ඊශ්‍රායලයේ, ජෙරුසලම්හි වෙඩි ප්‍රහාර මාලාවක්

ඊශ්‍රායලයේ, ජෙරුසලම්හි තුවක්කුකරුවන් දෙදෙනෙකු විසින් සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයින් හය දෙනෙකු මියගොස් තිබේ. විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ තවත් පුද්ගලයින් 12 දෙනෙකු තුවාල ලබා ඇති අතර ඔවුන්ගෙන් 06 දෙනෙකුගේ තත්ත්වය බරපතළ බවයි. ජෙරුසෙලම්හි රාමෝද් ප්‍රදේශයේ බස් රථයකට නැගීම සඳහා සිටි පිරිසක් ඉලක්ක කර ගනිමින් තුවක්කුකරුවන් දෙදෙනෙකු විසින් වෙඩි ප්‍රහාර මාලාවක් සිදුකර තිබේ. පසුව ආරක්ෂක අංශ විසින් […]
ඇල්ල – වැල්ලවාය මාර්ගයේ අනතුරුදායක ස්ථාන කිහිපයක් ගැන අනාවරණයක්

ඇල්ල-වැල්ලවාය මාර්ගයේ අනතුරුදායක ස්ථාන 10 කට ආසන්න ප්‍රමාණයක් මාර්ග සංවර්ධන අධිකාරිය (RDA) විසින් හඳුනාගෙන තිබෙනවා. විධායක ඉංජිනේරු එස්.එස්. හෙන්නායක මහතාට අනුව, මෙම අධි අවදානම් ස්ථාන තක්සේරු කිරීම සඳහා විශේෂ අධ්‍යයනයක් ආරම්භ කර ඇති අතර, හදිසි අලුත්වැඩියාවන් අවශ්‍ය ස්ථානවල බිම් කටයුතු දැනටමත් ආරම්භ කර තිබෙනවා. මෙම වැඩසටහන යටතේ මාර්ගයේ කිලෝමීටර් 26 ක කොටසක් වැඩිදියුණු කරන බවයි […]
හිටපු රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර යළි රිමාන්ඩ්

හිටපු රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර මහතා සැප්තැම්බර් 22 වෙනිදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ. ඒ කිරිබත්ගොඩ ප්‍රදේශයේ රජයට අයත් ඉඩමකට ව්‍යාජ ඔප්පු සකස් කර විකිණීමක් සම්බන්ධව පැවැත්වෙන නඩුව විභාගයට ගත් අවස්ථාවේදීය. ඔහුව අද (08) මහර මහෙස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙම නියෝගය ලබා දී ඇත.
මාරාන්තික මෝර ප්‍රහාරයකින් පුද්ගලයෙකු මිය යාමෙන් පසු වෙරළ තීර කිහිපයක් වසාදැමේ

මාරාන්තික මෝර ප්‍රහාරයකින් පුද්ගලයෙකු මිය යාමෙන් පසු සිඩ්නි වෙරළ තීර කිහිපයක් වසා දමා තිබෙනවා. සිඩ්නි නගරයේ Long Reef Beach වෙරළ තීරයේදී surfing කරමින් සිටියදී සිදු වූ මෝර ප්‍රහාරයකින් 57 හැවිරිදි පුද්ගලයෙකු ඊයේ ජීවිතක්ෂයට පත්වුණා. එම වෙරළ තීරය මේ වනවිටත් net එකකින් ආරක්ෂා කර ඇති අතර net එක තුළට මෝරෙකු ඇතුළු වූයේ කෙසේදැයි පරීක්ෂණ පවත්වන බවයි […]
වෛද්‍ය පාලිත රාජපක්ෂ විනය පරීක්ෂණයකට රාජ්‍ය සේවා කොමිසමට

විනය පරීක්ෂණයක් සඳහා රාජ්‍ය සේවා කොමිෂන් සභාව වෙත බදුල්ල ශික්ෂණ රෝහලේ වෛද්‍ය පාලිත රාජපක්ෂ මහතාව කැඳවා තිබේ. ඒ පසුගිය කාලයේ ඇතිවූ ඖෂධ හිඟය සම්බන්ධයෙන් ප්‍රකාශයක් සිදුකිරීමක් සම්බන්ධයෙනි. පසුගියදා ඇල්ල – වැල්ලවාය ප්‍රධාන මාර්ගයේ සිදු වූ මාරක රිය අනතුර සිදුවූ අවස්ථාවේදී ජීවිත අවධානමද නොතකා ඉමහත් කැපවීමකින් වෛද්‍ය පාලිත රාජපක්ෂ මහතා අනතුරට පත්වූවන්ගේ ජීවිත බේරා ගැනීමට කටයුතු කළේය.
වැල්ලවාය තණමල්විල ප්‍රධාන මාර්ගයේ අනතුරක්

