ප්‍රංශයේ හිටපු ජනාධිපති නිකොලස් සාකෝසිට වසර පහක සිර දඬුවමක්

ප්‍රංශයේ හිටපු ජනාධිපති නිකොලස් සාකෝසිට වසර පහක සිර දඬුවමක් නියම කර තිබේ. ලිබියානු නායක කර්නල් මුඅම්මර් ගඩාෆිගෙන් යුරෝ මිලියන ගණනක නීතිවිරෝධී අරමුදල් ලබා ගැනීමේ නඩුවකට වරදකරු වූ හිටපු ප්‍රංශ ජනාධිපති මෙලෙස වසර පහක සිර දඬුවමක් නියමකළ බව විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරයි. අක්‍රීය දූෂණය සහ නීතිවිරෝධී මැතිවරණ ප්‍රචාරක කටයුතු සඳහා මුදල් සැපයීම ඇතුළු මෙම නඩුවේ අනෙකුත් […]

ගාසා තීරය වෙත ඊශ්‍රායලයෙන් එල්ල වු ප්‍රහාර

ඊශ්‍රායලය විසින් ඊයේ දිනයේ ගාසා තීරය වෙත එල්ල කළ ප්‍රහාරවලින් පුද්ගලයින් 80කට අධික පිරිසක් ජීවිතක්ෂයට පත්ව තිබේ. මියගිය පුද්ගලයින්ගෙන් වැඩි දෙනෙකු ගාසා නගරවාසීන් බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. ගාසා තීරයේ අවතැන් පවුල් රඳවාගෙන සිටි ගොඩනැගිල්ලකට සහ කුඩාරමකට ඊයේ (24) රාත්‍රීයේ එල්ල වූ ප්‍රහාරයකින් පුද්ගලයින් 20 දෙනෙකු පමණ ජීවිතක්ෂයට පත් වුණි. මියගිය පුද්ගලයින් අතර ළමුන් සහ […]

වෙනිසියුලාවේ ප්‍රභල භූ කම්පනයක්

වෙනිසියුලාවේ ප්‍රභල භූ කම්පනයක් සිදුව තිබෙනවා. එහි ප්‍රභලත්වය මැග්නිටියුඩ් ඒකක 6.2 ක් බවයි විදෙස් මාධ්‍ය වාර්තා පැවසුවේ. භූමිකම්පාවේ අපිකේන්ද්‍රය මෙනේ ග්‍රෑන්ඩ් සිට කිලෝමීටර් 24ක් (සැතපුම් 15ක්) පමණ දුරින් කිලෝමීටර් 7.8ක් (සැතපුම් 4.8ක්) ගැඹුරින් පිහිටා තිබුණ බව සඳහන්. කෙසේවෙතත් භූ කම්පනයෙන් සිදුවූ හානි පිළිබඳ තොරතුරු මෙතෙක් වාර්තා කර නැහැ.

බැකෝ සමන්ගේ බිරිඳ තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

මුදල් විශුද්ධිකරණයය වැළක්වීමේ චෝදනා යටතේ රක්ෂිත බන්ධනාගාරගත කර සිටින බැකෝ සමන් නමැත්තාගේ බිරිඳ වන ශාධිකා ලක්ෂානී නමැත්තිය ලබන 09 වනදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියම කළේය. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහ සැකකාරියගේ නීතිඥවරු ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අසංක එස් බෝදරගම මහතා මෙම නියෝගය නිකුත් කළේය.

තලාවේ මාරක අනතුරක් – 04 දෙනෙකුට දිවි අහිමි වෙයි

කුරුණෑගල – අනුරාධපුර ප්‍රධාන මාර්ගයේ තලාව – මීරිගම හංදිය ප්‍රදේශයේදී ලොරි රථයක් සහ වෑන් රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් සිව්දෙනෙකු මියගොස් තවත් තිදෙනෙකු තුවාල ලබා තිබේ. අද (25) අලුයම මෙම අනතුර සිදුව ඇති බව පොලීසිය පවසයි. ලොරි රථය අනුරාධපුර සිට කුරුණෑගල බලා ධාවනය වී ඇති අතර වෑන් රථය අනුරාධපුර සිට කුරුණෑගල දක්වා ධාවනය වී ඇති බව […]

නා උයන ආරණ්‍ය සේනාසනයේ කේබල් මතින් ගමන්ගන්නා ඩක්කුවක අනතුරකින් භික්ෂූන් වහන්සේලා 7ක් අපවත් වෙති

මැල්සිරිපුර, නා උයන ආරණ්‍ය සේනාසනයේ කේබල් මතින් ගමන්ගන්නා ඩක්කුවක් කඩාවැටී ඊයේ (24) රාත්‍රියේ සිදු වූ අනතුරකින් භික්ෂූන් වහන්සේලා 7ක් අපවත් වී තිබේ. අනතුර සිදුවන අවස්ථාවේ එම ඩක්කුවේ භික්ෂූන් වහන්සේලා 13ක් සිට ඇති බව සඳහන්. අපවත් වූ හිමිවරුන්ගෙන් දෙදෙනෙකු විදෙස් ජාතික හිමිවරු වන අතර, උන් වහන්සේලාගේ සිරුරු ගොකරැල්ල ප්‍රාදේශයේ රෝහලේ තැන්පත් කර ඇත. අනෙකුත් හිමිවරුන්ගේ සිරුරු […]

අද ඇතැම් ප්‍රදේශ වලට මි.මී 100 ඉක්මවූ වැසි

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇතිවේ. ඇතැම් ස්ථානවල මි.මී. 100ක පමණ තද වැසි ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලත් මධ්‍යම, උතුරු, උතුරු-මැද සහ වයඹ පළාත්වලත් ත්‍රිකුණාමලය සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැ.කි.මී. 40-50ක පමණ තරමක තද සුළං ඇතිවිය හැකිය. […]