සුපිරි හොලිවුඩ් නළු රොබට් රෙඩ්ෆර්ඩ් අභාවප්‍රාප්ත වෙයි

අමෙරිකානු රංගන ශිල්පී, රොබට් රෙඩ්ෆර්ඩ් අභාවප්‍රාප්ත වී තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ මියයන විට ඔහු 89 හැවිරිදි වියේ පසුවු බවය. රෙඩ්ෆර්ඩ් අද (16) අමෙරිකාවේ, යූටා කඳුකරයේ සන්ඩාන්ස් හි ඔහුගේ නිවසේදී මිය ගිය බව වාර්තා වෙයි. 1980 දී ඔහු Ordinary People චිත්‍රපට සඳහා හොඳම අධ්‍යක්ෂවරයාට හිමි සම්මානය ඇතුළු ඇකඩමි ඔස්කාර් සම්මානය 04ක් දිනා ගෙන ඇත. 2018 […]
ජාත්‍යන්තර මුහුදේදී වෙනිසියුලානු යාත්‍රාවකට අමෙරිකා ප්‍රහාරයක්

අමෙරිකා හමුදා විසින් ජාත්‍යන්තර මුහුදේදී තවත් වෙනිසියුලානු මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරත යාත්‍රාවකට පහරදී තිබෙනවා. අමෙරිකාවෙන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සමාජ මාධ්‍යය ඔස්සේ සටහනක් තබමින් ප්‍රකාශ කළේ මත්ද්‍රව්‍ය ත්‍රස්තවාදීන් ලෙස හදුනාගත් පිරිසකට මෙලෙස පහර දුන් අතර මෙහෙයුමේදී පුද්ගලයින් තිදෙනෙකු මිය ගොස් ඇති බවයි.
පාකිස්තානයේ ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පතට විපක්ෂයෙන් විරෝධතා

පාකිස්තානයේ ජාතික හා මහජන ආරක්ෂාව සැලකිල්ලට ගනිමින් එරට රජය විසින් සංශෝධනය කරනු ලැබූ ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පතට ජනාධිපති අසිෆ් අලි සර්දාර් අත්සන් තැබූ බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. මීට පෙර පැවැති 1997 ත්‍රස්ත විරෝධී පනත යටතේ අවලංගු කළ රෙගුලාසි නැවත බලාත්මක කිරීම සඳහා යෝජිත නව ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පත පසුගිය අගෝස්තු මාසයේදී එරට ජාතික සහාව […]
සංවර්ධන නිලධාරිනියක ගේ මළ සිරුර මහවැලි ගඟේ පාවෙයි

දෙල්තොට ප්‍රදේශයේ පදිංචි සංවර්ධන නිලධාරිනියක ගේ මළ සිරුර පේරාදෙණිය ගැටඹේ පාළම අසළ මහවැලි ගඟේ පාවෙමින් තිබිය දී පොලීසිය අද (16) සොයාගෙන තිබෙනවා. මියගිය සංවර්ධන නිලධාරිනියගේ බවට සැක කරන ගමන් බෑගයක් ඊයේ (15) රාත්‍රියේ පාලම අසළ තිබී සොයා ගත් බව පොලීසිය පවසනවා. අදාළ කාන්තාව අවිවාහක තැනැත්තියක බව ද පොලිස් පරීක්ෂණ මගින් අනාවරණය වී තිබෙනවා. මහනුවර අධිකරණයේ […]
බස් රථයක් සහ ලොරි රථයක් එකිනෙක ගැටෙයි – 15 දෙනෙකුට තුවාල

අද (16) උදෑසන හොරණ – රත්නපුර ප්‍රධාන මාර්ගයේ එපිටවෙල ප්‍රදේශයේ දී පෞද්ගලික බස් රථයක් සහ ලොරි රථයක් එකිනෙක ගැටී සිදුවු අනතුරකින් 15 දෙනෙකු තුවාල ලබා තිබේ. අදාළ බස් රථය පෞද්ගලික ආයතනයක සේවකයින් ප්‍රවාහනය කරනු ලබන බස් රථයක් බවට අනාවරණය වුණි. තුවාලකරුවන් ඉඩංගොඩ සහ රත්නපුර රෝහලට ඇතුළත් කර ඇති අතර, කිරිඇල්ල පොලීසිය අනතුර සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන […]
කොළඹ ප්‍රදේශ කිහිපයකට ජල කප්පාදුවක්

කොළඹ ප්‍රදේශ කිහිපයකට අනිද්දා (18) පැය 09ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසයි. ඒ අනුව පෙ.ව 10.00 සිට ප.ව 07.00 දක්වා කාලය තුළ මෙලෙස ජල සැපයුම අත්හිටුවන බව වාර්තා වේ. අඹතලේ ජල පවිත්‍රාගාරයට ජලය ලබා ගන්නා ප්‍රධාන තුළුමුව පොම්පාගාරයට සැපයෙන විදුලිය අත්හිටු වීමට සිදුවන බැවින් අඹතලේ ජල පවිත්‍රාගාරය මඟින් […]
දහස් සංඛ්‍යාත පිරිසක් අවතැන්වී කරමින් පිලිපීනයේ මැනිලා අගනුවර ගින්නක්

දහස් සංඛ්‍යාත පිරිසක් අවතැන්වී කරමින් පිලිපීනයේ මැනිලා අගනුවර ඇති වූ ගින්නකින් පැල්පත් නිවාස 1,100කට වැඩි සංඛ්‍යාවක් විනාශ වී තිබෙනවා. පැය 10කට ආසන්න කාලයක් සිදුකළ දැවැන්ත මෙහෙයුමකින් අනතුරුව ගින්න නිවාදැමීමට බලධාරීන්ට අද අලුයම හැකිවූ බවයි විදෙස් වාර්තා සඳහන් කළේ. මෙම ගින්නෙන් කිසිදු ජීවිත හානියක් සිදුව නැහැ. පිලිපීනයේ මැනිලා අගනුවර තදාසන්න කලාපයක පිහිටි පැල්පත් නිවාසයි මෙලෙස ගින්නට […]
දක්ෂිණ අධිවේගයේ මාරක රිය අනතුරකින් කන්තාවක් මරුට

දක්ෂිණ අධිවේගී මාර්ගයේ ගැලනිගම සහ කහතුඩුව අතර සිදුවූ අනතුරකින් කාන්තාවක් මියගොස් තවත් 06 දෙනෙකු තුවාල ලබා තිබේ. පොලීසිය සඳහන් කළේ අද (16) අලුයම් කාලයේ ගාල්ල සිට කොළඹ බලා ධාවනය වූ ලොරි රථයක පිටුපසින් පැමිණි වෑන් රථයක් ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බවය. මෙම අනතුරින් තුවාල ලැබූ වෑන් රථයේ රියදුරු, පිරිමි පුද්ගලයෙකු හා කාන්තාවන් දෙදෙනෙකු හෝමාගම රෝහලටත්, ළමුන් […]
අදත් වැසි වාර කිහිපයක්

උතුරු, උතුරු-මැද, නැගෙනහිර, ඌව සහ මධ්‍යම පළාත්වල අද (16) අහස වළාකුලින් බරව පවතිනු ඇති බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ, බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවිය හැකිය. ඌව සහ නැගෙනහිර පළාත්වලත් මුලතිව් දිස්ත්‍රික්කයේත් ප.ව. 1.00න් පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. […]