අම්පාර මහ රෝහල ඉදිරිපිට පදිකමාරුවේදී සිදුවූ අනතුරකින් දරුවෙක් ජීවිතක්ෂයට

අම්පාර මහ රෝහල ඉදිරිපිට පදිකමාරුවේදී සිදුවූ අනතුරකින් අවුරුදු හතරක පිරිමි දරුවෙකු මියගොස් කාන්තාවක් තුවාල ලබා තිබෙනවා. මෙසේ මියගොස් ඇත්තේ උහන, උදයගිරිය ප්‍රාදේශයේ දරුවෙක්. මියගිය දරුවා සිය පුංචි අම්මා සමග රෝහලට ගොස් නැවත එමින් සිටියදී අනතුරට ලක්ව ඇති බවයි පොලිසිය පවසන්නේ. මියගිය දරුවාගේ මව අම්පාර මහ රෝහලේ කුඩා දරුවා සමග නැවති ප්‍රථිකරා ලබමින් සිටින බවයි පොලිසිය […]

ලංකා විදුලිබල මණ්ඩලයේ ඉදිරි වෘත්තීය ක්‍රියාමාර්ග සම්න්ධයෙන් තීරණය එළැඹෙන බදාදා

ලංකා විදුලිබල මණ්ඩලයේ සියලුම වෘත්තිය සමිති මේ වන විට ආරම්භ කර ඇති අකුරට වැඩ කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගය අඛණ්ඩව එළැඹෙන බදාදා දක්වා සිදුකිරීමට තීරණය කර තිබේ. මේ බව අද (22) පැවති මාධ්‍ය හමුවකදී ලංකා විදුලිබල මණ්ඩලයේ නිදහස් සේවක සංගමයේ ප්‍රධාන ලේකම් ප්‍රභාත් ප්‍රියන්ත මහතා සඳහන් කළේය. සිය ඉල්ලීම්වලට බලධාරීන් විසඳුම් ලබා නොදුනහොත් ලබන 24 වන දින […]

දක්ෂිණ අධිවේගී මාර්ගයේ අනතුරක්

දක්ෂිණ අධිවේගී මාර්ගයේ කිලෝ මිටර් 12 බණ්ඩාරගම බද්දේගොඩ  ප්‍රදේශයේදී  ධාවනය වූ මෝටර් රථයක් මාර්ගය හරහා ගමන් ගත් තලගොය‍යෙකුට තිරිංග තද කිරීමත් සමඟම ඊට පිටුපසින් ධාවනය වූ සුඛෝභෝගි මගි බස් රථයක ගැටීමෙන් ඊයේ (21) අනතුරක් සිදුව තිබෙනවා. මෙලෙස අනතුරකට ලක්ව ඇත්තේ එකම පවුලේ පිරිසක් ගමන් ගත් මෝටර් රියක සිටි කාන්තාවක සහ ඇගේ දරුවන් තිදෙනා. එම මෝටර් […]

ජයගත්පුර වෙරළ තීරයට මළ සිරුරක් ගොඩගසයි

මොරටුව – එගොඩඋයන පොලිස් බල ප්‍රදේශයේ මෝදර, ජයගත්පුර වෙරළ තීරයට අද (22) උදෑසන නිරුවත් මළ සිරුරක් ගොඩගසා තිබේ. එගොඩඋයන පොලිස් ස්ථානයට ලද තොරතුරක් මත මෙම මළ සිරුර සොයා ගෙන ඇත. කෙසේවෙතත් මිය ගොස් සිටින පුද්ගලයාගේ අනන්‍යතාවය මෙතෙක් හඳුනාගෙන නොමැති බව පොලීසිය පැවසුවේය.

හෝටලයක නාන තටාකයෙහි ගිලීමෙන් පුද්ගලයෙකු ජීවිතක්ෂයට

කටාන – කඳවල ප්‍රදේශයේ හෝටලයක නාන තටාකයෙහි ගිලීමෙන් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව ඇත. මෙලෙස මිය ගොස් ඇත්තේ වයස අවුරුදු 23ක් වන මාඋස්සාකැලේ, මස්කෙළිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. අදාළ පුද්ගලයා තවත් මිතුරන් කිහිපදෙනෙකු සමග විනෝද වෙමින් එම හෝටලයෙහි නාන තටාකයෙහි දිය නාමින් සිටියදී මෙලෙස දියේ ගිලී ඇති බව මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත. සිද්ධිය සම්බන්ධයෙන් කටාන පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.

විදුලිබල සැපයීම අත්‍යාවශ්‍ය සේවාවන් කරමින් අතිවිශේෂ ගැසට් පත්‍රයක්

විදුලිබල සැපයීම සම්බන්ධ සියලු සේවා අත්‍යාවශ්‍ය සේවාවන් බවට ප්‍රකාශයට පත්කරමින් ජනපති නියමයෙන් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත්කර ඇත. 1979 අංක 61 දරන අත්‍යාවශ්‍ය මහජන සේවා පනතේ 2වන වගන්තිය ප්‍රකාරව ජනාධිපතිවරයාට පැවරී ඇති බලතල අනුව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (21) මේ සඳහා අත්සන් තබා ඇත. සාමාන්‍ය ජනජීවිතය පවත්වාගෙන යාම සඳහා අත්‍යාවශ්‍ය වන බව සහ […]

ජනාධිපති අද අමෙරිකාවට

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (22) දිනයේදී අමෙරිකාව බලා පිටත්ව යාමට නියමිතව තිබේ. එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 80 වන සැසිවාරයට සහභාගිවීම සදහා ජනාධිපතිවරයා අද රාත්‍රී දිවයිනෙන් පිටත්ව යාමට නියමිත බව ජනාධිපති මාධ්‍ය අංශය සදහන් කළේය. ජනාධිපතිවරයා ලබන 24වනදා එරට වේලාවෙන් පස්වරු  3.15ට එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය ඇමතීමට ද නියමිතය.  මෙම සංචාරයේදී ජනාධිපති අනුර කුමාර […]

වැසි සහ සුළං තත්ත්වය තවදුරටත්

දිවයිනේ නිරිතදිග ප්‍රදේශවල දැනට පවතින වැසි සහ සුළං තත්ත්වය තවදුරටත් බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇති විය හැකි අතර වයඹ පළාතේ වැසි ස්වල්පයක් ඇති විය හැකියි. එමෙන්ම ඌව පළාතේත් අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවලත් ප.ව. 2.00න් පමණ පසුව ස්ථාන ස්වල්පයක වැසි […]