රිය අනතුරු දෙකකින් දෙදෙනෙක් ජිවිතක්ෂයට

බොරලැස්ගමුව සහ මහව යන පොලිස් වසම්වලින් මාරක රිය අනතුරු දෙකක් හේතුවෙන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය පවසයි. බොරලැස්ගමුව පොලිස් වසමේ රත්නපිටිය සූරියමල් මාර්ගයේදී ලොරි රථයක් පිටුපසට ගැනීමේදී අසල මාර්ගයකට පෙරළී අනතුරක් සිදුව තිබේ. අනතුරින් තුවාල ලැබූ ලොරි රථයේ රියදුරු සහ ඉදිරිපස අසුනේ ගමන් කළ කාන්තාවක කළුබෝවිල රෝහලට ඇතුළත් කිරීමෙන් පසු ලොරි රථයේ […]

රාගම හන්දිය දුම්රිය ස්ථානය ආසන්නයේ දී භාණ්ඩ ප්‍රවාහන දුම්රියක් පීලි පනී

රාගම හන්දිය දුම්රිය ස්ථානය ආසන්නයේ දී භාණ්ඩ ප්‍රවාහන දුම්රියක් පීලි පැනීමකට ලක්ව තිබේ. ඒ හේතුවෙන් පුත්තලම දුම්රිය මාර්ගයේ ගමන් කිරීමට නියමිත සියලු දුම්රියන් බොහෝ වේලාවක් ප්‍රමාද වී ධාවනය වීමට හෝ ධාවනය අවලංගු වීමට ඉඩ ඇති බව දැනුම් දී ඇත. 

මත්ද්‍රව්‍ය 700kg මෙරටට රැගෙන ආ යාත්‍රාව සහ සැකකරුවෙකු අත්අඩංගුවට

තංගල්ල – සීනිමෝදර ප්‍රදේශයේ හමුවූ මත්ද්‍රව්‍ය කිලෝ 700 මෙරටට මුහුදු මාර්ගයෙන් රැගෙන ආ යාත්‍රාව සහ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබුණා. ප්‍රදේශය භාර උසස් නිලධාරියෙකු සඳහන් කළේ සැකකරු දෙවුන්දර ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බවයි. පසුගියදා තංගල්ල – සීනිමෝදර සහ ගොඩැල්ලවල ප්‍රදේශවල ලොරි රථ තුනක තිබී අයිස් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය කිලෝ 700 ක් සොයාගනු ලැබුවා. එහිදී එම එක් ලොරි […]

ලොව ප්‍රකට චිම්පන්සි පර්යේෂිකාව අභාවප්‍රාප්ත වෙයි

චිම්පන්සි සත්ත්වයන් පිළිබඳ අධ්‍යයන සහ ගවේෂණ සම්බන්ධයෙන් ලෝක ප්‍රසිද්ධ විද්‍යාඥවරියක වූ ජේන් ගුඩෝල් අභාවප්‍රාප්ත වී තිබෙනවා. අභාවප්‍රාප්තවෙන විට ඇයගේ වයස අවුරුදු 91ක්. චිම්පන්සීන් සහ මිනිසුන් අතර පවතින සම්බන්ධතාව සම්බන්ධයෙන් ඇය විසින් සිදුකළ පරීක්ෂණවලින් කරුණු රැසක් අනාවරණය වී ඇති බවත් එමඟින් පෙර පැවති මතවාදයන් වෙනස් කිරීමට ද හැකියාව ලැබී තිබේ.

ෂොපිං බෑග් වැනි පොලිතීන් මලු‍ නොවැම්බර් මස 01 සිට නොමිලේ නැහැ

ෂොපිං බෑග් වැනි පොලිතීන් මලු‍ නොවැම්බර් මස 01 වැනිදා සිට නොමිලේ ලබාදීම නොහැකි බවට සඳහන් කරමින් පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරිය විසින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. එහි දැක්වෙන්නේ නොමිලේ ලබා නෙදෙන ෂොපින් බෑග් ඇතුළු බහාලුම් මලු සඳහා පාර්භෝගිකයාගෙන් අයකරන මුදල බිල්පතෙහි සඳහන් කළ යුතු බවයි. 2003 අංක 9 දරණ පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරි පනතේ 10(1) […]

එක්දින ලෝක කුසලානයේ බංග්ලාදේශය සහ පාකිස්ථාන තරගය අද

කාන්තා එක්දින ලෝක කුසලානයේ බංග්ලාදේශය සහ පාකිස්ථාන කාන්තා කණ්ඩායම් අතර තරගය අද(02) පැවැත්වීමට නියමිතයි. ඒ කොළඹ ආර් ප්‍රේමදාස පිටියේදී ය. මේ තරගය ප්‍රේක්ෂකයන්ට නොමිලේ නැරඹීම සඳහා අවාස්ථාව ලබා දීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන තීරණය කර තිබෙනවා. ඒ අනුව පිවිසුම් අංක 7 සහ 8 පස්වරු 1.30 සිට විවෘතව ඇති බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කර […]

කාලගුණයේ වෙනසක්

හෙට (03) දින සිට, දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇතිවීම සඳහා හිතකර වායුගෝලීය තත්ත්වයන් ඇතිවෙමින් පවතී. කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළේ, දිවයිනේ බොහෝ ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතින බවය. මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලත් උතුරු, උතුරු-මැද, වයඹ සහ මධ්‍යම පළාත්වලත් ත්‍රිකුණාමලය සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැ.කි.මී. 30-40ක පමණ […]