉදිරිපත් කළ මූලික මිනිස් අයිතිවාසිකම් පෙත්සම් දෙකක් විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළේය. අද (17) මෙම පෙත්සම් අගවිනිසුරු […]
පිලිපීනයේ භූකම්පනයක්

පිලිපීනයේ යුනියන්, සියාර්ගාඕ දූපතේ සිට කිලෝමීටර 69ක් ගැඹුරින් රික්ටර් මාපක 6.1ක ප්‍රබලත්වයෙන් යුත් භූකම්පනයක් වාර්තා වූ බව එක්සත් ජනපද භූ විද්‍යා සමීක්ෂණ ආයතනය පවසයි. කිසිදු ජීවිත හානියක් වාර්තා වී නොමැති අතර භූකම්පනයේ බලපෑම හේතුවෙන් ගොඩනැගිලි සෙලවී ඇති බව විදෙස් වාර්තා සඳහන් කරයි. මින්ඩනාඕ දූපතේ නැගෙනහිර කොටසේ රික්ටර් මාපකයේ 7.4 සහ 6.7ක භූමිකම්පා දෙකක් ඇති වී සතියකට […]
රත්‍රං මිල ලක්ෂ 04 පනී

ලෝක වෙළෙඳපොළේ රත්‍රං මිල ඉහළ යෑම හේතුවෙන් මෙරට වෙළෙඳපොළේ රත්‍රං මිල තවදුරටත් ඉහළ ගොස් තිබේ. ඒ අනුව ඉතිහාසයේ පළමුවරට කැරට් 22 රන් පවුමක මිල අද (17) දිනයේ රුපියල් 379,200ක් සීමාවට පැමිණ ඇත. එමෙන්ම කැරට් 24 රන් පවුමක මිල රුපියල් 410,00ක් දක්වා ඉහළ ගොස් තිබේ.
යතුරුපැදියක් පාසල් දරුවන් ප්‍රවාහනය කරන වෑන් රථයක ගැටී මාරක අනතුරක්

වෙන්නප්පුව අලුත් පාරේ ගොරක ගස් හන්දිය ප්‍රදේශයේදී අද (17) උදෑසන 6.30ට පමණ පාසල් දරුවන් ප්‍රවාහනය කරන වෑන් රථයක් යතුරුපැදියක ගැටීමෙන් අනතුරක් සිදුව තිබේ. අනතුරින් යතුරුපැදිකරු මියගොස් ඇති අතර, යතුරුපැදියේ පිටුපස ගමන් කළ තරුණියක් හා වෑන් රථයේ රියදුරු තුවාල ලබා මාරවිල මුලික රෝහලට ඇතුළත් කර ඇත. අනතුරින් මියගොස් ඇත්තේ, කොස්වත්ත ප්‍රදේශයේ පදිංචි පුෂ්පකුමාර ඒකනායක නමැති විශ්‍රාමික […]
මහින්දගේ ආරක්ෂක යළි රිමාන්ඩ්

රුපියල් මිලියන 28ක වත්කම් සහ දේපළ අයථා ලෙස උපයා ගත් බවට සැකපිට අල්ලස් කොමිසම මඟින් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටින හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ආරක්ෂක නෙවිල් වන්නිආරච්චි ඔක්තෝබර් මස 31 වනදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියම කළේය. කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අසංක එස් බෝදරගම මහතා අල්ලස් කොමිසමේ නිලධාරීන් […]
මත්ද්‍රව්‍ය තොගයක් ප්‍රවාහනය කරන බවට සැකකෙරෙන යාත්‍රාවක් නාවික හමුදා භාරයට

මත්ද්‍රව්‍ය තොගයක් ප්‍රවාහනය කරන බවට සැකකෙරෙන බහුදින ධිවර යාත්‍රාවක් දකුණු මුහුදේ දී ශ්‍රී ලංකා නාවික හමුදාව සිය භාරයට ගෙන තිබේ. එහි සිටි ධිවරයින් 5දෙනෙකු ද සිය භාරයට ගත්බව නාවික හමුදාව පැවසීය. ජාත්‍යන්තර මුහුදු සීමාවේදී මෙම වැටලීම සිදුකර තිබෙන අතර, එම යාත්‍රාව සහ ධීවරයින් පිරිස ගාලු වරායට රැගෙන එමින් පවතින බව නාවික හමුදාව වැඩිදුරටත් සඳහන් කළේය.
අග්‍රාමාත්‍යතුමිය සහ මෝදි අතර හමුවක් අද

ඉන්දියාවේ නිල සංචාරයක නිරත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද (17) එරට අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි හමුවී ද්විපාර්ශවික සාකච්ඡා පැවැත්වීමට නියමිතයි. එමෙන්ම එරට ඉහළ පෙලේ නියෝජිතයින් සමග ද අග්‍රාමාත්‍යවරිය සාකච්ඡා සිදුකරන බවයි අග්‍රාමාත්‍ය කාර්යාලය සඳහන් කළේ. අග්‍රාමාත්‍යවරිය ඊයේ දිල්ලි විශ්වවිද්‍යාලයීය හින්දු විද්‍යාලයේ පැවති වැඩසටහනකට එක්වූ අතර, ඇය එහි ආදී විද්‍යාර්ථයෙකු ද වනවා. එමෙන්ම,අග්‍රාමාත්‍යතුමිය ඊයේ ඉන්දීය විදේශ කටයුතු […]