ත්‍රීරෝද රථයක් ගිනි ගනී

නාවලපිටියේ සිට හැටන් දක්වා ධාවනය වෙමින් තිබු ත්‍රීරෝද රථයක ගින්නක් හට ගෙන තිබේ. ධාවනය වෙමින් තිබූ ත්‍රීරෝද රථයේ හදිසියේ ඇතිවූ කාර්මික දෝෂයක් රියදුරා විසින් පරික්ෂා කිරීමට යෑමේදි එක්වරම ගින්න හට ගෙන ඇති බව නාවලපිටිය පොලීසිය පැවසුවේය. ගින්න හට ගන්නා අවස්ථාවේ ත්‍රීරෝද රථයේ දෙදෙනෙකු ගමන් කර ඇති අතර ගින්නෙන් කිසිවෙකුටත් අනතුරක් සිදු වී නොමැත. ප්‍රදේශවාසීන් සහ […]
පිටකොටුව, පළමු වන හරස් වීදියේ ගොඩනැගිල්ලක ගින්නක්

පිටකොටුව, පළමු වන හරස් වීදියේ ගොඩනැගිල්ලක අද (20) ගින්නක් හටගෙන තිබේ. අදාළ ගොඩනැගිල්ලේ 3 වන මහලේ ඇති වෙළඳසැලක් මෙසේ ගිනි ගෙන ඇති බව වාර්තා වේ. ගින්න නිවීමේ කටයුතු මේ වන විට ආරම්භ කර ඇති අතර ඒ සඳහා ගිනි නිවන රථ 12ක් යොදවා ඇති බව ගිනි නිවන හමුදාව සඳහන් කළේය.
කෝට්ටේකල්ලාර් ප්‍රදේශයේ නිවසක් තුළ කාන්තාවකගේ මළ සිරුරක් හමුවෙයි

කළුවාංචිකුඩි පොලිස් වසමේ කෝට්ටේකල්ලාර් ප්‍රදේශයේ නිවසක් තුළ කාන්තාවක් මියගොස් ඇති බවට කළුවාංචිකුඩි පොලිස් ස්ථානයට ලද පැමිණිල්ලක් මත විර්මශන ආරම්භ කර තිබේ. මෙලෙස මිය ගොස් ඇත්තේ වයස අවුරුදු 57ක් වූ කෝට්ටේකල්ලාර් ප්‍රදේශයේ පදිංචිකාරියකි. අදාළ කාන්තාව සිය නිවසෙහි තනිව ජිවත්ව සිට ඇති බව මූලික විමර්ශනවලදි අනාවරණය වී ඇත. සිද්ධිය සම්බන්ධයෙන් කළුවාංචිකුඩි පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.
යක්කල ප්‍රදේශයේ රිය අනතුරක්

කොළඹ නුවර මාර්ගයේ යක්කල ප්‍රදේශයේ සිදු වූ රිය අනතුරකින් පුද්ගලයෙකු මියගොස් තිබේ. කොළඹ දෙසට ධාවනය වූ යතුරුපැදියක් කන්ටේනර් රථයක් පසුකර යාමට උත්සාහ කිරීමේදී එහි ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බව පොලීසිය සඳහන් කළේය. අනතුරින් බරපතළ තුවාල ලැබූ යතුරුපැදිකරු ගම්පහ දිස්ත්‍රික් මහ රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මියගොස් ඇත. මෙලෙස මියගොස් ඇත්තේ යක්කල ප්‍රදේශයේ පදිංචිව සිටි 25 […]
අයවැයෙන් සිදුකිරීමට යෝජිත කප්පාදු කිරීම්වලට එරෙහිව ප්‍රංශයේ දැවැන්ත විරෝධතාවක්

අයවැයෙන් සිදුකිරීමට යෝජිත කප්පාදු කිරීම්වලට එරෙහිව ප්‍රංශයේ දැවැන්ත විරෝධතාවක් සංවිධානය කර තිබේ. වෘත්තීය සමිති විසින් සංවිධානය කර ඇති මෙම විරෝධතා සඳහා ගුරුවරුන්, දුම්රිය රියදුරන්, සෞඛ්‍ය කාර්යමණ්ඩල සමාජිකයින් මෙන්ම තරුණ තරුණියන් විශාල පිරිසකගේ ද සහාය හිමිව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. 2023 වසරේ විශ්‍රාම වයස් සීමාව සංශෝධනයට එරෙහිව පැවති විරෝධතාවයෙන් අනතුරුව ප්‍රංශය තුළ මෙවැනි දැවැන්ත […]
සැමියාගේ පහරදීමක් නිසා බිරිඳට තුවාල – පුතා මරුට

ඊයේ (19) රාත්‍රියේ දේවාලේගම පොලිස් වසමේ බටුවත්ත ප්‍රදේශයේදී පුද්ගලයෙකු විසින් ඔහුගේ බිරිඳට හා පුතාට පහරදී පුත්‍රයා ඝාතනය කර තිබේ. බිරිඳ තුවාල ලබා කෑගල්ල රෝහලට ඇතුළත් කර ඇති බවට දේවාලේගම පොලිස් ස්ථානයට ලද තොරතුරක් මත සිද්ධිය පිළිබඳ විමර්ශන ආරම්භ කෙරුණි. මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 35ක් වූ බටුවත්ත, හැලමඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. පවුල් ආරවුලක් හේතුවෙන් පොල්ලකින් […]
සුපිරි 4 වටයේ ශ්‍රී ලංකා – බංග්ලාදේශ තරගය අද

ආසියානු කුසලාන විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ සුපිරි 4 වටයේ තරග ආරම්භ කරමින් ශ්‍රී ලංකා – බංග්ලාදේශ තරගය අද (20) පැවැත්වීමට නියමිතව ඇත. තරගය මෙරට වේලාවෙන් රාත්‍රී 8ට ඩුබායි ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වේ. සුපිරි 4 වටය යටතේ ශ්‍රී ලංකා කණ්ඩායම තරග 3කට ක්‍රීඩාකරනු ලබයි.
අද කාලගුණය තත්වය

අද (20) දිනයේ බස්නාහිර, සබරගමුව, උතුරු සහ වයඹ පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවිය හැකිය. ඒ අනුව ඌව පළාතේත් අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවලත් සවස 1න් පමණ පසුව ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවෙයි. මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලත් උතුරු-මැද සහ වයඹ පළාත්වලත් ත්‍රිකුණාමලය සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් විටින් විට […]