වැල්ලවාය තණමල්විල ප්‍රධාන මාර්ගයේ යාලබෝව ලංගම ඩීපෝව ඉදිරිපිට ප්‍රදේශයේ දී ලොරි රථයක් සහ මෝටර් රථයක් එකිනෙක ගැටීමෙන් අද (08) අනතුරක් සිදුව තිබේ. අනතුරින් මෝටර් රථයේ ගමන්ගත් දෙදෙනෙකු තුවාල ලබා වැල්ලවාය මූලික රෝහලට ඇතුළත් කර ඇත. ලොරි රථය මාර්ගය හරහා පෙරළී ගොස් ඇති අතර ඒ හේතුවෙන් මාර්ගයේ ගමනාගමන කටයුතුවලට ද බාධා එල්ල වී ඇති බව පොලීසිය […]
අද සිට රථ වාහන නීතිය දැඩිවේ

අද (08) දිනයේ සිට රථ වාහන නීතිය දැඩිව ක්‍රියාත්මක කරන බව ප්‍රවාහන අමාත්‍යංශය පවසයි. ඒ සදහා පොලිස් නිලධාරීන් වාහන පරීක්ෂා කිරීමේ කටයුතු සදහා දිවයින පුරා යොදවන බව ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍ය ප්‍රසන්න ගුණසේන මහතා පෙන්වා දෙන්නේ ය. මෙහිදි ධාවනයට නුසුදුසු තත්ත්වයේ පවතින වාහන, වර්ණ වෙනස් කිරීම් සිදුකර ඇති වාහන පරීක්ෂා කිරීමට නියමිතව ඇත. ඊට අමතරව නීති […]
ග්‍රෑන්ඩ්පාස් වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැක දෙදෙනෙකු අත්අඩංගුවට

පසුගිය 05 වැනිදා ග්‍රෑන්ඩ්පාස් පොලිස් වසමේ මහවත්ත ඔර්ලෝසු කණුව අසලදී යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් පුද්ගලයෙකුට වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් පුද්ගලයින් දෙදෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. කොළඹ උතුර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය මගින් සිදුකළ විමර්ශනයක් මත අදාළ සැකකරුවන් දෙදෙනා මෙම අපරාධය සඳහා ආධාර අනුබල දීමේ චෝදනාව මත ඊයේ (07) පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන […]
ප්‍රදේශ දෙකකින් පාවෙමින් තිබු මළසිරුරු දෙකක්

කුඹුක්ගැටේ පොලිස් වසමේ හෙට්ටිගම ප්‍රදේශයේ කිඹුල්වාන ඔය මණ්ඩලපල පාලම ආසන්නයේ පාවෙමින් තිබියදී පුද්ගල මළ සිරුරක් සොයා ගෙන තිබේ. මෙලෙස මියගොස් ඇත්තේ හෙට්ටිගම,කුඹුක්ගැටේ ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 80ක් වූ පුද්ගලයෙකි. . මෙම මරණය දියේ ගිලීමෙන් සිදු වූවාද නැතහොත් වෙනත් සැකකටයුතු මරණයක්ද යන්න සම්බන්ධයෙන් කුඹුක්ගැටේ පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරයි. එමෙන්ම පල්ලේකැලේ පොලිස් වසමේ එළිමහන් සිර කඳවුර […]
ප්‍රදේශ කිහිපයකට තද වැසි

උතුරු, උතුරු මැද, නැගෙනහිර, මධ්‍යම, සබරගමුව සහ ඌව පළාත්වලත් කුරුණෑගල සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් ප.ව. 1.00න් පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. ඇතැම් ස්ථානවල මි.මී. 75ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැකියි. බස්නාහිර පළාතෙත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් උදෑසන කාලයේදී වැසි ස්වල්පයක් ඇති විය හැකි බවයි […]