දුම්රියේ ගැටීමෙන් පුද්ගල්යින් දෙදෙනෙක් ජිවිතක්ෂයට

කඩුගන්නාව දුම්රියපොළ ආසන්නයේ දී දුම්රියේ ගැටීමෙන් පුද්ගලයෙකු මියගොස් තිබේ. මෙම පුද්ගලයා මහනුවර සිට පොල්ගහවෙල දක්වා ධාවනය වූ දුම්රියේ ගැටීමෙන් මියගොස් ඇති බව පොලීසිය පැවසුවේය. මෙලෙස මියගොස් ඇත්තේ අකුරැස්ස කනත්තොට ප්‍රදේශයේ පදිංචිව සිටි 27 හැවිරිදි තරුණයෙකි. මේ අතර මන්නාරම පුදුකුඩිඉරිප්පු ප්‍රදේශයේ දී ද දුම්රියක ගැටීමෙන් පුද්ගලයෙකු මියගොස් ඇත. තලෛයිමන්නාරම සිට කොළඹ කොටුව දක්වා ධාවනය වූ දුම්රියක […]

සිසුවෙකු පිහිනුම් තටාකයේ ගිලී ජීවිතක්ෂයට

පිහිනුම් තටාකයට වැටුණු ක්‍රිකට් පන්දුව ගැනීමට ගිය පාසල් සිසුවෙකු පිහිනුම් තටාකයේ ගිලී ජීවිතක්ෂයට පත්ව තිබේ. තවත් සිසුන් පිරිසක් සමග අදාළ සිසුවා පාසලේ ක්‍රීඩාංගනයේ ක්‍රිකට් ක්‍රීඩා කරමින් සිටියදී ක්‍රිකට් පන්දුව එම විද්‍යාලයේම පිහිනුම් තටාකයට වැටී ඇති අතර ඔහු එය ගැනීමට උත්සාහ කිරීමේ දී මෙම අනතුරට මුහුණ දී ඇත.  මෙලෙස මියගොස් ඇත්තේ දික්වැල්ල විජිත මහා විද්‍යාලයේ 12 […]

කාන්තා එක්දින ලෝක කුසලානයේ ඉන්දු – පාකිස්ථාන තරගයේ ජය ඉන්දියාවට

කාන්තා එක්දින ලෝක කුසලානයේ ඊයේ (05) පැවති ඉන්දු – පාකිස්ථාන කණ්ඩායම් අතර තරගය ජය ගැනීමට ඉන්දියාව සමත් වුණා. ඒ ලකුණු 88කින් පාකිස්ථානය පරාජය කරමින්. එහිදී ලකුණු 248ක පිළිතුරු ඉලක්කයක් හඹා ගිය පාකිස්ථාන කාන්තා කණ්ඩායමට පන්දුවාර 43ක් අවසානයේ සියල්ලන් දැවී රැස්කරගත හැකි වුණේ ලකුණු 159ක් පමණයි. ඊයේ තරගයේ කාසියේ වාසිය හිමිකරගත් පාකිස්ථානය පළමුවෙන් පන්දුවට පහරදීමට ඉන්දියාවට […]

ඔස්ට්‍රේලියාවේ සිඩ්නි නගරයේ වෙඩි තැබීමක්

ඔස්ට්‍රේලියාවේ සිඩ්නි නගරයේ වීදියක සිදු වූ වෙඩි තැබීමකින් 20 දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ. ඉන් එක් අයෙකුගේ තත්ත්වය බරපතළ වන බව ද සඳහන් වේ. 60 හැවිරිදි පුද්ගල‍යෙකු වෙඩි තැබීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. පොලිස් වාහන ඇතුළු මාර්ගයේ ගමන් කළ වාහන ද ඉලක්ක කර […]

අද ප්‍රදේශ කිහිපයකට ගිගුරුම් සහිත වැසි

දිවයිනේ බොහෝ ප්‍රදේශවල පස්වරු 1.00න් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එමෙන්ම උතුරු, උතුරු – මැද, නැගෙනහිර, මධ්‍යම සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවල මි.මී. 50ට වැඩි තරමක තද වැසි ඇති විය හැකියි. බස්නාහිර සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් උදෑසන කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි ඇති විය […]