පැපුවා නිව්ගිනියාවේ ප්‍රබල භූකම්පනයක්

පැපුවා නිව්ගිනියාවේ ප්‍රබල භූකම්පනයක් සිදුව තිබේ. රික්ටර් මාපක 6.6ක ප්‍රබලත්වයෙන් යුත් මෙම භූකම්පනය පොළොව මතුපිට සිට කිලෝමීටර 10 ක් පමණ අභ්‍යන්තරයෙන් හටගෙන ඇති බව ජර්මානු භූ විද්‍යා පර්යේෂණ මධ්‍යස්ථානය පවසයි. භූකම්පනයෙන් පසු එක්සත් ජනපද සුනාමි අනතුරු ඇඟවීමේ පද්ධතිය සුනාමි අනතුරු ඇඟවීමක් නිකුත් කර නොමැති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණි.
කොටගලදී යතුරුපැදි දෙකක් ගැටී දෙදෙනෙක් රෝහලේ

යතුරුපැදි දෙකක් මුහුණට මුහුණලා ගැටීමෙන් සිදුවූ අනතුරකින් යතුරුපැදිකරුවන් දෙදෙනාටම තුවාල සිදුව තිබෙනවා. කොටගල ප්‍රාදේශීය රෝහල වෙත තුවාල ලැබූ යතුරුපැදිකරුවන් දෙදෙනා ඇතුලත් කළ බවයි පොලිසිය සඳහන් කළේ. අද (07) උදෑසන මෙම අනතුර සිදුව ඇත්තේ කොටගල නගරය මධ්‍යයේදී බවයි දිඹුලපතන පොලිසිය පැවසුවේ. තලවකැලේ සිට හැටන් දක්වා සහ හැටන් සිට කොටගල දක්වා ධාවනය වූ යතුරුපැදි දෙකක් මෙසේ අනතුරට […]
ලෝක රන් මිලේ වෙනසක්

ලෝක රන් මිල ඉතිහාසයේ ප්‍රථම වරට ඩොලර් 3,950 සීමාව පසු කර ඇතැයි වෙළෙඳ පොළ දත්ත පෙන්වා දෙනවා. ඒ අනුව මෙරට රන් මිල ද සෙනසුරාදා දිනට සාපේක්ෂව රුපියල් 8,000කින් ඉහළ ගොස් තිබෙන බවයි වාර්තා වන්නේ. ඒ අනුව අද (07) පෙරවරුවේ කොළඹ හෙට්ටිවීදිය රන් වෙළෙඳපොළෙහි “කැරට් 22” රන් පවුමක මිල රුපියල් 290,500ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. පසුගිය […]
බ්‍රසීල ජනාධිපති හා අමෙරිකානු ජනාධිපති අතර දුරකථන සංවාදයක්

බ්‍රසීල ජනාධිපති ලුවිස් ඉනාසියෝ ලුලා ද සිල්වා සහ අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අතර දුරකථන සංවාදයක් සිදුව තිබෙනවා. දෙරටේ නායකයින් අතර ඉතා මිත්‍රශීලීව මිනිත්තු 30ක පමණ කාලයක් දුරකථන සංවාදය සිදුව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. මෙහිදී තම රටේ නිෂ්පාදන සඳහා පනවා ඇති තීරුබදු සහ නිලධාරීන්ට එරෙහිව පනවා ඇති සම්බාධක ඉවත් කරන ලෙස බ්‍රසීල ජනාධිපතිවරයා අමෙරිකානු […]
ඉදිරි පැය කිහිපය තුළ තද අකුණු අනතුරු ඇඟවීම්

උතුර, උතුරු මැද, මධ්‍යම, නැගෙනහිර සහ ඌව පළාත්වල ඉදිරි පැය කිහිපය තුළ ගිගුරුම් සහිත වැසි සමග තද අකුණු ඇතිවිය හැකි බැවින්, අවධානයෙන් කටයුතු කරන ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. එමෙන්ම සෙසු ප්‍රදේශ වල පස්වරු 1.00න් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව සඳහන්. බස්නාහිර පළාතෙත් ගාල්ල, මාතර සහ පුත්තලම දිස්ත්‍රික්කවලත් […]
කාන්තා ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ එංගලන්ත බංග්ලාදේශ කණ්ඩායම් අතර තරගය අද

කාන්තා ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ තවත් තරගයක් අද (07) පැවැත්වීමට නියමිතව තිබේ. ඒ එංගලන්ත කාන්තා කණ්ඩායම සහ බංග්ලාදේශ කාන්තා කණ්ඩායම අතරයි. ඉන්දියාවේ ගුවාහට් හි දි තරගය පස්වරු 3.00ට ආරම්භ වීමට නියමිතය. කණ්ඩායම් දෙකම තරගාවලියේ සහභාගී වූ පළමු තරගය ජය හිමිකරගෙන සිටි.
හුංගම, වාඩිගල ප්‍රදේශයේ නිවසක ද්විත්ව ඝාතනයක්

හුංගම, වාඩිගල ප්‍රදේශයේ නිවසක ද්විත්ව ඝාතනයක් සිදුව තිබේ. පොලීසිය සඳහන් කළේ තියුණු ආයුධවලින් පහරදී මෙම ඝාතනය සිදුකර ඇති බවය. හුංගම රන්න වාඩිගල ප්‍රදේශයේ නිවසක පුද්ගලයින් දෙදෙනෙකු අභිරහස් ලෙස මියගොස් ඇති බවට පොලීසියට ලැබුණු තොරතුරකට අනුව සිදුකළ පරීක්ෂාවක දී මෙම ඝාතනය පිළිබඳ තොරතුරු අනාවරණය වී තිබේ. මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ 28 හැවිරිදි පුද්ගලයෙකු සහ ඔහුගේ අනියම් […]